අතීත උත්සාහයන්

විකිපීඩියා වෙතින්

අතීත උත්සාහයන්


1962 දී දියත් කෙරුණු මැරීනර් - 2

1961 පෙබරවාරි 12 ආරම්භ වුණු Venera – 1 ඒෂණීය දියත් කිරීමත් සමග සිකුරුට මෙන්ම ඕනෑම ග්රහලොවකට දියත් කෙරුනු පළමු රොබෝ අභ්යවකාශ මෙහෙයුම ආරම්භ විය. මේ හැරුණු කොට ඉතා සාර්ථක වු වේනිරා වැඩ සටහනේ පළමු අභ්යවකාශ යානය මෙයයි. Venera – 1 සෘජු ගැටුම් පරාචක්රයක දියත් කෙරුණත් මෙහෙයුම් දින 7 ක් ඇතුළත පෘතුවියට කිලෝමීටර් මිලියන 2 ක දුරකදී සම්බන්ධතා ඇන හිටිනි. මධ්යන්යයේදී සිකුරුට 100000 km ක් පමණ ආසන්න වන තුරු ගමන් කරන්නට ඇතැයි සැලකෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද සිකුරු ගවේෂණ Meriner – 1 ඒෂණීය දියත් කිරීමත් සමග අසාර්ථකව ආරම්භ කෙරුණි. 1962 දෙසැම්බර් 14 දින දින 109 ක කාක්ෂික සම්ප්රේෂණයකට පසුව ඊළඟ මැරීනර් 2 මෙහෙයුම අතිශ්ය සාර්ථක විය. ඒ ලොව පළමු සාර්ථක අන්තර් ග්රහලෝක මෙහෙයුම බවට පත්විය. සිකුරු මතුපිට 34833 km දුරක් ඉහළින් පියාසර කරන්නට ඇතැයි සැලකේ. එහි ශුද්ධ තරංඟ හා අධෝරක්ත රේඩියෝමාපක හෙලිකළ අන්දමට සිකුරුගේ වළාකුළු මුදුන් සිසිල් වුවත් අවම වශයෙන් 4250C වත් උෂ්ණත්වයක් මතුපිට පවතියි. ඒ අනුව භූමි පාදක ජීවයකට ග්රහලෝකය වාසස්ථාන සපයනු ඇතැයි පැවති බලාපොරොත්තු බොද විය. සිකුරු ස්කන්ධය හා ගගනගාමී ඒකක පිළිබද වැඩි දියුණු දත්ත Meriner – 2 ලබාගත්ත ද විකිරණ වළලු හෝ චුම්භක ක්ෂේත්රයක් සොයා ගැනීමට අපොහොසත් විය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Venus#Early_efforts

"https://si.wikipedia.org/w/index.php?title=අතීත_උත්සාහයන්&oldid=470236" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි