අණුවල - ක්‍රමාණුකූලබව Tacticity

විකිපීඩියා වෙතින්

Tacticity මෙය ග්‍රීක භාෂෘවේ එන 'Taktikos' යනවචනයෙන් බිදී ඇතිවුවක් වන අතර එහි තේරුම සැකසීමට සම්බන්ධ හෝ ක්‍රමානුකූල සැකසීම යන්නයි. විශාල අනුවල සාපේක්ෂ ත්‍රිමාන රසායනික ව්‍යුහ හා ඒවාට යාබදව ඇති අණුවල නිශ්චිත සැකසීම ද මෙයට අනුකූල වේ.

Tacticity වල ප්‍රායෝගික විශේෂත්වය වනුයේ එය බහු අවයවීයක භෞතික ලක්ෂණ හා සම්බන්ධව පැවතීමය. විශාල අණුවල ව්‍යුහයේ නියත බව රදාපැවීමට එහි දෘඩබවේ ප්‍රභලත්වය, ස්ථඨීකයේ දීර්‍ඝ පරාසය හෝ නම්‍යතාවය හේතුවේ. Tacticity පිළිබද නිවැරදි දැනුම තුලින් කුමන උෂ්ණත්වයේ දී බහු අවයවික ද්‍රව වේද එය කෙසේ කුමන ද්‍රාවකයේ දිය‍වේ ද හා එහි යාන්ත්‍රික ලක්ෂණ පිලිබද තේරුම් ගත හැක.

IUPAC නාමකරනයට අනුව ක්‍රමවත් ව සකස් වූ විශාල අනුවක සැදුම් එක්ක නිශ්චිතයි. වයිනයිල් බහුඅවයවික (CH2 – CH – R කාන්ඩ සහිත) සාපේක්ෂ සැකසුම් (Tacticity ) විශේෂිත අතර එහි ආදේශික R කාණ්ඩය ප්‍රධාන බහු අවයවීකයේ කොදු නාරටියට සම්බන්ධ වූ පැත්තේ ඊට යාබද ඒකකයේ ද එම දිශාවේම සම්බන්ධ වේ. මෙලෙස ආදේශික අනු එකිනෙකට සම්බන්ධ විමේ දී ඊට ‍යාබ ද ආදේශික අනුවේ දිශාතනියම ගති, හයිඩොකාබනික (-C-H-) විශාල අනුවල සියලුම C පරමානු අනුවේ. ප්‍රධාන කොදු නාරටිය සාදන අතර එය චතුස්තලීය අනුක ජ්‍යාමිතික හැඩය ගනී. සිග්සැග් (Zig zag) ආකාර අනු කොදුනාරටිය කඩදාසි තලයේම පවතින අතර ආදේශක කාණ්ඩ එම පත්‍ර තලයේ ඇති ව්‍යුහයට ඇලි පවති. මෙම සකස් වීම Natta Prokection (නෑටා ප්‍රක්ෂේපණය) ලෙස සැලකේ. Mono tactic විශාල අනුවලට එක Stereo isomeric පරමානුවක් බැගින් නැවත නැවත සකස්වන ඒකක වල පවතී. එසේම ඒකක 2 සි‍ට ඒකක 'n' ගනනක් සහි අනුවල Stereo isomeric පරමානු එකකට වඩා පවති.