උඩවලව ජාතික උද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උඩවලව ජාතික උද්‍යානය
IUCN ප්‍රවර්ගය II (ජාතික වනෝද්‍යානය)
Uda Walawe safari track.jpg
විවෘත තණබිමක්
Map showing the location of උඩවලව ජාතික උද්‍යානය
Map showing the location of උඩවලව ජාතික උද්‍යානය
Udawalawe National Park
පිහිටුම සබ‍රගමුව සහ ඌව පළාත, ශ්‍රී ලංකාව
සඹිපතම නගරය රත්නපුරය
ඛණ්ඩාංක 6°26′18.04″N 80°53′18.44″E / 6.4383444°N 80.8884556°E / 6.4383444; 80.8884556ඛණ්ඩාංක: 6°26′18.04″N 80°53′18.44″E / 6.4383444°N 80.8884556°E / 6.4383444; 80.8884556
වර්ග ප්‍රමාණය 30,821 ha
සංස්ථාපනය 1972 ජූනි 30
පාලක ස්ථිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
උඩවලව ජාතික උද්‍යානයේ මූලිකව ජන්ම භූමිය ක‍රගත් විවෘත තණ බිම්

උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හ‍රස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.වෙන් ක‍ර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අත‍ර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ.

භෞතික ලක්ෂණ[සංස්කරණය]

උඩවලව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කළාප වලට මායිම්ව පිහිටයි.තැනිතාලා වලින් භූමිය ඝහන අත‍ර කඳු සහිත බවක්ද දක්නට ඇත.කල්තොට කඳු වැටිය සහ දියවිනි ඇල්ල උද්‍යානයේ උතුරැ දෙසින් පිහිටන අත‍ර ඒ සමඟ බඹ‍රගල සහ රෙමිනිකොත පිහිටයි.මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 500 (අඟල් 59) පමණ වේ, වැඩිපුරම වාර්ෂාව ඇදහැලෙනනුයේ ඔක්තෝම්බර් සිට ජනවාරි සහ මාර්තු සිට මැයි දක්වාය. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27–28(ෆැරන්හයිට් අංශක 81–82) පමණ වන අත‍ර සාපේක්ෂ ආර්ද්තාවය 70% සිට 82% දක්වා වේ.හොඳින් ජලය බසින රත්-දුඹුරැ පැහැ පස මිටියාවතේ අග හමුවන ජලය අඩුවන බසින අලු පැහැ පස් අත‍්ර අතිප‍්රමුඛ පස් වර්ගයකි.

ප‍රිස‍ර විද්‍යානුකූලව[සංස්කරණය]

ජලාශය අවට වගුරැ බිම්, තණ භූම සහ වනාන්ත‍ර සිය ජන්ම භූමිය ක‍රගෙන ඇත.ජලාශය තුළ ඇති අජීවී ගස් අමුණ ඉදිකිරීමට පෙර පැවති වනය පිළිබඳ විස්ත‍ර කියාපායි.විවිධ ඇල්ගා පැළෑටි වර්ග Pediastrum සහ Scenedesmus spp. ජලාශයේ දක්නට ඇත.පුරාණ හේන් ගොවිතැන් නිසා ඇති වූ විවෘත තණ බිම් බොහෝ දැකිය හැක.අමුණට පහළින් දකුණු මයිමට එපිටින් තේක්ක වගාවක් දැකිය හැක.මෙය වගා ක‍ර ඇත්තේ උද්යානය ප‍්රකාශයට පත් කිරීමට පෙරය.මෙහි ශාඛ විෂේශ 94, මාලු විෂේශ 21, උහය විෂේශ 12, උරග විෂේශ 33, පක්ෂී විෂේශ 184(සංක්‍රමණික විෂේශ 33 ) ක්ෂීරපායී විෂේශ 43 වාර්තා වී ඇත. මෙයට අමත‍රව සමනලුන් විෂේශ 135 ද සොයාගෙන ඇත.

ශාක ප්‍රජාව[සංස්කරණය]

උඩවලවෙන් හමුවන ශාක ප්‍රජාව අතරින් Hopea cordifolia, Memecylon petiolatum, Erythroxylon zeylanicum, සහ Jasminum angustifolium ආවේණික ශාඛ අත‍ර ප‍්රදාන තැනක් ගනී. Hopea cordifolia සමඟ Terminalia arjuna, Panicum maximum සහ Imperata cylindrica ගඟ ඔස්සේ හමුවන අතර ඒවා අලින් සඳහා හොඳ ආහාර ප්‍රභව වේ. Chloroxylon swietenia, Berrya cordifolia, Diospyros ebenum, Adina cordifolia, Vitex pinnata, Schleichera oleosa, සහ Diospyros ovalifolia සුලභ උසින් වැඩි ශාඛ වේ.මෙම වනාන්තරයේ ඇති Terminalia bellirica සහ Phyllanthus emblica යන පළෑටි ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. තණ බිම් වල Cymbopogon confertiflorus තණකොළ විෂේශයත් Grewia tiliifolia පඳුරුත් සුලබය.

සත්ව ප්‍රජාව[සංස්කරණය]

ක්ෂීරපායීන්[සංස්කරණය]

උඩවලව ජාතික උද්‍යානයට විශාල අලි රංචුවකට වුවද ආහාර සැපයිය හැක

. විව්ර්‍ත වාස භූමි තුළ ජීවත් වන ශ්‍රී ලංකාවේ අලින් ට උඩවලව ජාතික උද්‍යානය වැදගත් වාස භූමියක් වේ. 250 කටත් වඩා විශාල අලි රැළක් ස්ථිර වාසස්ථාන ළෙස මෙම උද්‍යානෙයෙහි වෙසෙන නිසා අලින් වැඩි ප්‍රමාණයක් මෙම උද්‍යානයට ඇදී ඒ. උඩවලව අලි ස්ංක්‍රමණ නිවාසය 1995 දී අතහැර දමන ලද අලි පැටවුන් බලා ගැනීම සඳහා පිහිටුවන ලදී. නිසි වයසට පත් වූ පසු 1998 දී හා 2000 දී අලි පැටවුන් නම දෙනෙකු අවස්ථා දෙකක දී ද තවත් අලි පැටවුන් අට දෙනෙකු 2002 දී ද උද්‍යනයට නිදහස් කරෙන ලදී.

Rusty-spotted Cat, Fishing Cat සහ Sri Lankan Leopard යන සතුන් දැනට උඩවලව වනෝද්‍යානයේ වෙසෙන පවුලේ සාමාජිකයන් වේ. Sri Lankan Sloth Bear දුර්ලභත්වය නිසා කලාතුරකින් දක්නට ලැබේ. අනෙකුත් ක්ෂීරපායීන් අතර Sri Lankan Sambar Deer, Sri Lankan Axis Deer, Indian Muntjac, Sri Lankan Spotted Chevrotain, Wild Boar සහ Water Buffalo වේ. Golden Jackal, Asian Palm Civet, Toque Macaque, Tufted Grey Langur සහ Indian Hare යන සතුන්ද මෙම උද්‍යානය වාසස්ථාන කෙරගෙන සිටියි. 1998 දී කරන ලද අධ්‍යනයක් මගින් Golden Palm Civets සැලකිය යුතු ප්‍රමාණයක් මෙම වනාන්තරය වාසස්ථාන කොට ගෙන සිටින බව සොයාගෙන ඇත. මීයන් විශේෂ වර්ග පහක් ද මේ වනාන්තරය තුලින් වාර්තා වී ඇත. යාල ජාතික වනෝද්‍යානයෙන් හමු වූ ආවේනික Ceylon Spiny Mouse උඩවලව තුලින් ද 1989 දී වාර්ථා විය. Indian Bush Rat සහ mongooses විශේෂ 3 ක් ද ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී ඇත.

පක්ෂීන්[සංස්කරණය]

සංක්‍රමණය වන පක්ෂීන් අත‍ර කොකුන් ව‍ර්ග වේ.

උඩවලව පක්ෂීන් නැරබීමටද හොඳ භූමි භාගයකි. නේවාසික අභිජනන පක්ෂීන් අතර Sri Lanka Spurfowl, Red-faced Malkoha, Sri Lanka Grey Hornbill, Brown-capped Babbler, සහ Sri Lanka Junglefowl යන පක්ෂීන් වේ. White Wagtail සහ Black-capped Kingfisher කලාතුරකින් පැමිණෙන ස්ංක්‍රමිණික පක්ෂීන් වේ. cormorants, the Spot-billed Pelican, Asian Openbill, Painted Stork, Black-headed Ibis සහ Eurasian Spoonbill යන පක්ෂීන් ද ඇතුලත්ව විවිධ ජලජ පක්ෂි ප්‍රභේධයන්ද මෙම උද්‍යානය වෙත පමිණේ. විව්ර්‍ත උද්‍යාන ප්‍රදේශ White-bellied Sea Eagle, Crested Serpent-eagle, Grey-headed Fish Eagle, Booted Eagle, සහ Changeable Hawk-eagle වැනි පක්ෂීන් උද්‍යානය වෙත ආකර්ෂණය කරයි. Indian Roller, Indian Peafowl, Malabar Pied Hornbill සහ Pied Cuckoo ඇතුළු භූමි පක්ෂීන් බහුලය.

උරගයින් සහ මත්ස්‍යයින්[සංස්කරණය]

කටුස්සන්,කිඹුලන්, කබ‍රයින් සහ සර්ප විශේෂ 30ක් උද්‍යානයෙන් සොයාගෙන ඇත.Garra ceylonensis උද්‍යානයෙන් සොයාගෙන ඇති ආවේණික මත්ස්‍යයෙකි.

සංරක්ෂණය[සංස්කරණය]

ස්වහාවික වනය විනාශ ක‍්රමින් පයින් සහ කපුරු විශේෂ වහා කිරීම වලවේ ගඟේ ජල මට්ටම අඩු වීමට හේතු වී ඇත.මනුෂ්‍ය ජනාවාස,හොර දඩයම්,මැණික් කැණීම්, නීති විරෝධී ඇතුලු වීම්,අධික උලාකෑම් සහ හේන් ගොවිතැන් කිරීම් උද්යානයට ප්‍රධාන තර්ජනයක් වී ඇත.Lantana camara සහ Phyllanthus polyphyllus යන වල් පැළෑටි අලින්ගේ ආහාර පැළෑටි වලට තර්ජනයක් වී ඇත. නීති විරෝධී තුවක්කු බැඳීම් හේතුවෙන් අලින්ට වෙඩි වැදීම් ද වාර්තා වී ඇත.

සංචාරක කර්මාන්තය[සංස්කරණය]

2009 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස හය තුල උද්යානය මිලියන 18.2 ක ආදායමක් උපයා ඇත.1994 සිට 2001 දක්වා කාලය තුළ 423,000 ක පමණ පිරිසක් වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අත‍ර ඉන් 20% විදේශිකයින් වේ.1998-2001 කාලය තුල මධ්ය වාර්ෂික ආදායම යුරොපීය ඩොලර් 280,000 කි. උඩවලව වන සතුන් සත‍ර දෙනෙකුගේ සේයාරූ රැගත් මුද්ද‍ර 2007 ඔක්තොම්බර් 31 වන දින ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන" යන පෙළ යටතේ නිකුත් විය.


මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=උඩවලව_ජාතික_උද්‍යානය&oldid=261816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි