යාල ජාතික වනෝද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යාල ජාතික වනෝද්‍යානය
IUCN ප්‍රවර්ගය II (ජාතික වනෝද්‍යානය)
Yala.jpg
පටනංගල, යාල වෙරළ තීරයේ පිහිටි පාෂාණ උද්ගතයක්
Map showing the location of යාල ජාතික වනෝද්‍යානය
Map showing the location of යාල ජාතික වනෝද්‍යානය
යාල ජාතික වනෝද්‍යානයේ පිහිටුම
පිහිටුම දකුණු සහ ඌව පළාත්, ශ්‍රී ලංකාව
සඹිපතම නගරය හම්බන්තොට
ඛණ්ඩාංක 6°22′22″N 81°31′01″E / 6.37278°N 81.51694°E / 6.37278; 81.51694ඛණ්ඩාංක: 6°22′22″N 81°31′01″E / 6.37278°N 81.51694°E / 6.37278; 81.51694
වර්ග ප්‍රමාණය [convert: invalid number]
සංස්ථාපනය 1900 (වනජීවී අභයභූමිය)
1938 (ජාතික වනෝද්‍යානය)
පාලක ස්ථිතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව


යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය ර‍ෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.

යාල වනෝද්‍යානයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක්

යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.

රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.

යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.

2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

කලාප[සංස්කරණය]

කලාපය ප්‍රමාණය වනෝද්‍යානයට එක්වූ දිනය
I 14,101 hectares (54.44 sq mi) 1938
II 9,931 hectares (38.34 sq mi) 1954
III 40,775 hectares (157.43 sq mi) 1967
IV 26,418 hectares (102.00 sq mi) 1969
V 6,656 hectares (25.70 sq mi) 1973
Source: Sri Lanka Wetlands Information and Database

පිහිටිම[සංස්කරණය]

උද්‍යානයේ උතුරු වයඹ බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත්වෙ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හමිබන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.

උද්‍යානය වෙත පිවිසිම[සංස්කරණය]

  1. කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවෙශ මාර්ගයකි.
  2. කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිඡ්ජවිල හමිබන්තොට හරහා හෝ
  3. කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද
  4. තණමල්විල ලුණුගමිවෙහෙර හන්දියෙන් එම ජලාශ වෙල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.
  5. මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුමි මාර්ගයකි.

පහසුකම්[සංස්කරණය]

උද්යාමනය තුළ සංචාරක නිවහන් 7ක් ඇත. ඒවා නමි මහාසිලවලවරහන ,නව බුතව ,පැරණි බුතව, තල්ගස්මංකඩ ,හින්වැව, ඔන්ඩචිචි ඒවාය. පළටුපාන කාර්යාලයේ වැඩි පිරිසක් සදහා වෙන්කරවා ගත හැකි නිවහනක්ද වෙයි. පටනංගල නිවහන සුනාමියෙන්ද යාල නිවහන ත්‍රස්තවාදී ගිනි තැබිමකින්ද විනාශ වි ඇත.

උද්‍යානය තුළ ප්‍රවෙශ මාර්ග[සංස්කරණය]

ඉතා හොඳ ප්‍රවෙශ මාර්ග පද්ධතියක් ඇත. ප්‍රධාන මාර්ගය පළටුපාන සිට මැණික් ගඟ පරණ තොටුපළ දක්වා දිවෙ.අතුරු මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ගයේ සිට ඌරණිය බුතවපිටිය ප්‍රධාන මාර්ගය, ගෝනලැහැබ මැද පාර තල්ගස්මංකඩ වරහන ප්‍රධාන මාර්ගය-යාල හරහා තල්ගස්මංකඩ බුතව-ස්පිල් පාර හරහා ආකාශ චෛත්‍යයේ සිට තල්ගස්මංකඩ බුතව වැව-ගෝනගල හීන්වැව මාපටිටිය විල ජඹුරාගල හරහා බුතල වැව යනාදිය ප්‍රවෙශ මාර්ග යාලයේ ප්‍රධානතම තැන් ය. මෙ අතරින් ගෝනලැහැබ මැද පාර ඌරණිය මාර්ග යාල හරහා තල්ගස්මංකඩ, රුක්විල, කොටිගල ,රකිනවල සුදුවැලිමුල්ල පාර කරවිගස්වල මැද පාර කොටියා දැක ගැනිම සඳහා ඉතා ප්‍රකට තැන්ය. සංචාරකයන් සඳහා දැනට ප්‍රධාන වශයෙන් විවෘතව ඇත්තේ යාල කලාප අංක එක ය.

උද්‍යානයේ භෞතික ලක්ෂණ[සංස්කරණය]

කලාප අංක එක තුළ බුතව ,හින්වැව ,ගෝනගල ,කොමාවැව ,පටනංගල වැව ,පළටුපාන ,බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැවි දෙකක් ද රුක්විල, පටිටියවිල,දෙබරගස්වල, ඛරවිගස්වල ,රනිවල වශයෙන් දියවළවල්ද රැසකි. බුතවල ,ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක්ද මෙහි වෙි. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි .කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන ,පහළ පොත්තන,මහිරාව ,ගජබාව ප්‍රකටය. මැණික් ගඟ මෝය ,කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථානය . මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.

ජෛව විවිධත්වය හා වන සතුන්[සංස්කරණය]

යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි .ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරමි ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරමි ය.කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත.කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්ර මණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වන බද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්රිඹත කුරුල්ලන් පළටුපාන වැව ,හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි.ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන් ,සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශ වල බහුල ය. වළිකුකුළලා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන් ,පිඹුරන් ,නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.

ඉබිබන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද ,වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන් , උභයජිවින්, කෘමීන් ,මොලස්කාවුන් වැනි සංවෙදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමෙි හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා ,වැවි රාජලියා ,සර්ප රාජලියා ,බමුණු පියා ,උකුස්සා, ලකඑ උකුස්සා ,කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.


රුක් ගොමුව හා ශාක විවිධත්වය[සංස්කරණය]

මෙහි ප්‍රධාන ලෙස පවතින්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයකි . එමෙන්ම කටු පඳූරු ආශ්‍රිත ළඳූ කැලෑ ද බහුලය. මෙවා බොහෝ විට හේන් ගොවිතැන් නිසා බිහි ව ඇත. දඹකොටෙි ප්‍රදේශයේ වියළි මිශ්‍ර ගණ වනාන්තර පවති. තෘණ බිමි ද පිහිටයි. සමස්තයක් ලෙස මෙහි ද්විතීක වානාන්තර ආකාර පිහිටයි. ඒවායේ බුරුත, වීර ,පලු ,මයිල ,මලිත්තන් ,කුඹුක් ,හල්මිල්ල, තිඹිරි වැනි ශාක බහුලය, පඳූරු අතර මයිල ,කටුපිල බහුලව ඇත, වෙරළබඩ ශාක ප්රසජා හා වැලි කඳූ පරිසර පද්ධති පවති.


"http://si.wikipedia.org/w/index.php?title=යාල_ජාතික_වනෝද්‍යානය&oldid=314582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි