හෝටන් තැන්න

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

හෝටන් තැන්න

‍‍හෝටන් තැන්න,නැත‍‍හොත් සිංහ‍ලෙන් 'මහ එළිය' නම් වන ‍‍මෙය ශ්රී ලංකා‍‍වේ කදුකර ප්ර‍‍දේශයේ පිහිටි ජාතික වනෝද‍‍්‍යානයකි. එය මධ්‍ය කදුකර‍යේ මීටර 2000 ක් ඉක්මවන උසකින් පිහිටා ඇත. එ‍‍‍‍මෙන්ම එහි උන්නතාංශය හේතුවෙන් පහතරට ප්ර‍දේශයට සා‍‍පේක්ෂව ගත් විට ඉතා සිසිල් සහ සුළං අධික දේශගුණ තත්වයක් පවතී.මධ්‍යස්ථ(සාමාන්‍ය) උෂ්ණත්වයද ‍වෙරළබඩ ප්ර‍දේශයට වඩා ඉතා අඩු ‍‍සෙල්සියස් අංශක 16ක පමණ අගයක පවතී.

ශීත කාල‍යට අයත් මාස වලදී ‍‍‍මෙම ප්ර‍දේශයට හිරු මුදුන්වී දිවා කාලය ඉතා උණුසුම් වුවද ,රාත්රිය ඉතා සිසිල් සහ පිනි (තුහින) සහිත ‍වේ.

          පැමිණිය හැකි මාර්ග:-

නුවරඑළි‍‍යේ සිට පැමි‍‍ණෙන විට දුම්රිය ස්ථානයක්ද සහිත කුඩා නගරයක් වන ඔහිය නගරය ඇති අතර,ඔහිය දුම්රිය ස්ථාන‍‍යේ සිට ආරම්භ වන මාර්ගය උද්‍යානය දක්වා විහි‍‍දෙන අතර උද්‍යානය හරහා පට්ටි‍‍පොළට බෑවුම් ‍වේ.පට්ටි‍‍පොළද දුම්රිය ස්ථාන‍‍යක් ඇත. මාර්ගයේ ඉතිරිය පා ගමණින් යන අවදානම් සහිත පාරක් වන අතර එය ‍‍‍‍‍‍බෙලිහුලඔ‍‍යෙන් පටන් ‍‍ගෙන ‍‍‍‍‍ලෝකාන්තය දක්වා විහිදී පවතී. හෝටන් තැන්න ජාතික ව‍නෝද්‍යානය වර්ග කි.මී.31.60 ක ප්ර‍දේශයක් ආවරණය කරන අතර එයකදුකර වනාන්තරයක් සහ ‍‍ තෙත් තෘණ භූමියක්ද ‍‍‍‍‍‍වේ.

‍‍මෙය ප්රධාන වන ජීවී රක්ෂිත ප්ර‍‍දේශයකි.දිවියා,ලංකා ගෝන මුවා,ආ‍වේණික මුව වි‍ශේෂ,දිගු වලිගය සහිත වදුරු විශේෂයක් වන Purple-faced Langur,ඒක ‍‍දේශික පක්ෂි වි‍ශේෂයක් වන වත රතු මල් ‍‍කොහා වැනි සත්ව වි‍ශේෂ ගණනාවක් හෝටන් තැන්න රක්ෂිත‍‍යේ දැකගත හැකිය. තවද ලංකා ‍‍‍අදුරු නිල් මැසිමාරා,‍‍‍ලංකා සිතැසියා,ලංකා මයිල ගොයා,ලංකා රුසි රැවියා, ලංකා පීතකන් කොණ්ඩයා ඇතුළු ශ්රී ලංකා‍‍වේ කදුකර ප්රදේශයට පමණක් ආවේණික වූ ඒක ‍දේශික පක්ෂි වි‍ශේෂ 6 ම ‍මෙම හෝටන් තැන්න රක්ෂිත‍‍යේ දැකගත හැකිය.

තවද වි‍‍‍‍‍දේශ සංචාරක‍‍යෝ ‍‍‍බොහෝ ‍‍‍‍දෙ‍නෙකු‍ගේ සිත් ඇද ගන්නා ස්ථානයක් වන ලෝකාන්තය ඍජු පර්වත ප්රාන්තයක් වන අතර එය උසින් මීටර 1050 ක් පමණ වන බෑවුමකි.ලෝකාන්ත‍‍යේ සිට ආපසු එන මාර්ග‍යේ දර්ශණීය ‍බේකර්ස් ඇල්ල දක්වා විහි‍දෙන මංසංධි මාර්ගය හමු‍වේ.අළුයම් කාල‍යේ ‍මෙහි යාම වඩාත් උචිත ‍වේ. ඊට ‍හේතුව වන්‍‍නේ වන සතුන් බලා ගැනීමට පහසු වීමත් දහවල් වන වි‍ට මීදුම වැඩි වන නිසා ඊට පෙර ලෝකාන්ත‍‍‍ය පැහැදිලිව බලා ගැනීමට හැකි වීමත්ය.

         හෝටන් තැන්නේ පැරණි පරිසර ඉතිහාසය:-

හෝටන් තැන්නේ එක්තරා මඩ ගොහොරුවක තිබී වසර 2200ක් පමණ පැරණි,මීටර 6ක් දිග වූ මධ්‍යයක් සහිත ශාක මධ්‍යයක් සොයා ගන්නා ලදි. මෙහිදී එකතු කරගත් ද්රව්‍ය කාබනික (ඓන්ද්රීය)ද්රව්‍ය සහ ඛණ්ඩජ අංශු වලින් සමන්විත වූ අතර ජෛව, ශිලා සහ භූ ස්තර පිළිබද කාල නිර්ණ විශ්ලේෂණ කටයුතු වලට යොදා ගැනුණි.එහි වූ පරාග අංශු වර්ණාවලි විශ්ලේෂණයට ලක් කලවිට පිළිබිඹු වන්නේ අර්ධ ශුෂ්ක දේශගුණ තත්වයක් සහ අන්‍යෝන්‍ය වශයෙන් සමාන ලක්ෂණ සහිත,අඩු විශේෂ සංඛ්‍යාවකින් යුත් ශාක ප්රජාවකින් යුක්ත වූ බවයි.ඊට හේතුව වන්නේ එකල නිරිත දිග මෝසම් වැසි වලින් මෙම පෙදෙසට ඉතාමත් අඩු වර්ෂාතනයක් ලැබීමය.

චතුර්ථ භූ යුගයේ මුල් අවධියට අයත් කාල පරාසයේ දී,මෝසම් තත්වයන්ගේ ඇතිවූ වෙනස්කම් හේතුවෙන් දේශගුණය,වියළි සහ තෙත් තත්ත්වයන් අතර උච්චාවචනය වෙමින් පැවතුණි. මෝසම් තත්ත්වයන් ක්රමවත් වීමත් සමග අර්ධ තෙත් දේශගුණ තත්ත්වයක් ඇතිවූ අතර ඒ සමගම කදුකර වර්ෂා වනාන්තර ව්‍යාප්තිය පුළුල් විය. මෝසම් වැසි ක්රමවත් හා දැඩි වීමත් සමගම ඒවා සාපේක්ෂව පැවති වියළි දේශගුණ තත්වයට බාධාවක් විය.

මෑත භූ අවධියේ(හොලෝසීන යුගයේ)මුල් කාලය වනවිට මෝසම් වැසි තවතවත් දැඩි වීමත් කක්ෂීය ප්දේශයේ ග්රීෂ්ම සෘතුවේ අධික සූර්ය තාපනයත් නිසා එය සම්පූර්ණයෙන්ම අධික තෙත් දේශගුණ තත්වයක් පෙන්වන්නට විය.

මධ්‍ය හොලෝසීන යුගයේ දී එම තත්වය ක්රමයෙන් අර්ධ තෙත් දේශගුණික තත්වයක් දක්වා වෙනස් විය. පශ්චාත් හොලෝසීන යුගය අතරතුර දී නිරිත දිග මෝසම් වැසි නැවතත් දැඩි වන්නට විය.

නුදුරු අනාගතයේදී නෂ්ට වී(මිහිතලයෙන් තුරන් වී) යාමට ඉඩ ඇති සත්ව විශේෂ 25 ක් පමණ මෙහි වාසය කරති.

වෙනත් භාෂා වලින්