අටපිරිකර

විකිපීඩියා වෙතින්

"අටපිරිකර" හෙවත් "අෂ්ඨ පරිශ්කාරය" සඳහා බෞද්ධ සමාජය තුළ හිමිව ඇත්තේ අද්විතීය ස්‌ථානයකි. අටපිරිකර පිළිගැන්වීම වනාහී අට මහා කුසල් වලින් එකකැයි යනුවෙන්ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්ව ඇත. මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන, ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ.

අෂ්ඨ පරිෂ්කාර නම්,

"පත්තං පරිස්සාවනං කාය බන්ධනං නිච්චරං වාසි සුචිං ච සංඝ දන්ති යේ නිච්ච පසන්ත චිත්තා තේ එහි භික්‍ඛුනි වදන්ති බුද්ධා"

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අටපිරිකර&oldid=591206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි