සව්ම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අස්න සව්ම් - එම වචනයේ සම්භවය සහ සැබෑ අර්ථකථනය[සංස්කරණය]

උපවාසය යන පදය අස්න සව්ම් ලෙස අරාබි භාෂා ව්‍යවහාරයේ අර්ථ දක්වා ඇති අතර වැළැක්වීම, වළක්වා ගැනීම යන අදහස් එයින් නිරූපණය වේ. අස්සව්ම් යන පදයට ඉස්ලාමීය නීතියට අනුව පැහැදිලි අර්ථය වන්නේ කෑමෙන් බීමෙන් සහ ලිංගික සම්බන්ධතාවලින් එනම් උපවාස කඩවන සියලු කරුණුවලින් වැළකී අල්ලාහ්ගේ තෘප්තිය පතා කටයුතු කිරීමයි. ඉස්ලාමීය දින දර්ශනය අනුව 9වන මාසය වන රාමළාන් මාසයේ උපවාසයේ ආරක්ෂා කිරීම මුස්ලිම් වූ ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම අනිවාර්ය වූ වගකීමකි. ඉස්ලාමීය ජීවන සැලැස්මේ පංචමහා වගකීම්වලින් හතරවන ස්ථානය උපවාසයට හිමි වේ.

උපවාසය ආරක්ෂා කිරීම රාමලාන් මාසයට පමණක් සීමා කර නැත.

සම්භවය සහ විකාශනය[සංස්කරණය]

සිරියානු භාෂාවෙන් සව්ම් යන පදය සව්මෝ නම් වන අතර මත් වන සියලු දේ වලින් වැළකී සිටීම යනු එහි අදහසයි.

අනෙකුත් භාෂාවන්[සංස්කරණය]

උදාහරණයක් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දියාව, ඉරානය, බංලාදේශය හා පාකිස්ථානයේ මුස්ලිම්වරු ‍මෙම වචනය රෝසා යනුවෙන් භාවිතා කරන්නේ එය ආර්ය ඉන්දු භාෂාවක් වන ඩාරි භාෂාවෙන් විකාශනය වූ වචනයක් වන නිසාය. තවද උපවාසය යන පදය ඔරුක් ලෙස තුර්කි භාෂාවෙන් ව්‍යවහාර වන අතර මැලේසියාවේ මැලේ ජාතිකයන් හා සිංගප්පූරු ජාතිකයන් එම පදය පුආසා යනුවෙන් භාවිතා කරන්නේ උපවාසය යන පදය සංස්කෘතික භාෂාවෙන් එය විකාශනය වී ඇති නිසාය. ඉන්දුනීසියාවේ ද එය ව්‍යවහාර වන්නේ පුආස යනුවෙනි. මෙම වචනය මෝල්ටස් භාෂාවෙන් ද ජනප්‍රිය වී ඇත.

අර්ථකථනය[සංස්කරණය]

ඉස්ලාමීය ව්‍යවහාරයේ දී මුස්ලිම්වරයෙකු අළුයම සිට එදින හිරු බැසයන තෙක් කෑම, බීම, දුම් පානය සහ ලිංගික තෘප්තිය විඳීම යනාදී ක්‍රියාවලින් තමන් වළක්වා ගැනීමයි. සව්ම් කඩ කරන කිසිම කාර්යයක තමන් නියැලීමෙන් තමන්ව වළක්වා ගැනීමෙන් කෙනෙක් බලාපොරොත්තු වන්නේ තමන් මැවූ අල්ලාහ් තආලාට සමීප වී තමාගේ සිතුම් හා ක්‍රියා සියල්ලම අල්ලාහ්ගේ ප්‍රසාදය පිණිස පවත්වා ගැනීමයි. උපවාසයේ එක් අරමුණක් වන්නේ අවශ්‍යතා සහිත තම සහෝදරයින් සාගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන අවස්ථාවේ ඔවුන්ගේ අවශ්‍යතාවයේ තරම වටහා ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ගේ දුක් කරදරවලට පිහිට වීමට අවස්ථාව ලැබීමයි. එලෙසම උපවාසය මගින් ආත්මය පවිත්‍ර වීම, එනම් අල්ලාහ්ගේ තෘප්ති‍ය අත්කර ගැනීමේ චේතනාවෙන් තමා ප්‍රිය කරන කාර්යයන්වලින් වැළකී සිටීමේ පුහුණුවක් ලබන අතර තමා‍ගේ සිතුවිලි සහ අරමුණු මානසික හා ශාරීරික අවශ්‍යතාවයන් පාලනය කර අල්ලාහ් කෙරෙහි භක්තිය, යහපත් හැසිරීම , හා සංවරභාවය ඇති කිරීමට උපවාසය මගින් සුවිශේෂී අන්දමින් අවස්ථාව

උපවාසයේ ආරම්භක අවස්ථාව හා අවසාන අවස්ථාව[සංස්කරණය]

ශ්‍රද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමා පෙන්වා දුන් පරිදි චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරු අළුයමට පෙර ආහාර ආහාර අනුභව කිරීම සහර් කිරීම ලෙස හැඳින්වේ. අළුයම දේව නැමඳුම වන සලාතුල් ෆජ්ර් කාළය එළඹීමට පෙර කෑම බීම ගැනීම අවසන් කළ යුතුය. මධ්‍යම දහවල නැමඳුම වන ලුහර් සලාකය සහ ඉර බැස යන මොහොතේ සලාතුල් මඃරිබ් මෙන් නොව නබිතුමාගේ රුවන් වැකිවල සඳහන් වන ආකාරයට ඉර මුදුන්වීම හා ඉර බැසයාම පිළිබඳ ජ්‍යෝතිශයට අනුව නිගමනයන් ඇත. කාල වේලාව පිළිබඳ නිගමනයන්ට එළඹීමේදී ප්‍රායෝගික වශයෙන් නියම සූර්යය උදාව (අල් ෆජ්ර් - අල්සද්ක් ) පිළිබඳ මතයන් කිහිපයක් පවතී. මෙය පවතින්නේ සූර්ය්‍යයාගේ මධ්‍යයේ සිට අංශක 12 සිට 21 ක් ක්ෂිතිජයට පහළින්ද සමකයට විනාඩි 40 සිට 60 දක්වා සාමාන්‍ය උදාවට පෙරයි. උදෑසන ආහාරය ගැනීම ගැන සීමාවන් නොවුනත් මුස්ලිම්වරුන්ගේ ආහාරවේල් ගැන සීමාවන් ඇත. සහර් කාලයේ ආහාර ගැනීමෙන් පසු මුස්ලිම්වරු ෆජ්ර් හෙවත් අළුයම සුවෙන් වන්දනය ඉටු කරති. සහර් කාලයෙන් පසු කිසිම ආහාර පානයක් උගුරෙන් පහළට ඇතුල් කිරීමෙන් වැළකිය යුතුය. ආහාර මෙන් නොව ජලය මුඛය තුළට ගෙන වුඩු (Wudu) ගැනීමේදී (එනම් වන්දනයට පෙර කරනු ලබන දෝවනයේදී ) කට පිරිසිදු කළද එය උගුරෙන් පහළට යැවීමට අනුමැතිය නැත. උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන කාලය ඉෆ්තාර් යනුවෙන් හැඳින්වේ. මුහම්මද් නබි තුමාගේ මග අනුගමනය කර උපවාසයෙන් මිදීම මුස්ලිම් වූ බොහෝ අයගේ සිරිත වේ. එනම් මරිබ් වන්දනය අවසන් කරීමෙන් පසු තමාගේ කැමැත්ත පරිදි අවශ්‍ය ආහාරයක් බුක්ති විඳිය හැකිය.

උපවාසයේ ප්‍රයෝජන[සංස්කරණය]

උපවාසය සුරැකීමෙන් මිනිසා තමා පුද්ගලිකවම තම සහෝදර සහෝදරියන්ගේ කුසගින්නේ තරම සහ අවශ්‍යතාවයන් අවබෝධ කර ගනී. උපවාසය සුරැකීම දුප්පත් , අවශ්‍යතා සහිත සහ කුසගින්නෙන් පෙළෙන සියලුම මුස්ලිම් ජනතාවට අනිවාර්ය වේ. උපවාසය අනිවාර්යෙන් රකින රමළාන් මාසය එනම් ඉස්ලාමීය දින දර්ශනය අනුව නව වන මාසය දා නම් නදිය ඉටු කරන සහ උපවාසිකයාට උපවාසයෙන් මිදීමට පිහිට වන මාසය ලෙස හැඳින්වෙන අතර තනිවම උපවාසයෙන් මිදීමට වඩා අවශ්‍යතා සහිත අයට උපවාසයෙන් මිදීමට අවස්ථාව උදාකර දීමෙන් සෞභාග්‍ය උදා වන බව පිළි ගැනීමයි. උපවාසය සුරැකීම මගින් හෙලි කරන ප්‍රධානතම සාධකය වන්නේ එය සුරක්ෂිත කරන විශ්වාසවන්‍තයා අල්ලාහ් කෙරෙහි දක්වන අසීමිත යටහත් පහත්භාවයයි. නිසි අයුරින් ඉටු කරන සව්ම් මගින් අත්වන යහපත් ප්‍රතිඵලය නම් සව්ම්ධාරියා එනම් සව්ම් ඉටු කරන පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පව් හා වැරදිවලට සමාව ලැබීමත් , එනිසා ස්වර්ගයේ ස්ථානයක් හිමි කර ගැනීමත් වේ.

මෙයට අමතරව ස්වේච්ඡාවෙන් උපවාසය ආරක්ෂා කිරීම මගින් උතුම් වූ ජිහාදයේ ප්‍රතිඵල අත් කර ගත හැකිය. විශ්වාසවන්තයෙකුගේ පෞද්ගලික ජීවිතයට අදාල ඉවසීම හා මානසික හික්මීම සව්ම් මගින් අත් කර ගත හැක. එසේම තමාගේ ආවේගශීලී හැගීම් , අවශ්‍යතාවයන් , හා කෝපය ස්වයංව පාලනය කර ගැනීමෙන් අල්ලාහ් කෙරෙහි සිත යොමු කර භාවනානුයෝගීව කාලය ගත කිරීමටත් අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කර ගැනීමටත් උපවාසය මහගු පිටුවහලක් වේ. තවද උපවාසය මගින් මිනිසා කරන පව් හා වැරදිවලට සමාව ලැබීමත් , සිත අභ්‍යන්තරය නපුරු හා නරක සිතුවිලිවලින් ආරක්ෂා කර ගැනීමටත් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමටත් , ඉවසීමේ ගුණය අත්කර ගැනීමටත් අවස්ථාව ලැබේ.

රාමළාන් මාසයේ උපවාසය රැකීම අනිවාර්ය වගකීමක් වන අතර තවත් සමහර දිනවල ස්වේච්ඡාවෙන් ද ඉටු කළ හැකිය. එම දිනයන් වනනේ,

  • සෑම සතියකම සදුදා සහ බ්‍රහස්පතින්දා
  • සෑම චන්ද්‍ර මාසයකම 13 , 14 , 15
  • රාමළාන් මාසයට පසු එළඹෙන ෂව්වාල් මාසයේ දින 6ක්
  • අරෆා දිනය එනම් දුල්හජි මාසයේ 9 වන දින
  • අහුරා දිනය එනම් මුහරිරම් මාසයේ 10 වන දින


සුන්නි මුස්ලිම්වරු එයට පෙර හෝ පසු දින ද උපවාසය රකින අතර ෂියා මුස්ලිම්වරු එසේ තවත් දිනයක ඉටු කිරීමෙන් වැළකී සිටිති.

උපවාස කඩකිරීම හා එහි විපාක[සංස්කරණය]

ශුද්ධ වූ රාමළාන් සමයේ උපවාස ආරක්ෂා කරන පුද්ගලයා අමතක වීමෙන් හෝ අතපසු වීමකින් උපවාස කඩවන ක්‍රියාවක යෙදුනේ නම් එම පුද්ගලයාගේ උපවාසය බිදෙන්නේ නැත. නමුත් තමා ස්වකීය බුද්ධියෙන් සිතාමතා කෑමෙන්, බීමෙන් හෝ දුම්පානය මගින් උපවාස කඩකරන්නේ නම් ඔහු එම දිනයේ උපවාසය පසු තවත් දිනක ඒ වෙනුවෙන් උපවාසය රැකිය යුතුය. තවද වන්දියක් වශයෙන් ෆිද්යා දිය යුතුය. ෆිද්යා දීම එක් එක් අවස්ථාව අනුව වෙනස් වෙයි. මලයාසියාවේ ෆිද්යා වශයෙන් දෙනු ලබන්නේ කෙනෙකුගේ කෑම වේලට සරිලන ප්‍රමාණයේ සහල් ප්‍රමාණයකි.

එසේම කෙනෙක් හොද සිහි බුද්ධියෙන් තමා ආහාර අනුභව කිරීමෙන් හෝ උපවාස කඩකරන වෙනත් ක්‍රියාවකට හෝ අමතර ලිංගික සම්බන්ධතාවයකින් උපවාස කඩකළේ නම් ඒ සදහා වරදට දඩුවම් වන්දි වශ‍යෙන් කෆ්‍ෆාරා දිය යුතුය. ඒ සදහා පහත ක්‍රම තුනෙන් එක ක්‍රමයක් අනුගමනය කළ හැකිය.

  • එක දිගටම දින 60 ක් නොකඩවා උපවාසයේ යෙදීම.
  • අවශ්‍යතා සහිත 60 දෙනෙකුට ආහාර හා ඇදුම් පැළදුම් සැපයීම.
  • මුස්ලිම් වහළෙක් නිදහස් කිරීම.


වන්දිය ලෙස අවුරුද්දේ අනෙකුත් දිනවල උපවාසයේ යෙදීමට ඉදිරිපත් වන අයට සහන ඇත. එනම් උපවාසයේ යෙදීමට අධිෂ්ඨාන කරගත් පුද්ගලයෙක් පසුව එය රැකීම අපහසු තත්වයට පත් වූ විට හෝ ආහාර සහ ඇදුම් සැපයීමට අවශ්‍යතා සහිත 10 දෙනෙකු තෝරා ගැනීමට දුෂ්කර වූ විට ඒ අය නොකඩවා දින 3 ක් උපවාසයේ යෙදිය යුතුය. කුමන ආකාරයේ වන්දියක් උදෙසා තමා උපවාසයේ යෙදෙන්නේ ද යන්න උපවාසය රැකීම ආරම්භ කරන විට අධිෂ්ඨාන කළ යුතුය. වරදට දඩුවම් වශයෙන් වන්දියක් ලෙස ආරක්ෂා කරන උපවාසය රැකිය යුත්තේ උපවාසය රැකීමට අනිවාර්යය වූ රාමදාන් මාසයට අමතරව ඇති අනෙකුත් දින වලය.

උපවාසය - චේතනාව හා එහි ස්වභාවයන්[සංස්කරණය]

චේනනාව (නීයත් හෙවත් අධිෂ්ඨානය)[සංස්කරණය]

උපවාසය රක්ෂා කිරීමට අදහස් කළ පුද්ගලයෙක් තමා උපවාසය රැකීම ආරම්භ කිරීමට ප්‍රථම උපවාසය රකින බවට අධිෂ්ඨානය කළ යුතුය. මෙය උපවාසිකයා විසින් කරනු ලබන ප්‍රතිඥ‍ාවකි. නියමිත ආකාරයට උපවාසය රැකීම ආරම්භ කිරීමට පෙර තමා උපවාසය රකින බවට අධිෂ්ඨානය නොකර එනම් අරමුණු නොදැන කුසගින්නෙන් සහ පිපාසයෙන් පසුවීම පමණක් අල්ලාහ්ට ප්‍රමාණවත් නොවේ.

සාමාන්‍ය ජීවිතයේ දී අල්ලාහ් අනුමැතිය දී ඇති සමහර ක්‍රියාකාරකම් එනම් කෑම , බීම හා ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීම ආදිය උපවාස කාලය තුළ වැළකී සිටීමට සෑම මුස්ලිම්වරයෙක් ම වග බලාගත යුතුය.

එසේම දේවභිය භක්තිය සහිත මුස්ලිම්වරයෙක් තම දෛනික ක්‍රියාකාරකම්වලදී පවා ඉස්ලාමීය නීතියෙන් වළක්වා ඇති අසභ්‍ය වචන කථා කිරීම , වාද කිරීම , රණ්ඩු දබර කර ගැනීම, හා නරක සිතිවිලි ඇති කර ගැනීම වැනි දුසිරිත්වලින් තමන්ම වළක්වා ගත යුතුය. තවද එය උපවාස කාලය තුළ දී උසස් තත්වයට වර්ධනය කර පිළිපැදීමට වග බලා ගත යුතු අතර එසේ නොමැතිව සව්ම් රැකීම නිකරුණේ කුසගින්නේ සහ පිපාසයෙන් පසු වීම පමණක්ම වන්නේය. නිසි වයසට පත් මුස්ලිම් වූ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම හොද සිහි බුද්ධියෙන් පසුවන අවස්ථාවේ රාමලාන් මාසයේ උපවාසය රැකීම අල්ලාහ් තආලා විසින් අනිවාර්යය කර ඇත. එසේ වුවද උපවාසය රැකීමට ශක්තියක් නොමැති නිදන්ගත රෝගීන් , (වයෝවෘද්ධ) මහලු විය නිසා කුසගින්න ඉවසිය නොහැකි අය , කුඩා ළමයින් උපවාසය රැකීම අනිවාර්යය නොවන අතර සුව විය හැකි තාවකාලික ලෙඩින් පෙළෙන අය ගැබිණියන්, කිරි දෙන මවුවරුන් සහ ඉස්ලාම්හි අනුමත ගමනක යෙදී සිටින අය එම තත්වයන් මග හැරෙන තෙක් උපවාසයෙන් මිදී සිටීමට අනුමැතිය ඇත. (හා ප්‍රසූත)

තවද ස්ත්‍රීන්ට මාසික ශුද්ධ වීම ඇති විට උපවාසයේ යෙදීමට අනුමැතිය නැත. එහෙත් එම කාල සීමාව අවසන් වූ විට දිය නා පිරිසිදු වී උපවාසය රැකීම අනිවාර්යය වේ. කෙසේ නමුත් මාසික ඍතු වීම නිසා උපවාසය කඩ කළ හෝ අතපසු කළ ස්ත්‍රිය එම අත් හැරුණු උපවාසය ඊළග වසරේ රාමලාන් මාසයට පෙර රැකීම අනිවාර්යය වේ. ස්ත්‍රිය ඍතු වීමෙන් මිදී පිරිසිදුව සිටින අවධියේ පමණක් උපවාසය රැකිය යුතු බවට ඇති අල්ලාහ්ගේ ආඥාව ස්ත්‍රී පුරුෂ සියලු දෙනා පිළිගත යුතු අනිවාර්යය ආගමික නීතියකි.

"http://si.wikipedia.org/w/index.php?title=සව්ම්&oldid=250089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි