සානා ලෙන්

විකිපීඩියා වෙතින්
සානා ලෙන්
සානා ලෙන්
Map showing the location of සානා ලෙන්
Map showing the location of සානා ලෙන්
Map showing the location of සානා ලෙන්
Map showing the location of සානා ලෙන්
ඛණ්ඩාංක20°57′45″N 71°12′08″E / 20.9624188°N 71.2023475°E / 20.9624188; 71.2023475ඛණ්ඩාංක: 20°57′45″N 71°12′08″E / 20.9624188°N 71.2023475°E / 20.9624188; 71.2023475
සානා ලෙන්වල සැලැස්ම, හරස්කඩ සහ කුළුණු නිරූපිත සිතුවමක් (චෛත්‍ය ලෙන සහ භීම චෞරී විහාරය)

ශානා (හෙවත් සානා) යන නාමය සහිත බෞද්ධ ලෙන් සමූහ දෙකක් ස්ථාන දෙකකින් හමුවේ.

ශානා ඩුන්ගර් බෞද්ධ ලෙන් හෙවත් සානා බෞද්ධ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් හි ගිර් සෝම්නාත් දිස්ත්‍රික්කයේ (මෑතක දී ජූනාගධ් දිස්ත්‍රික්කයෙන් වෙන්කරන ලද) උනා තාලුකා හි ශානා වංකියා නම් ස්ථානයේ ය. මෙ. අම්රේලි දිස්ත්‍රික්කයේ රාජුල තාලුකා ප්‍රදේශය ආසන්නයේ පවතියි.[1]

අනෙක් සානා බෞද්ධ ලෙන් පිහිටියේ සෝම්නාත් ප්‍රදේශයේ වේරාවාල් හි ය. මෙය ද නව ගිර් සෝම්නාත් දිස්ත්‍රික්කයේම පිහිටා ඇත. මෙම ලෙන් ප්‍රභාස් පතන් හි පුරාතන බෞද්ධ ලෙන් යනුවෙන් බහුලව හඳුන්වනු ලබයි. එසේවුවද, මාධ්‍ය තුළ මෙම ලෙන් සමූහ ද්විත්වයෙහි තොරතුරු මිශ්‍ර කොට ඇති ආකාරයක් පෙනෙයි. ප්‍රභාස් පතන් හි සානා ලෙන් පිහිටියේ වේරාවාල් සිට 7 km ගිනිකොණ දෙසින් සහ සෝම්නාත් මහාදේව් මන්දීර් සිට 2km ඊසානදිගිනි. වංකියා හි පිහිටි අනර්ඝ ශානා ඩුන්ගර් බෞද්ධ ලෙන් මෙම ලෙන්වලට 105 km පමණ නැගෙනහිරින් පිහිටා ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Sagar, Krishna Chandra (1992). Foreign influence on ancient India. New Delhi: Northern Book Centre. p. 150. ISBN 8172110286.
"https://si.wikipedia.org/w/index.php?title=සානා_ලෙන්&oldid=518736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි