කුඩා ලෙන්

විකිපීඩියා වෙතින්
කුඩා ලෙන්
කුඩා ලෙන්
Map showing the location of කුඩා ලෙන්
Map showing the location of කුඩා ලෙන්
Map showing the location of කුඩා ලෙන්
Map showing the location of කුඩා ලෙන්
ඛණ්ඩාංක18°17′07″N 73°04′23″E / 18.285214°N 73.073175°E / 18.285214; 73.073175ඛණ්ඩාංක: 18°17′07″N 73°04′23″E / 18.285214°N 73.073175°E / 18.285214; 73.073175

කුඩා ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ දකුණු කොන්කන් හි මුරුද්-ජන්ජීරා උතුරු වෙරළ තීරයෙහි නැගෙනහිර පස වූ කුඩා නම් ගම්මානයේ ය. මෙහි ඇති බෞද්ධ ලෙන් පහළොව කුඩා සහ සරල අත. එය ක්‍රි.පූ. පළමුවන සියවසේ දී නිර්මාණය කොට ඇත.[1]

මෙහි චෛත්‍ය ගෘහයෙහි වූ බරාඳයෙහි බුදුන් වහන්සේ කැටයම් කිහිපයක් දක්නට ලැබෙන අතර, එහි පද්මය, ධර්ම චක්‍රය සහ නාග සංකේත ද දක්නට ලැබෙයි. පසුකාලීනව 5වන/6වන සියවස්වල දී මෙම ලෙන් මහායාන නිකායට නතුවූ අතර, එම නිකායයට අයත් ප්‍රතිමා නිර්මාණය විය.[1] මෙහු පළමු ලෙනෙහි බිත්තියේ පුරාතන සෙල්ලිපියක් දක්නට ලැබේ. සයවන ලෙනෙහි හස්ති රූප දැකගත හැක.[2]

මෙහිවූ අභිලේඛනය තිහ මඟින් ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ දානයන් විස්තර කරයි. මෙහි සෙඖ දායකයන් අතර යකඩකරුවන්, උද්‍යාන පාලකයකු, බැංකුකරුවකු, ලේඛකයකු, වෛද්‍යවරයකු, මල් වෙළෙන්දකු සහ අමාත්‍යවරයකු ද වේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. pp. 197–198. ISBN 8170307740.
  2. Gunaji, Milind (2010). Offbeat tracks in Maharashtra (2nd ed.). Mumbai: Popular Prakashan. pp. 222–223. ISBN 8179915786.

බාහිර සබැඳි[සංස්කරණය]

කුඩා ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත


"https://si.wikipedia.org/w/index.php?title=කුඩා_ලෙන්&oldid=518702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි