ශිවගේ හිස

විකිපීඩියා වෙතින්
ශිවගේ හිස
වර්ෂයක්‍රි.ව. 10වන සියවස පමණ (චම්ස් රාජධානිය)
වර්ගයප්‍රතිමා
මාධ්‍යයවැලිගල්
මාතෘකාවශිව
මාන40 cm × 21.9 cm × 44.5 cm (16 in × 8.6 in × 17.5 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක්
ප්‍රවේශනය2014.520

ශිවගේ හිස යනුවෙන් හැඳින්වෙන්නේ වැලිගල් පාෂාණයෙන් නිමවන ලද ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක හිස කොටසකි. මෙම ශිව දේව ප්‍රතිමා හිස ක්‍රි.ව. 10වන සියවසේ වියට්නාමයේ නිර්මාණය වූවකි. මෙම ප්‍රතිමාවේ උස සෙන්ටිමීටර 40ක් පමණ වේ. එහි පළල සෙන්ටිමීටර 21.9 වන අතර, සෙන්ටිමීටර 44.5 පමණ දිගින් යුක්ත වේ. හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් අයෙකු ලෙස ශිව සැලකේ. ශිව, විෂ්ණු සහ බ්‍රහ්ම යන ත්‍රිත්ව දෙවිවරුන් එක්ව ගත් විට ත්‍රිමූර්තිය ලෙස හැඳින්වේ. මෙම දෙවිවරුන් තිදෙනා විශ්වයේ ශ්‍රේෂ්ඨතම දෙවිවරුන් තිදෙනා බවත්, විශ්වයේ නිර්මාතෘවරුන් ලෙසත් හින්දු පුරාණෝක්තිවේදයේ පිළිගැනේ. මෙවන් ආකාරයේ වැලිගලින් නිර්මාණය කරන ලද ශිව ප්‍රතිමා මධ්‍යම සහ දකුණු වියට්නාමයේ චම්ස් රාජධානි යුගයේ හින්දු දේවාලවල සුලබව දක්නට ලැබිණි. [1]

විස්තරය[සංස්කරණය]

ශිව හින්දු ආගමේ එන ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් අයෙකි. අනෙක් ප්‍රධාන දෙවිවරුන් දෙදෙනා වන බ්‍රහ්ම, විෂ්ණු සමග ශිව එක්ව ගත්කළ ත්‍රිමූර්තිය ලෙස හැඳින්වේ. විනාශයට අධිපති දෙවියා ද වන ශිව නිර්මාණකාරී දෙවියකු ද වේ. ඉන්දියානු ජනයා අතර වඩාත්ම වන්දනාවට පාත්‍ර වූ දෙවිකෙනකු වන ශිව වෛදික යුගයේ සිටම හින්දු ජනයාගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ශිව දෙවියා ප්‍රධාන දෙවියා ලෙස සලකා ඇදහීම සිදුකරන හින්දු ආගමේ ශාඛාව ශෛව ආගම ලෙස හැඳින්වේ. ශිව දෙවියන්ගේ භාර්යාව වන්නේ පාර්වතී දෙවඟන ය.[2] ශෙව ආගමේ ඉහළම දෙවියා ලෙස සැලකෙන ශිව විශ්වයේ නිර්මාපකයා ලෙස ද සැලකේ. ශිවගේ නර්තනය සමග විශ්වයේ ආරම්භය, පැවැත්ම සහ විනාශය රඳා පවතින්නේ යැයි හින්දු පුරාණෝක්තිවේදයේ සඳහන් වේ. ඇතැම් අවස්ථාවන්හි ‍බුද්ධාගම තුළ ද ශිව සංකල්පය දැකගත හැක. එහි දී බුද්ධාගමේ ඇතැම් ගුරුකුල තුළට අනුවර්තනය කරන ලද ශිව දිව්‍යමය රාජධානියක වෙසෙන ශාන්තුවරයකු ලෙස දක්වා ඇත. මහායාන බුදු දහම තුළ ශිව බුදුන්ට අධර වූ දිව්‍යමය සාන්තුවරයකු ලෙස දක්වා ඇත.[3][4] ක්‍රි.ව. 10වන සියවසේ මැද කාලයේ පමණ නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකි මෙම ශිවගේ හිස නිරූපිත ප්‍රතිමාව වියට්නාමයෙන් සොයාගැනුණකි. මෙය වියට්නාමයේ චම්ස් රාජධානි යුගයට අයත් යැයි සැලකේ. මෙය වැලිගලින් නිර්මාණය කොට ඇත. සෙන්ටිමීටර 40 පමණ උසකින් යුක්ත වන මෙහි පළල සෙන්ටිමීටර 21.9 කි. එහි දිග සෙන්ටිමීටර 44.5 පමණ වේ. 2014දී එක්සත් ජනපදයේ නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය විසින් මෙම ප්‍රතිමාව මිලට ගන්නා ලදී.[1] මෙහි ශිව අලංකාර උසැති කිරුළක් පැළඳ සිටින අතර, මුහුණෙහි මඳ සිනහවක් දක්නට ඇත.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Head of Shiva" (ඉංග්‍රීසි බසින්). New York: Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-24.
  2. James A. Boon (1977). The Anthropological Romance of Bali 1597-1972 (ඉංග්‍රීසි බසින්). Cambridge University Press. pp. 143, 205. ISBN 978-0-521-21398-1. සම්ප්‍රවේශය 2017-11-24.
  3. සැකිල්ල:Link-en (2007). A Survey of Hinduism, 3rd Edition (ඉංග්‍රීසි බසින්). State University of University Press. pp. 24–25. ISBN 978-0-7914-7082-4. සම්ප්‍රවේශය 2017-11-24. ... prehistoric cave paintings at Bhimbetka (from ca. 100,000 to ca. 10,000 BCE) which were discovered only in 1967...
  4. Javid, Ali (January 2008). World Heritage Monuments and Related Edifices in India (ඉංග්‍රීසි බසින්). Algora Publishing. pp. 20–21. ISBN 978-0-87586-484-6. සම්ප්‍රවේශය 2017-11-24.
"https://si.wikipedia.org/w/index.php?title=ශිවගේ_හිස&oldid=412461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි