අතපොත් තැබීම
දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි, අතපොත් තැබීම. දරුවාට වයස අවුරුදු තුනක් පමණ වනවිට සුභ දිනයක, සුභ වෙලාවක “ අතපොත්” තැබීම සිදුකරයි. මෙහිදී සුභ වෙලාවේදී සුභ දිශාවට දරුවාගේ මුහුණ හරවා “ස්වස්ති සිද්ධම්” යැයි කියා දරුවාට අකුරක් දෙකක් ඉලක්කමක් දෙකක් ද කියවා ගල් ලෑල්ලක අකුරක් ලියවීම ද සිදුකෙරේ. වර්තමානයේදී ගල් ගෑල්ලක් සොයාගත නොහැකි නිසා බොහෝවිට භාවිතා කරන්නේ අභ්යාස පොතයි. එහි කිසිදු වැරුද්දක් නැත.
මෙය බොහෝ විට ස්වාමීන්වහන්සේ නමක් ලවා කක්කා දමයි. අතර නියමිත දිනයේදී කිරි බතක් පිළිෙයලකොට ගෙන පන්සලට ගොස් තුනුරුවන් වැඳ කිරිබතෙහි පළමු කොටස බුදුරදුන්ටත් දෙවනුව සංඝ රත්නයටත් පූජාකර දෙවියන්ට පින් දී සෙත් පිරිත් දේශනාව මධ්යයේ අතපොත් තැබීම සිදු කෙරේ. උගත් ගිහියන් ලවා ද මෙය සිදු කරවන අවස්ථා ද පවතී. අකුරු කියවන ස්ථානයේ පහනක් දැල්වීම ද සාමාන්ය සිරිතයි. අකුරු කියවීමෙන් පසුව දරුවාලවා අකුරු කියවූ හිමි නමට හෝ උගත් පුද්ගලයාට බුලත් හුරුල්ලක් දී වන්දනා කරවනු ලබයි. උගත් අයෙකු ලවා අතපොත් තැබූ විට ඔහුට හෝ ඇයට කිරිබත් වලින් සංග්රහකොට දරුවාට ද කිරිබත් කෑල්ලක් කවයි.
පාසල් යන වයස සම්පූර්ණ වූ විට පාසලට යන දිනයේ උදෑසන තෙරුවන් වන්දවා පසුව දෙමාපියන්ට ද වන්දවා පාසලට කැන්දවාගෙන යනු ලබයි. එහිදී පාසලේ විදුහල්පතිතුමාට ද බුලත් හුරුල්ලක් පිළිගන්වා දරුවා ලවා වන්දවනු ලබයි.