අණුක නිර්මාණකරණය

විකිපීඩියා වෙතින්

අණුක නිර්මාණය යනු අණු නිපදවීමයි. එහිදී ඉතා කුඩා පරිමාණයන්ගෙන් එකලට ඉතාමත් උචිත ආදර්ශ සකසන සාමාන්‍යයෙන් ස්වාභාවිකව දක්නට නොමැති ඉතාමත් පටු පරාසයන් තුළ පවත්නා තත්වයන්ට ඔරොත්තු දෙන ස්ථිර නව අණුක නිර්මාණ විය හැකිය.

මෙය අද ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ සඳහා අතින්ම ක්‍රියා කරවන ඉතා සූක්ෂම අන්වීක්ෂයක් (ස්කෑනින් ටනලින්) භාවිතා කළ යුතු වේ. අවස්ථානුකූලව ඔවුන් අතරින්ම අනු පිටපත් සෑදීමට අනුකාරක අණු නිර්මාණය වේ යැයි බලාපොරොත්තු වේ. මෙම ක්ෂේත්‍රයේ දී රසායනික නිර්මාණකරණයේ වඩාත්ම නිරවද්‍ය ආකාරයක් දැකිය හැකි අතර ප්‍රෝටීන නිර්මාණකරණයද එයට අඩංගු වේ. එනම් ජිව රසායන විද්‍යාවේ දී ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියේ දී ප්‍රෝටීන නිර්මාණය කිරීම වේ.

ප්‍රවේනික ලක්ෂණ පෙන්නුම් කරන ජාන නවීකරණයේ දීටත් වඩා පාලනයක් ඉන් ලබා දෙන අතර එය ජීව රසායන විද්‍යාවේ පෙන්නුම් කරන ආකාරය කෙරෙහි තදින්ම විශ්වාස තැබිය යුතු අතර ජාන, ප්‍රෝටීන නිෂ්පාදනයට ඉතා සුළු බලයක් ඇත.

අණුක නිර්මාණකරණය ඖෂධවේදී පර්යේෂණයන්හි දී සහ ද්‍රව්‍යමය විද්‍යාවේ දී වැදගත් කොටසක් ගනී.

1990 ගණන්වලදී ඉතාම සූක්ෂ්ම සහ පිකෝ තත්පරයට ලේසර් වන නව කාබන් නැනෝ ටියුබ්වල යෙදවීම් යනාදියේ පහළවීම් (සොයා ගැනීම්) ඉතා විශාල වශයෙන් මෙම පළපුරුදු අණුක නිපදවීමට පොළඹවන අතර එය 2000 දශකයේ දී පමණ වාණිජමය යාථාර්තයක් බවට පෙරමුණ ගැනේ.

එය තවත් දියුණු වීමෙන් එය කාර්මික නිර්මාණ තරඟයට ද එක්වන බවක් දක්නට ලැබේ. එමෙන්ම ඒවා නිතරම එක සමාන කුඩා යන්ත්‍ර ලෙසට දක්වනු ලැබේ. අණුකයේ කාර්මික සංස්ලේෂණයේ මූලික සිද්ධාන්ත ඊට සමාන්තර ක්‍රියා වන එක් රසායනික සංශ්ලේෂණය සහ ප්‍රභාසංස්ලේෂණය (ජීවීන් විසින්ම සිදු කරන ක්‍රියාවලි 2) සහ එහි මූලික සිද්ධාන්තය ගත් කළ එය මෙම ක්ෂේත්‍රයේ අවසාන ඉලක්කයයි. මෙය අණුක එක්රැස් කරන්නෙකුට මඟ පෙන්වයි. එය කේ. එරික් ඩෙක්ස්ලර්, රැල්ෆ් ම’කල් සහ රොබට් ෆ්‍රෙයිටස් වැනි සමහර අයට අනුව kg පරිමාණ නැනෝ කම්හලක උපාංග එක් රැස් කරන්නන් විශාල සංඛ්‍යාවක් කරන කාර්යය කිරීමට ඊට හැකියාවක් ඇත.

අණුක නිර්මාණකරණය සමහර විටක නැනෝ තාක්ෂණය නම් හඳුන්වයි. නැනෝ මීටර පරිමාණයට යොමු වීමේ දී එහි මූලික ක්‍රියාවලියේ මෙහෙයවීමක් කළ යුතුය.

මෙම පදය අනුමාන ලෙස ගැනෙන අතර කෙසේ වෙතත් මෙම අවිනිෂ්චිත පදය අනෙකුත් තාක්ෂණයන් සමඟ එකතු වීමේ දී හෝ හවුල් වීමේ දී X කිරණ සමතල මුද්‍රණය වැනි තම නිදහසේ පාවෙන අයන හෝ අණු නිර්මාණයට භාවිතා නොකෙරේ.

අණුක නිර්මාණකරණයේ අනාගත අභිවෘද්ධිය විශාල වාසි රැසක් මෙන්ම වගකීම් රැසක් ද දරණ බවට පෙර නිමිති පහළ කරයි. මේ තාක්ෂණ පිළිබඳ වඩාත් විපරම් සහිත දැකීමක් සඳහා වැඩිදුරට සාකච්ඡාවක් සඳහා නැනෝ තාක්ෂණවේදය ලිපිය බලන්න. මේ සම්බන්ධව වඩාත් විදහා දැක්වෙන්නේ අණුක එක් රැස් කරන්නා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අණුක_නිර්මාණකරණය&oldid=354755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි