මාස් ස'වෙය' '98 වැඩසටහන

විකිපීඩියා වෙතින්
("මාස් සර්වේයර් " 98" කුමලේඛය වෙතින් යළි-යොමු කරන ලදි)

මාස් සර්වේයර් '98 වැඩසටහන සමන්විත වූයේ වෙන වෙනම දියත් කෙරුණු අභ්‍යාවකාශා යානා දෙකක් වන, මාස් ක්ලයිමෙට් ඕබිටර් (පෙරදී මාස් සර්වේයර් '98 ඕබිටර්) සහ මාස් පෝලර් ලෑන්ඩර් (පෙරදී මාස් සර්වේයර් '98 ලෑන්ඩර්) යන දෙකෙනි; මාස් පෝලර් ලෑන්ඩර් අභ්‍යාවකාශ යානාව තුල වූයේ පෘෂ්ඨ-විනිවිදුම් විමසනයන් (ඩීප් ස්පේස් 2) දෙකකි. මෙහෙයුම් දෙකෙහි පරමාර්ථ වූයේ අඟහරුගේ කාලගුණය, දේශගුණය, සහ ජල හා කාබන් ඩයොක්සයිඩ් (අංගාරිකාම්ල) සම්පත් ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කිරීම, වාෂ්පශීලි ද්‍රව්‍යයන් හි සංචයන්, හැසිරීම හා වායුගෝලය ආශ්‍රිත භූමිකාව ගැන අවබෝධයක් ලබා ගැනීම හා දීර්ඝ කාලීන හා කඩින් කඩ දේශගුණ වෙනස් කම් පිළිබඳ සාක්ෂි විමසා බැලීමය.

1998 අඟහරු කක්ෂ නිවේශය දියත් කවුළුව තුලදී අභ්‍යාවකාශ යානා දෙකම දියත් කෙරිණි. විනිවිදුම් විමසනයන් ද සහිතවම ‍යානා දෙකම අතුරුදහන් විය.


ඕබිටර් යානය අතුරුදහන් වූයේ, මිනුම් පිළිබඳ වූ මෙට්‍රික් සහ ඉංග්‍රීසි ඒකක අතර අපේක්ෂා නොකල හා අනාවරණය කර ගත නොහැකි වූ නොසීහුම් හේතුවෙන්, ප්‍රක්ෂිප්තයෙහි ගණන දෝෂයක් නිසාය. JPL විසින් 1996 දී ප්‍රකාශයට පත්කරනු ලැබූ යාත්‍රණ මෘදුකාංග අතුරුමුහුණත් පිරිවිතර (SIS) මගින් මෙට්‍රික් ඒකක භාවිතය මෙන්ම භාවිත කල යුතු දත්ත ආකෘතිද නියම කොට දක්වා තිබුණි. මෙය මෙසේ තිබියදීද, ලොක්හීඩ් මාටින් හි පියාසැරි ක්‍රියාකාරිත්ව කණ්ඩායම විසින් ආව්ග දත්ත සපයා තිබුනේ නිව්ටන-තත්පර වෙනුවට රාත්තල්-බර තත්පර යන ඉංග්‍රීසි ඒකක වලිනි. මෙම අගයයන් 4.45 (1 රාත්බල = 4.45 නිව්) ක ගුණාකාරයකින් සාවද්‍ය විය. මෙය නිසාවෙන් පියාසැරි පථය සදොස් කිරීමේදී වැරැදි සිදුවී ඕබිටර් යානය අඟහරු වායුගෝලයෙහි වැඩිමනත් පහළ මට්ටමකට පහත් කිරීමක් සිදු විය. යානය එක්කෝ පිළිස්සි ගියේය නැතහොත් පොළා පැන අවකාශයට නික්ම ගියේය.

"ලැන්ඩර්" හි ඇනහිටිමේ හේතුව යැයි විශ්වාස කෙරෙනුයේ එහි ඇතුලත කොටස් වල යම් වැරදීමක් හේතු කොට ගෙන එය බුධ ග්‍රහයාගේ පෘෂ්ඨය මත වැටී විනාශ වීමයි.

"මාස් ස්ර්වේයර් 98" ක්‍ර‍ලේඛය සදහා ඩොලර් මිලියන 193.1 වැය විය.

"https://si.wikipedia.org/w/index.php?title=මාස්_ස%27වෙය%27_%2798_වැඩසටහන&oldid=396680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි