අක්මාවේ තෙල්

විකිපීඩියා වෙතින්

Fatty liver (අක්මාවේ තෙල්) සිරොසිස් වළක්වා ගන්න හොඳම ආයුර්වේද බෙහෙත්

  1. ඔබ_දැන_සිටියාද .?

ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි. මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි. අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි. මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යන් බොහෝ ඇත. මින් සිදුවන ප්‍රධාන කාර්යන් වන්නේ ව්ස හරණය වීමයි. අප ගන්නා සියලුම ආහාරවල බොහෝ විස කොටස් ඉවත් කිරිමට උදව් කරනවා සේම එම විස කොටස් තැන්පත් කර තැබීමටද උදව් වේ. විස තැන්පත් විමේ හැකියාව වැඩිවීම නිසා අක්මාව ඉක්මනටම ලෙඩ වීමටද පුළුවන්. රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රෝටින කොටස් නිෂ්පාදනයට දායකත්වයක් ලබාදීමද අක්මාව සිදුකරන තවත් කාර්යයකි. ශරිරයට අවශ්‍ය ගුණදායක කොලෙස්ටරෝල් නිෂ්පාදනයද සිදු කරයි. මේ අනුව සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයන් සඳහා අත්‍යවශ්‍යම අවයවයන්ගෙන් එකක් වන අක්මාව නැතිව ජිවත් විය නොහැකිය.

ඇතිවන රෝග[සංස්කරණය]

අක්මාව අත්‍යවශ්‍ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා ව්ශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගීවූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්‍ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇතිවිය හැකි රෝග අතර සිරෝසිස් :අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් : උදාහරණයක් ලෙස හෙපටයිටිස් රෝගය පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.

බලපාන හේතු[සංස්කරණය]

මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි. එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.

ඇතිවන රෝග සඳහා ගත යුතු ඖෂධීය ආහාර[සංස්කරණය]

මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුවහොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.

  • යකි නාරං කොළ කැඳ
  • හීන්බෝවිටියා කොළ කැඳ

මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්න. මෙය වඩාත් ගුණදායක වේ. මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.

  • කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.
  • පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන.
  • බක් මී පොතු කැඳ.
  • මොණර කුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.
  • මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.
  • කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි.

ආහාරයක් ලෙස

  • දිවුල් ගෙඩි – පොල් කිරිවල දෙවැනි කිරි දමා සාදා ගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂ නසයි.විශේෂයෙන් මත්පැන් විෂ නසයි.
  • කොත්තමල්ලි පානය (අමුවට කුඩුකරගෙන)
  • දිවුල් කොළ කැඳ
  • කරපිංචා කොළ කැඳ

මෙහිදී කැඳ භාවිතයේදී කිතුල් හකුරු සමඟ ගැනීම වඩාත් ගුණදායක වේ.මන්ද යත් කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණදායක වන බැවිනි.

  • එළවළු

වට්ටක්කා, කෝමාරිකා ව්‍යංජනය, මුස්සැන්න ව්‍යංජනය, කිතුල් පිටි කැඳ මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට සුදුසුයි. මුං ඇට, කෝමාරිකා, කිතුල් හකුරු එකට දමා සෑදූ කැඳ සෙංගමාල රෝගීන්ට සුදුසුයි. එසේම ගිරාපලා සමඟ මුං ඇට මැල්ලුම සුදුසුයි. සමහර අවස්ථාවලදී ගැස්ට්‍රයිටීස් කියා පෙන්නුම් කරන්නේ අක්මා රෝගයක් විය හැකියි. නමුත් අප ගැස්ට්‍රයිටීස් යැයි සිතා එයට ප්‍රථිකාර කිරීමට උනන්දු වේ. මේ නිසා අක්මාව ගැනද වඩා සැළකිලිමත් වීම වඩාත් වැදගත් බව සැලකිය යුතුයි. ඉහතින් දක්වා ඇති සියළුම ආහාරවලට පිත්තාශයේ පවතින ගල් පවා දිය කිරීමේ හැකියාවක් ඇත. වළක්වා ගැනීමට කළ යුතු දේ ඉහත සඳහන් සියල්ල ඖෂධයක් හා ආහාරයක් වන බැවින් එදිනෙදා ජීවිතයේදී නිරෝගී පුද්ගලයන්ටද භාවිතා කළ හැකියි. ඒ තුළින් මෙවැනි රෝග වළක්වා ගත හැකියි. උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ. උදා – ඉස්සෝ, දැල්ලෝ, බල මාළු අන්නාසි, චට්නි තක්කාලි සෝස් වර්ග තෙල් අධික කෙටි කෑමවලින් වැළැකීම – පැටිස් රෝල්ස් බර්ගර් සොසේජස් මඳ උණුසුම් ජලය පානය කිරීම ව්‍යායාමවලට යොමු වීම වැරැදි ජීවන රටාවෙන් තොර වීම මත්පැන් පානයෙන් තොරවීම දුම්පානයෙන් වැළැකීම පැණි බීම වර්ග පානය නොකිරීම චීස් බටර් අවම කිරීම සියළු බේකරි කෑම අවම කිරීම නිවසේදී කළ හැකි ප්‍රතිකාර අක්මා රෝගයකදී වෛද්‍යවරයකු වෙත යාම කළ යුතුයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම ඔබ කළ යුතු බුද්ධිමත් කටයුත්තයි. නමුත් පහත සඳහන් ප්‍රතිකාර කීපයක්ද පෙන්වා දිය හැකියි. අරළු අසමෝදගම්, වියළි ඉඟුරු ක්ෂාය කර බොන්න. අරළු, බුළු, නෙල්ලි ත්‍රිපලා ක්ෂාය කර බොන්න. සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න සුදු හඳුන් සැවැන්දරා වැල් මීල පත්පාඩගම් එරමුසුල බිංකොහොඹ මේවා සමව ගෙන තම්බා බොන්න සුබ දිවියක්!!! උපුටා ගැනීම - Neranjana Kasthuriarachi

හැදෙන තරමක් ලෙඩ හැදෙන්නේ කන බොන කෑම බීම නිසා. කිසිම දවසක උදේ කෑම විදිහට පාන්, පාන්පිටි ඉඳිආප්ප, බර්ගර්, බනිස්, පොල් රොටී ආදිය කන්න එපා. ඒ වෙනුවට මේ විදිහට කන්න. දවසම නීරෝගීව ශක්තිමත්ව ඉන්න පුළුවන්. 🔴 උදේට දියබත්... ••••••••••••••••••••••••••••••

 රෑට ඉතිරි වූ බත් ටික හොඳින් පිරිසිදුව වසා තබන්න. උදේට ඒ බත් වලට පොල්කිරි ටිකක්, ලියාගත් රතුළූණු අහුරක්, ලියාගත් අමූමිරිස් කරල් දෙකක්, කරපිංචා කොළ ටිකක් දමා මදක් රත්කර ටික වේලාවක් තබා කෑමට ගන්න. ඉතාම ගුණදායක ඇඟ සිසිල් කරන උදේ ආහාරයක්. ගිනියම් දහවලේදී ඔබට කිසිම අපත්‍යයක් වෙන්නේ නැහැ. දවස පුරාම බඩ සිසිලසින් තිබේවි. ඇඟට පුදුමාකාර ශක්තියකුත් ලැබේවි.

🔴 පැළවූ මුං ඇට සමඟ ලුණු මිරිස්... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 මුං ඇට තම්බලා කන එක හරිම ජනප්‍රිය උදේ කෑමක්නේ. දවසක යන්තමට පැළවීගෙන එන මුං ඇට තම්බලා කන්න. මුං ඇට තැම්බූ වතුර ටිකත් බොන්න. එය කිසිම දවසක විසි කරන්න එපා. කලින් දවසේ හවස පහට පමණ මුං ඇට දියේ දාන්න. ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් දමා හොඳින් වසා තබන්න. පසුදා බලද්දි යන්තමට පැළවීගෙන එන මුංඇට ඔබට දැකගන්නට ලැබේවි. එම වතුර වලින්ම තම්බාගන්න. පසුව පෙරාගන්න. මුං ඇට තැම්බූ වතුර ටික වෙනම වීදුරුවකට ගෙන එය පානය කරන්න. මුං ඇට රසවත්ම ලුණු මිරිස් ටිකක්, පොල් ටිකක් සමඟ ආහාරයට ගැනීමෙනුයි. කකුල් පැලිලා, ඇස් වේලිලා දන්නට පටන්ගෙන තොල් වේලිලා දුක් විඳින උෂ්ණ රෝග රැසකට මෙය ඉතාම ගුණයි. එසේම අධික ගිනියම නිසා කොණ්ඩෙ යන අය මේ පැළවූ මුං ඇට තම්බාගත් වතුර මාසයක් පමණ බිව්වොත් හිසකේ ගැලවී යාම නවත්වාගත හැකියි.

🔴 මුං ඇට යහමින් හකුරු කිරිබත්... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 මෙතරම් ගුණදායක කෑම තියාගෙනයි අපි පාන් පිටි ගිලින්නේ. ඒකනේ මේ තියෙන දුකත්. මේක ඇත්තටම අපරාධයක්. කිරිබත් හදන විට රෝස කැකුළු හෝ මාතර කැකුළු ගන්න. එයටම දියේ දමාගත් මුං ඇටත් දමන්න. තැම්බීගෙන එන විට පොල්කිරි යහමින් දාන්න. බාගන්නට ටික වෙලාවකට කලින් සූරාගත් හකුරු කෝප්ප භාගයක් දමන්න. හොඳින් මිශ්‍රකර උණුසුම්ව ආහාරයට ගන්න. බලාගෙන සිටිද්දීම තරුණ වෙනවා. ගොඩක් ගිනියම් රෝග අඩුවෙනවා. ඒ වගේම බඩවැල් වල ප්‍රශ්න නිසා දුක් විඳින තත්වය අඩුවෙනවා. හොඳට මල පිටවෙනවා. දවල් එක දෙක වෙනතුරු බඩගින්න එන්නෙත් නෑ.

🔴 මුදවපු කිරිබත්... ••••••••••••••••••••••••••••••

 ඇඟට සිසිලසක් ගෙන එන කිසිම අගුණයක් නැති මේ වගේ රහස් කෑම දිනපතා හදාගෙන කෑවොත් පරම්පරාවෙන් එන ලෙඩක් දුකක්වත් ලේසියෙන් වැළඳෙන්නේ නෑ. ඒ වගේම මලබද්ධය සම්පූර්ණයෙන්ම නවතිනවා. ගැස්ට්‍රයිටිස් තිබ්බද කියලා සොයාගන්නවත් බැරි වෙනවා. ඇඟට පුදුමාකාර ශක්තියක් එනවා.
 පිසගත් බත් වලට මුදවපු කිරි මේස හැඳි තුනක් දාන්න. හොඳින් මිශ්‍ර කරන්න. වෙනම තාච්චියකට ගිතෙල් ටිකක් දමා එයට අබ ටිකක්, කරපිංචා ඉත්‍තක්, ලියාගත් ළූණු ටිකක් සහ වියළි මිරිස් කරල් දෙකක් දමන්න. හොඳින් තෙම්පරාදු කර මේ තෙම්පරාදුව සාදාගත් මුදවපු කිරිබත් එකට දාන්න. උණුසුම්ව කන්න. දවසම නිරෝගීව ඉන්න පුළුවන්. එව් සිසිලස වෙන දෙයකින් ලබා ගන්න බෑ කියලා ඔබට හිතෙයි.

🔴 කිතුල් පිටි කිතුල් හකුරු කැඳ... •••••••••••••••••••••••••••••••••••••••••••••••••

 ජීවිත කාලය පුරාම හොඳ තරුණ ජවයෙන් හොඳ තරුණ මදයෙන් ජීවත්වෙන්න ආසද? ආසාවකටවත් ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න ආස ද? මූණපුරා අලුත් ප්‍රබෝධයක් දකින්න ආසද? ගස්ගල් පෙරලන්න තරම් ශක්තියක් ඇඟට එනවට ආසද? එහෙනම් මේ කිතුල් පිටි, කිතුල් හකුරු කැඳ පානය දිනපතාම බොන්න. කිරි හෝ වතුර කෝප්ප භාගයක් ලිපේ තියන්න. එය රත් වෙද්දි එයට කිතුල් පිටි මේස හැඳි 04 ක් දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. තලපය වාගේ හැදීගෙන එද්දී එයට පොල් කිරි කෝප්ප කාලක් දමන්න. ලුණු ටිකක් දමා මිශ්‍ර කරන්න. බාගන්න ටික වෙලාවකට කලින් සූරාගත් කිතුල් හකුරු මේස හැඳි 02 ක් දමන්න. මිශ්‍රකරන්න. බාගන්න. උණුසුම්ව බොන්න. පුදුම හිතෙයි.

🔴 කුරක්කන් ඉඳිආප්ප සමඟ තෙම්පරාදු පරිප්පු... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 කුරක්කන් ඉඳිආප්ප කන්න පුළුවන් කෑමක් ද කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් අතීතයේදී කුරක්කන් කාල තමයි මිනිස්සු ශක්තිමත්ව ලෙඩක් දුකක් හදාගන්නේ නැතුව උන්නේ. කුරක්කන් ඉඳිආප්ප කන විදිහක් තියෙනවා. එහෙම කෑවොත් අමාරු නෑ. කුරක්කන් ඉදිආප්ප ටික රෑ හදලා තියලා උදේ ස්ටීම් කරලා ගත්තත් කමක් නෑ. හැබැයි කුරක්කන් සමඟ මේ දැන් තෙම්පරාදු කරපු දුම් දමන පරිප්පු හොද්දක් හදාගන්න. පොල්කිරි ටිකක් යහමින් දාලා මිරිස් කරල් ටිකක්, කරපිංචා ටිකක්, අබ ටිකක් දාලා හොඳ මිරිස් තෙම්පරාදුවක් දාගන්න. හරිම රසට කන්න පුළුවන්. කුරක්කන් ඉඳිආප්ප ටිකක් වැඩියෙන් කෑවත් කමක් නෑ. හොඳ ශක්තියක් එනවා. නමුත් ආරන්නේ නෑ. පිපෙන්නේ නෑ. අමුතු තිබහක් පිපාසයක් එන්නෙ නෑ. ඇඟට සැහැල්ලුයි.

🔴 මිශ්‍ර පළතුරු සැලඩ්... •••••••••••••••••••••••••••••••••••

 උදේට කවුද සැලඩ් කන්නේ. ඔබට එහෙම හිතෙයි. ඒත් මාසයක් මේ වගේ කාලා බලන්නකෝ. වෙන දේ ඔබට හිතාගන්න බැරි වේවි. ඒක අපි කියන්නේ නෑ. කාලා බලන්න. 
 කැමති පලතුරු වර්ග 07 ක් කුඩා කැබලි වලට කපා සීනි නොදමා සැලඩ් එකක් වගේ කන්න. ආස නම් මී පැණි මේස හැදි දෙකක්, අලුත් මුදවපු කිරි මේස හැදි දෙකක් දමාගන්න. රසට කන්න. මාසයක් කාලා බලන්න. ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි. වසන්තය ගෙවිලා නෑ කියලා එදාට හිතෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=අක්මාවේ_තෙල්&oldid=494658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි