අත්තම් ක්‍රමය

විකිපීඩියා වෙතින්



ශ්‍රමයට ශ්‍රමය හුවමාරු කරගැනීම අත්තම් ක්‍රමය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. අපේ රටේ ජීවත් වුණු බොහෝ පිරිසකගේ ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය වුවත් ඒ සඳහා යොදා ගත්තේ පවුලේ ශ්‍රමයයි. එහෙත් ගොයම් කැපීම වැනි කටයුතු සඳහා විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය විය. මේ සඳහා ගොවීන් අසල්වාසීන් තම කටයුතුවලට සම්බන්ධව කරගත් අතර මේ නිසා එකිනෙකා අතර සුහදශීලී බව සහයෝගය සහ උපකාර කිරීම වැනි ගුණාංග වර්ධනය විය. තමන්ට කළ උපකාරයට ප්‍රති උපකාර කිරීමක් ලෙස ගොවියා අනිත් අයගේ කටයුතු සඳහා ඒ හා සමානවම ශ්‍රමයෙන් දායක වීමේ ක්‍රමය අතීත සමාජයේ පැවතුණි. මෙය අත්තම් ක්‍රමය ලෙස හැඳින්විණි. සාමාන්‍ය ජනතාව පමණක් නොව අතීත රජවරුන් ද ගොවිතැන් කටයුතුවලට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කතා පුවත් මූලාශ්‍රවල සඳහන් වේ. අනුරාධපුර රාජධානි අවධියේ රජකළ මහාචූලි මහා තිස්ස රජතුමා ශ්‍රමිකයෙකු ලෙස වෙස් වලාගෙන කුඹුරක අස්වනු නෙලීමට සහභාගිවීමේ කතා පුවතක් පිළිබඳව සඳහන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අත්තම්_ක්‍රමය&oldid=493178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි