අත්‍යුත්තර සංඛ්‍යාව
Jump to navigation
Jump to search
ගණිතයේ දී අත්‍යුත්තර සංඛ්‍යාවක් යනු වීජීය නොවන, එනම් පරිමේය සංගුණකවලින් යුත් ශුන්‍ය නොවන බහු පද සමීකරණයක විසඳුමක් නොවන, අපරිමේය සංඛ්‍යාවකි. අත්‍යුත්තර සංඛ්‍යාවකට වඩාත්ම ගැලපෙන උදාහරණ වන්නේ π සහ e ය. අප විසින් හඳුනන්නේ අත්‍යුත්තර සංඛ්‍යා කාණ්ඩ සුළු සංඛ්‍යාවකි. එමඟින් පෙනෙන්නේ දී ඇති සංඛ්‍යාවක් අත්‍යුත්තර බව පෙන්වීම අතිශයින් අපහසු කාර්යයක් බවයි. කෙසේ නමුත් අත්‍යුත්තර සංඛ්‍යා දුලබ නොවේ. තාත්වික හා සංකීර්ණ සංඛ්‍යා සියල්ලම පාහේ අත්‍යුත්තර වේ. එනිසා වීජීය සංඛ්‍යා ගැණිය හැකි නමුත් තාත්වික හා සංකීර්ණ සංඛ්‍යා කුලක ගැණිය නොහැකිය.