අඩුලුහුඩුකම

විකිපීඩියා වෙතින්
පුරාණ නගරයක පැවති කුළුණක ඇති "අඩුලුහුඩුකම්" 

අඩුලුහුඩුකම් යනු නීතිමය හෝ ආරක්ෂක වැනි, පද්ධතීන් තුල පවතින අවුල් සහගත හෝ නොසෑහෙන බවක් වන අතර එය වංචා කිරීමට හෝ ව්‍යංගාත්මකව හෝ ඍජුව සඳහන් කරන ලද අභිප්‍රායක් මගහරවා ගැනීම සඳහා භාවිතා කල හැක. බදු, මැතිවරණ, දේශපාලන, අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් ඇතුලු විවිධ තත්වයන් තුලදී, හා ආරක්ෂක උල්ලංඝනයකදී ඒක පුද්ගල සිවිල් නිදහසට ප්‍රතිචාරයක් ලෙස අඩුලුහුඩුකම් නිරීක්ෂණය කර උපක්‍රමිකව භාවිත කරයි. 

අඩුලුහුඩුකම් හා lacunae (අපැහැදිලි ) යන වචන දෙක බොහෝ විට පොදුවේ භාවිතා වුවත් , එකිනෙකට වෙනස් වේ. යම් කිසි අර්බුදයක් ඇමතීමට නීතියක් පැවතුනද , එය නීතිගත කිරීමේදී උද්ගත වූ කාර්මික දෝෂයක් හේතුකොට ගෙන නීතිය නීත්‍යයානුකූලව අඩුලුහුඩුකමක් යොදාගෙන මග හැරිය හැක. අනෙක් අතට lacuna යනු, මුල් අවස්ථාවේදී යම් අර්බුදයක් ආමන්ත්‍රණය කල හැකි නීතියක් නොමැති අවස්ථාවකි.

ඓතිහාසිකව, ඊතල හිඩැස යනු , පටු සිරස් කැපුමක් වන අතර මාලිගාවේ ආරක්ෂකයන් එම ස්ථානයේ සිට මුවාවී ඊතල දියත් කල අතර, එය "අඩුලුහුඩුකම් " ලෙස සදහන් කරන ලදී. 

විනිවිද යා හැකි ලෙස නොපෙනෙන හෝ නොහැඟෙන බලකොටුවේ ඇති ඉතා කුඩා ඊතල හිඩැසක් තුලින් ඊතලයක් විද නැවත පහර ලැබීමකින් තොරව, ප්‍රතිවාදියෙක් බිම හෙලා ජය ලබා ගැනීම අවේධ්ය වාසිදායක ආරක්ෂක පියවරක් වන අතර , එලෙසම නීතියක පවත්නා අඩුලුහුඩුකමක් නිතරම තාක්ෂණික බිඳ දැමීමකින් තොරව එහි පරම අභිප්‍රාය මගහරවා වාසිදායක ලෙස භාවිත කළ හැක.

උදාහරණ [සංස්කරණය]

  • 2005 වසරේදී නීතිය මඟින් සිල්ලර වෙළඳසල් වල ප්‍රමාණය වර්ග අඩි 75000 කට පමණක් සීමා කල කල්හි වෝල්-මාට් නීතිය පැහැර හැරෙන පරිදි මේරිලන්ඩ්හි කල්වර්ට් කෞන්ටි හිදී වෙන වෙනම කුඩා එකහා සමාන වෙළඳසල් දෙකක් සෑදීමට සැලසුම් කරන ලදී. පසුව මෙම ආන්දෝලනාත්මක සැලැස්ම ඉවත් වුවද, එම සැලැස්ම නීතිමය අඩුලුහුඩුකමක් විදහා දැක්විය.
ෆෝඩ් ට්‍රාන්සිට් කනෙක්ට්
  • එක්සත් ජනපද-බැඳී අභ්‍යන්තර කොටස් මගින් චිකන් බද්ද (Chicken Tax) හේතුකොටගෙන ආනයනය කරන ලද සැහැල්ලු ට්‍රක් රථ සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බැවින් ෆෝඩ් ට්‍රාන්සිට් කනෙක්ට් (Ford Transit Connect) නම් වාහන ආනයනය වහාම අහෝසි කරන ලදී. එමනිසා ෆෝඩ් විසින් පසුපස ජනෙල්, පසුපස ආසන හා පසුපස ආසන පටි සහිත ට්‍රාන්සිට් කනෙක්ට් රථ “මගී ප්‍රවාහන වාහන” ලෙස ගෙන්වන ලද අතර මෙම වාහන තුර්කියේ සිට බැල්ටිමෝර් වෙත ගෙන්වනු ලබූ අතර ඒවායේ පැති කණ්ණාඩි වලට ලෝහ පුවරු ආදේශ කිරීමෙන්ද පසුපස ආසන ඉවත් කිරීමෙන්ද ඒවා සැහැල්ලු රථ බවට පරිවර්තනය කරන ලදී. මෙම ක්‍රියාවලිය වාණිජ වාහන නිර්වචනය කිරීමට ඇති සාම්ප්‍රාදායික ක්‍රම වල ඇති අඩුපාඩු විදහා දක්වයි. නෞභාරය සඳහා ආසන පටි හා පැති කණ්ණාඩි සහිත ආසන අවශ්‍ය නොවන අතර හුදෙක්ම රථයන්, සැහැල්ලු රථ මෙන් අර්ථදැක්වීමට එම කොටස් පෙන්වීමම පමණක් ප්‍රමාණවත් විය.මෙම පරිවර්තන ක්‍රියාවලිය සඳහා ෆෝඩ් හට එක් වෑන් රථයකට ඩොලර් සියයක් පමණ වියදම් කිරීමට සිදු වුවද , බදු සඳහා ගෙවීමට නියමව තිබූ ඩොලර් දහස් ගණනක මුදල් ප්‍රමාණයක් මෙසේ කිරීමෙන් ඔහු අත ඉතිරි කරගත හැකිවිය. 
  • පරීක්ෂා නොකල ඖෂධ නිෂ්පාදන භාවිතය එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ දී නීති විරෝධී වුවත් , "මානව පරිභෝජනය සඳහා නොවේ" යන ලේබලයට මුවාවී නීතියේ රැහැනින් පැන යා හැකි ලෙස එම නිෂ්පාදන ප්‍රවර්ධනය වේ. නමුදු තවමත් පාරිභෝගිකයින් විසින් මෙම නිෂ්පාදන මිලදී ගැනීම සහ භාවිතය සිදුවන අතර එම නිෂ්පාදන විකිණීමෙන් පසු පාලනයක් සිදු කළ නොහැකි නිසා එම වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගත නොහැක. 
  • යූ ටියුබ් මගින් සමහරක් හිමිකම් ඇවුරුණු ගීතයන් උඩුගත කිරීම වලක්වා ඇත; එසේම අන්තර්ජාල සංගීත ප්රකාශන අයිතිය හා ඒවා අන්තර්ජාලයේ නිදහසේ බෙදාහැරීම වැනි සමාන හේතූන් නිසා ලයිම්වයර් වසා දමා ඇත. කෙසේ නමුත් යූ ටියුබ් ගීතයන් ගසා කෑමේ ක්‍රමයක් ලෙස නූනිකා අන්තර්ජාල සමාජ සන්ධානය පිහිටුවා ඇති අතර එමගින් භූගත සත්කාරක අඩවි ගොනුවල ඇති ප්‍රවර්ධන පටවල අවහිර නොකරන ලද සංගීත පට ‘එන්අයිඑස්ඒ (Nisa records) පටිගත කරන්නෝ’ මගින් නිදහසේ බාගත හැකි අයුරින් පහසුකම් සලසා ඇත. එන්අයිඑස්ඒ ගේ නිකුතුවත් සමග යූ ටියුබ් 3 වන වෙළුම ප්‍රතික්ෂේප කල අතර, එය මගින් ප්‍රාරම්භක අවස්ථාවේ අවහිර කරන ලද ගීතයන් ජර්මනියේ යූ ටියුබ් ප්‍රේක්ෂකයින්ට අලෙවි කර ඇත.
  • ඩ්‍රයිසිමාලා ගේ වැගන් රථය : 19 වන හා 20 වැනි සියවස්වල නැගෙනහිර ජර්මනියේ බලධාරීන් විසින් ක්‍රියාකාරී Germanisation පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය. පර්සියානු නීතියට අනුව නිවසක් සෑදීමට පෙර රජයෙන් අවසර ගත යුතුව තිබුණු නමුත්, මෙම ප්‍රතිපාදන බොහෝ විට උවමනාවෙන්ම පෝලන්ත ජනවර්ගයට එරෙහිව පමණක් භාවිතා විය. නීතිය යටතේ, පැය 24 කට වඩා වැඩි කාලයක් එක තැනක රැඳී නම්, ඕනෑම වාසස්ථානයක් නිවසක් ලෙස සලකනු ලැබ ඇත. 1904 දී, මයිකල් ඩ්‍රයිසිමාලා (Michał Drzymała) නම් පෝලන්ත වාර්ගික, ග්‍රාට්ස් (Grätz)හි (දැන් Grodzisk Wielkopolski නමින් හැදින්වේ) ගොවියෙක් සර්කස් කැරවෑනයක් මිලදී ගෙන පදිංචි විය. මීට පෙර සඳහන් කල නීතිය මගහැරීම සඳහා ඔහු එම රථය දිනපතාම සීමිත දුරකට ධාවනය කර නැවැත්වූ අතර 1909 දී ඔහුට නිවසක් මිලදී ගැනීමට අවසර ලබා දෙන තෙක්ම, එම අඩුලුහුඩුකම යොදාගෙන සාර්ථකව නීතියේ රැහැනින් පලා ගියේය. එමනිසා ඩ්‍රයිසිමාලා ගේ දක්ෂතාවය හේතුකොටගෙන ඔහු වර්තමාන පෝලන්තයේ ජනප්‍රිය වීරයෙක් බවට පත්ව තිබේ.

මෙයද බලන්න[සංස්කරණය]

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අඩුලුහුඩුකම&oldid=472326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි