අතීත දේශ ගුණයන් යලි ඇති කිරීම

විකිපීඩියා වෙතින්

අතීත දේශගුණයන් යලි ඇති කිරීම සඳහා පුරා දේශගුණික විද්‍යාඥයන් විසින් අතීත දේශගුණය අපෝහණයට විවිධාකාර තාක්ෂණික විධි යොදා ගනී.


අයිස්[සංස්කරණය]

ගැලැසියර කඳු සහ දැව, අයිස් වැස්ම / අයිස් තැටි පුරා දේශගුණික විද්‍යාවේදී පුළුල්ව යොදා ගැනෙන ප්‍රභවයකි. මෑත කාලීන අයිස් හර ව්‍යාපෘතීන් ග්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ අයිස් වැස්ම සම්බන්ධයෙන් සිදු කෙරුණු අතර Epica ව්‍යාපෘතියේදී වසර ලක්ෂ ගණන් එනම් වසර 800000 කටත් වඩා ඔබ්බෙහි තොරතුරු ලබා ගන්නා ලදී.

  • ස්ථර ඇතුළත විද්‍යාඥයින් පරාග සොයා ගන්නා ලදී. පරාග ගණනය කිරීම මගින් ඔවුන්ට එම වර්ෂයේ මුළු ශාක වැවීම ඇස්තමේන්තු කළ හැකි විය. ස්ථරයේ ඝනකම වාර්ෂික වර්ෂාපතනය නිර්ණය කිරීමට උදව් වේ. ඇතැම් ස්ථර ගිනි කඳු පිපිරීම්වලින් ඇති වූ අළු සහිත විය.
  • වැටෙන හිම තුළවූ වාතය වසර ගණනාවක් තුළදී වැටුණු හිමවල බර හේතුවෙන් හිම අයිස් බවට සම්පීඩනයේදී කුඩා බුබුළුවල කොපුලා තිබේ. එම කොපුලන ලද වාතය අතිශයින්ම අගනා ප්‍රභවයක් ලෙස ක්‍රියා කරමින් අයිස් ඇති වුණු කාලයේදී වාතයේ සංඝටනාව සෘජුව නිර්ණය කිරීමට උපකාරී වී ඇත.
  • උණුසුම් හා ශීත කාලවලදී මදක් බරින් වැඩි සමස්ථානික සහිත හයිඩ්‍රජන් හා ඔක්සිජන්වලින් තැණුනු ජලය වාෂ්පීකරණ ශීඝ්‍රතා හේතුවෙන් මදක් වෙනස් වේ. සාගර මතුපිට මධ්‍යන්‍ය උෂ්ණත්වයේ වෙනස් වීම් මෙම සමස්ථානිකයන්ගේ අනුපාතවල වෙනස්කම් අනුව ප්‍රතිබිම්භනය වී ඇත. මෙම සමස්ථානික අනුපාතවල විවිධ චක්‍රයන් සොයා ගෙන ඇත.

ශාඛීය දේශගුණ විද්‍යාව[සංස්කරණය]

මෙම විද්‍යාව උපකාරි කරගෙන ශාක වළලු තුළින් දේශගුණික තොරතුරු ලබාගනී. පවතින සජීවී ශාක වළලු අතර බොහෝ වයස් ගත ඒවා ශත වර්ෂ කිහිපයක සිට සහස්‍ර කිහිපයක් දක්වා තොරතුරු ලබාදේ. පැරණි නොයිඳුල් දැව හායනය නොවී පවතින විට සජීවී ශාක වලින් දන්නා වයස්වල වළලු සමග ගැලපෙන රටාවන් හඳුනා ගැනීමෙන් අදාල කාල වකවානු නිර්ණය කළ හැකිය. ඝනීභූත වූ ශාක වළලු පුරා දේශගුණික විද්‍යාවට වැඩි කාල පරාසයක තොරතුරු ලබාදේ. විකිරණශීලී කාලය නිර්ණය මගින් කාල නිර්ණය කරන ලද පොසිල පුළුල් වැරදි සීමාවක් තුළදී සිදු කොට ඇත. ශාක වළලු මගින්ම එම වකවානුව තුළදී උෂ්ණත්වය හා වර්ෂාපතනය සම්බන්ධයෙන් තොරතුරු සමහරක් ලබාදේ. දිගුකාල වකවානු සම්බන්ධව භූ විද්‍යාඥයන් දත්ත සඳහා අවසාධිත වාර්තා සොය බැලිය යුතුය.


අවසාධිත අන්තර්ගතය

  • පාෂාණවලින් ශීලා භවනය වූ අවසාධන නොනැසී පවත්නා ශාක වැස්මක සතුන්ගේ, ප්‍රවාංගවල හෝ පරාගවල අවශේෂ දැරිය හැකිය. ඒවා ඇතැම් දේශගුණික කලාපයන්ට ලාක්ෂණික විය හැකිය.
  • සකස් වූ උෂ්ණත්වය පිළිබඳව තොරතුරු ලබා දීමට ඇල්කිනෝන වැනි ජෛව සළකුණු අණු උපකාරී වේ.
  • හොරනිමි ෆේරා පරීක්ෂණවලදී කැල්සයිට්වල මැග්නීසියම් හා MgCa අනුපාතය රසායනික සලකුණු ලෙස අතීත උෂ්ණත්වය යලි ඇති කිරීමේදී යොදා ගත හැකිය. සමස්ථානික අනුපාතයන් වැඩිදුර තොරතුරු සැපයීමට හැකිය. විශේෂයෙන්ම dO18 වාර්තා අයිස් පරිමාවේ හා උෂ්ණත්වයේ වෙනස්වීම්වලට වගකියයි. වැටලීමට අපහසු සාධක පරාසයක් ප්‍රතිබිම්භනයට C13 වාර්තා සමත්වෙයි. දිගුකාල පරිමාණයක් සඳහා මුහුදු මට්ටම් වැඩි වීම හා පහත බැසීම පිළිබඳ ලක්ෂණ පාෂාණ වාර්තාවලද දැක්විය හැකිය. මීට අමතරව පොසිල භූත වූ වැලි වැනි ලක්ෂණ හඳුනාගත හැකිය.

අවසාධිත ද්‍රව්‍යවලින් ප්‍රකාශ කරන දේශගුණික තත්ත්ව[සංස්කරණය]

දිගු කාල පරිමාණයක් සඳහා මුහුදු මට්ටම් වැඩිවීම හා පහත වැටීම පිළිබඳ ලක්ෂණ පාෂාණ වාර්තාවලට දැක්විය හැකිය. මීට අමතරව පොසිල වූ වැලි වැටි වැනි ලක්ෂණ හඳුනාගත නොහැක. විද්‍යාඥයන්ට දිගු කාලීන දේශගුණය ග්‍රහණය කරගත හැක්කේ වසර බිලියන ගණනක් ඈතට ඇදීයන අවසාධිත පාෂාණ අධ්‍යයනයෙනි. දත්තයන්ගේ ප්‍රධාන වෙස්වීම්, සීමා නීර්ණය කෙරෙන අවසාධිත පාෂාණවල දෘෂ්‍ය වෙනස්වීම් මත පෘථිවි ඉතිහාසය සීමිත කාලවලට බෙදීම පදනම් වී ඇත. බොහෝවිට මේවාට දේශගුණයේ ප්‍රධාන මාරුවීම්ද අන්තර්ගත වේ.


කොරල් වළලු[සංස්කරණය]

කොරල් වළලු ශාක වළලුවලට සමාන වේ. මේවා අධ්‍යයනයෙන් නිතර වෙනස්වන ද්‍රව්‍ය පිළිබඳ විස්තර කිව හැකිය. උදාහරණ වන්නේ ජලයේ උෂ්ණත්වය හා හැසිරීම් ආදියයි. පසුගිය ශතවර්ශ කිහිපය දක්වා මුහුදු මතුපිට උෂ්ණත්වය හා ජලයේ ලවණතාව අධ්‍යයනයට ඇතැම් උපකරණ යොදා ගෙන මෙය ප්‍රභවයක් කොට ගෙන ඇත.


සටහන්[සංස්කරණය]

Reconstructing_ancient_climates