ශ්‍රී ලංකාවේ රබර් වගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රබර් වගාව

තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.

"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී. එභි රෝපිත බ්‍රසිලියන් රබර් දෙවර්ගයට අයත් ඇටවලින් හටගත් පැළ කිහිපයක් ලංකාවට ගෙන විත් 1876 දී හෙනරත්ගොඩ උද්ද්‍යානයේ රෝපනය කලේය.මෙම උද්භිත උද්ද්‍යානය ලෝකයේ රබර් කර්මාන්තයේ සංදිස්ථානයක් වශයෙන් හදුන්වනු ලැබේ. පසු කාලීනව ශ්‍රී ලංකාවෙන් රබර් පැළ අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවලට බෙදා දෙන ලදී. මෙම රටවල් දැනට 95% පමණ මුළු ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයට දායක වී ඇති අතර ඉතිරි ප්‍රමාණය අප්‍රිකානු රටවල් වලින් සපයනු ලැබේ. වර්තමාන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රබර් වගාකර ඇති ප්‍රමාණය 128 879 හෙක්ටටයාර් වන අතර ඉන් 83 253 (63%) අයිතිවනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. එ‍මෙන්ම රබර් කර්මාන්තය හොඳින් පුහුණු කළ රසායන විද්‍යාඥයන්, තාක්‍ෂණිකයන්, ඉංජිනේරුවන්, ශිල්පීය හා තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලි හා අවශ්‍ය උපකරණයන් ‍යොදාගනිමින් උසස් තත්ත්‍වයෙන් යුතු රබර් සපයන නිසා තරඟකාරී මිල ගණන් යටතේ ලෝක වෙළඳ පොළේ තරඟ කිරීමේ හැකියාව ලැබී ඇත.නමුදු ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් ‍ලෝක වෙළඳපොළට සපයන ස්වභාවික රබර් සඳහා ශ්‍රී ලංකවේ දායකත්‍වය මෑතකාලීනව 1.8% කි.


රබර් වගාවට අවශ්‍ය සාධක[සංස්කරණය]

රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්‍වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්‍වයක් ද ‍මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස පහත සඳහන් රෝගී තත්ත්‍වයන්ට ලක් වේ.

Nutrient Deficiency.jpg


  • රබර් ගස කුඩා වීම.
  • රබර් කොළ කුඩා වීම හා රබර් කොළ හටලන්නා ප්‍රමාණය අඩු වීම.
  • රබර් කොළ කහ පාටින් හෝ කහපාටට හැරුණු කොළ පැහැයෙන් දිස් වීම.
  • රබර් ගසේ කොළ අනිසි ලෙස හැලීයාම.
  • නිසි රබර් කිරි ඵලදාවක් ලබාගත නොහැකි වීම.
  • රබර් කොළයේ අග දුඹුරු පැහැ ගැනීම.



රබර් වගාවට වැල‍ඳෙන රෝග[සංස්කරණය]

White root disease-rubber.jpg

3.1.1 Whiteroot Disease

රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.


Corynespora leaf Fall Disease.jpg

3.1.2 Corynespora Leaf Spot Disease

මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.


Oidium Leaf Disease.jpg

3.1.3 Oidium Leaf Disease

මෙම රෝගී තත්ත්‍වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්‍වය වර්ධනයත් සමග මෙම තත්ත්‍වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.


Pink Disease.jpg

3.1.4 Pink Disease

වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.


Phytophthora Diseases.jpg

3.1.5 Phytophthora Disease

මෙම රෝගී තත්ත්‍වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්‍වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.



රෝග මර්ධනයට යොදා ගත හැකි ක්‍රම[සංස්කරණය]

-නිසිපරිදි පොහොර භාවිතය.

-නිරෝගිමත් පැල විශ්වාසවන්ත ස්ථානයකින් සිටුවීම සඳහා ලබා ගැනීම.

-වගා භුමියට හිරු එළිය වැටෙන පරිදි රබර් පැල නියමිත දුර ප්‍රමාණයකින් සිටුවිම.

-මරණයට පත්ව ඇති ගස් කපා ඉවත් කිරීම.

-පලිබෝධනාශක යොදා ගැනීම.



අතුරු බෝග වගාව[සංස්කරණය]

අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. ඒවා නම්,

  • ඵලදායීව හා කාර්යක්‍ෂම පරිදි භූමි භාවිතය ඉහල දැමීම
  • රබර් වගාව අතර විවිධ වර්ගයේ වල් පැල ඇටි වැඩෙන අතර ඒවා රබර් ගසේ වර්ධනයට සෘනාත්මක බලපෑම් කරයි. අතුරු බෝග වගා කිරීම් තුලින් වල් පැල මර්ධනය කළ හැක.
  • ස්වාභාවික සම්පත් හා අනෙකුත් යෙදවුම් කාර්යක්‍ෂමව භාවිතා කිරීම. (හිරු එළිය, පොහොර, වතුර භාවිතය, පසේ සරු සාර බව, සේවකයන්)
  • එකවිට සියලුම බෝග වගාවන් විනාශ නොවීම නිසා වගාකරුවන්ගේ පැවැත්මට එය යහපත් පරිදි බලපෑම.
  • රබර් වලින් ලැ‍බෙන අදායමට අමතරව විවිධ බෝග අලෙවිය තුලින් විවිධ ආදායම් ගලා ඒම.



රබර් වගාවේ දී අතුරු බෝග ලෙස වගා කළ හැකි බෝගයන්[සංස්කරණය]

Tea cultivation.jpg

තේ

කුරුඳු

වැනිලා

කෙසෙල්

උක්

කොකොවා

InterrCropping.jpg

අන්නාසි

කරඳ මුංගු

පැෂන්පෘට්

පැඟිරි

බුලත්

දැව



රබර් වගාවේ ඵලදාව වැඩිකර ගත හැකි ක්‍රම[සංස්කරණය]

  • ඉහල ඵලදාවක් ලබාගැනීමට ගුණාත්මක භාවයෙන් යුතු පොහොර නිර්දේශිත ප්‍රමාණයෙන් භාවිතා කිරීම.
  • රබර් පර්යේෂණ ආයතන මඟින් නිර්දේශිත කෘෂි කළමණාකරණ විධි භාවිතා කිරීමට පෙළඹීම.
  • නව තාක්‍ෂණය භාවිතය.
  • ඉහල ඵලදාවක් ලබා දෙන පැළ වර්ග භාවිතා කිරීම.
  • තෝරාගත් නිසරු ඉඩම් සඳහා පාංශු කළමණාකරණ වැඩ සටහන් මගින් පසේ ගුණාත්මක බව වර්ධනය කිරීම.
  • තෝරාගත් සුදුසු ඉඩම් වල රබර් වගා කිරීම.
  • වල් පැල මර්ධනය.
  • පාංශු හා ජල සංරක්‍ෂණ ක්‍රම භාවිතා කිරීම.



රබර් නිෂ්පාදන ක්‍රියාවලිය[සංස්කරණය]

රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී.



රබර් නිෂ්පාදන[සංස්කරණය]

  • සීට් රබර් (Sheet Rubber)
  • ක්‍රෙප් රබර් (Crepe Rubbr)
  • පේල් ක්‍රෙප් (Pale Crepe)
  • ෂෝල් ක්‍රෙප් (Sole Rubber)
  • කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex)
  • රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet)
  • තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber)
  • විශේෂිත රබර් (Specialty Rubber)


රබර් නිෂ්පාදනාගාරයේ දී මෙසේ නිපදවනු ලබන නිමවුම් යොදා ගනිමින් කර්මාන්තශාලා විවිධ වර්ගයේ නිමවුම් කරනු ලැබේ. ඒවා නම්,


කර්මාන්ත නිපයුම්

  • බට (Hoses)
  • ටියුබ් ( Tubes)
  • වාහක පටි (Conveyor Belts)
  • ඔ‍ටෝ පාට් (Auto Parts)
  • ඝන රෝද (Solid Tyers)
  • උණු වතුර බෝතල්



රබර් කිරි පදනම් කර කරනු ලබන නිපයුම්

  • වෛද්‍ය හා සැත්කම් සඳහා යොදා ගනු ලබන අත් මේස්
  • කර්මාන්ත උපාංග
  • බැලුම්



අනෙකුත් රබර් නිෂ්පාදන

  • දොර පාපිසි
  • රබර් පටි
  • ක්‍රීඩා භාණ්ඩ
  • සපත්තු
  • මෙට්ට, කාපට්, කුෂන්
  • සෙල්ලම් බඩු

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් වගා කරන ප්‍රදේශ[සංස්කරණය]

කලුතර රත්නපුර හම්බන්තොට
කොළඹ මාතර නුවර එළිය
ගාල්ල බදුල්ල කුරුණෑගල
පුත්තලම මාතලේ කෑගල්ල
නුවර ගම්පහ මොණරාගල



රබර් කර්මාන්තය හා සම්බන්ධ ආයතන හා සංවිධාන[සංස්කරණය]

  • ශ්‍රී ලංකා රබර් නිපයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය.

( Sri Lanka Association of manufacturers and Exporters of Rubber Products (SLAMERP))

  • කොළඹ රබර් වෙලඳන්ගේ සංගමය.( Colombo Rubber Traders Association (CRTA))
  • වැවිලිකරුවන්ගේ සංගමය. (Planters Association (PA))
  • රබර් පර්යේෂණ ආයතනය.(The Rubber Research institution)
  • රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව.(Rubber Development Department)
  • SME රබර් නිපයුම්කරුවන්ගේ සංගමය.(The SME Rubber Manufacturers Association)
  • කර්මාන්ත තාක්‍ෂණික ආයතනය.(Industrial Technology Institute)
  • කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .(Industrial Development Board)



ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් ගැනුම්කරුවෝ හා ඔවුන්ගේ වැදගත්කම මත ශ්‍රේණි ගත කිරීම[සංස්කරණය]

රට 2000 2001 2002 2003 2004 ප්‍රමුකතාවය
ඇමරිකා එක්සත් ජනපදය 66.69 52.93 54.92 68.52 84.87 1
ජර්මනිය 16.43 16.78 17.74 25.89 30.07 2
එක්සත් රාජධානිය 17.42 11.95 13.41 17.28 23.43 3
ප්‍රංශය 19.48 16.07 14.79 16.47 17.94 4
ඉතාලිය 16.74 16.39 14.12 15.75 17.71 5
බෙල්ජියම 18.85 12.05 10.76 9.64 11.83 6
ස්වීඩනය 4.37 4.94 6.83 8.79 11.15 7
කැනඩාව 5.42 7.27 6.99 7.16 8.46 8
නෙදර්ලන්තය 5.09 3.15 4.21 5.37 7.21 9
ඉන්දියාව 0.71 0.61 1.89 3.97 7.07 10



අනෙකුත් රටවල්[සංස්කරණය]

  • පාකිස්ථානය
  • බංගලාදේශය
  • ඉරානය
  • ජපානය
  • කොරියාව
  • ‍ සිංගප්පූරුව
  • මෙක්සිකෝව
  • නැගෙනහිර යුරෝපීය රටවල්



රබර් නිපදවන ප්‍රධාන රටවල්[සංස්කරණය]

  • ශ්‍රී ලංකාව
  • ඉන්දුනීසියාව
  • මැලේසියාව
  • තායිලන්තය



රබර් කර්මාන්තය මුහුණ පා ඇති ගැටලු[සංස්කරණය]

  • දැනට ග්‍රී ලංකාවේ රබර් වගාව මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කෘතිම රබර් නිසා ස්වාභාවික රබර් වලට ඇතිවන තරඟයයි. ලෝකයේ වර්තමාන රබර් පරිභෝජනය ගත් විට ඉන් 69% පමණ කෘතිම රබර් වලින් යුක්ත වේ.
  • එමෙන්ම රබර් වගාව තුලින් සරිලන අස්වැන්නක් නොලැබීම.
  • රබර් වගාව සඳහා ප්‍රයෝජනයට ගත හැකි වතු බිම් ප්‍රමාණය කුඩා වීම.
  • බොහෝ කුඩා රබර් වැවිලිකරුවන් ඔවුන්ගේ බෝග වගාව රබර් වල සිට තේ දක්වා විවිධාංගීකරණය කර තිබේ.ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ තේ දලු කිලෝවක් සඳහා ගෙවන මිල ස්වාභාවික රබර් සඳහා ගෙවන මිලට වඩා ආකර්ෂණය වීම හා රබර් වගාවට සා‍පේක්‍ෂව තේ වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම.
  • රබර් සඳහා සාධාරණ මිලක් නොලැබීම හා මිල නිතර නිතර වෙනස් වීමට භාජනය වීම.
  • රබර් අපනයන තීරුබදු වලට යටත් වීම.
  • රබර් වගාවට වැලදෙන රෝග ප්‍රමාණය විශාල වීම.
  • රබර් වගාවට අවශ්‍ය උපකරණ මිලට ගැනීමේ අපහසුව.
  • නිෂ්පාදන පිරිවැය අධික විම.
  • බොහෝ විට රබර් වගාවේ යෙදී සිටිනුයේ ගැමියන් වන අතර ඔවුන් තුල ප්‍රමාණවත් දැනුමක් හා පුහුණුවක් රබර් වගාව සම්බන්ධයෙන් නොපැවතීම.



රබර් කර්මාන්තය හා ආර්ථිකය[සංස්කරණය]

රබර් යනු දැනට ලංකාවේ අපනයනය කරනු ලබන කෘෂි අපනයන භෝග වලින් ප්‍රධාන තැනක් ගත් බෝගයකි. රබර් හා ඒ අශ්‍රිත නිපයුම් විදේශ රටවල අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ලංකාවට ලැබේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයනය සංයුතියට අනුව කෘෂි අංශයේ රබර් අපනයනය 1.4% පමණ වන අතර කාර්මික අංශයේ රබර් නිෂ්පාදන අපනයනය 6% පමණ වේ.

පසු කාලීනව රබර් කර්මාන්තය සමග විශාල රැකියා අවස්ථා වතු කර ජනතාවට හා ග්‍රාමීය ජනතාවට ලැබිණ. දැනට ගත් කළ 20,000 ක් පමණ රැකියා අවස්ථා රබර් කර්මාන්තය වටා බැඳී පවතී. මෙම රැකී රක්‍ෂා කිරි කැපීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය තුලින් බිහි වී ඇත.එමෙන්ම මෑත කාලීන රබර් නිපයුම් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් තත්ත්‍වය හේතුවෙන් කුඩා හා විශාල වතු හිමියන්ට විශාල ආදායමක් අත්කර ගතහැකි විය. රබර් වගාව හේතුවෙන් රටේ පැවති රැකී රක්‍ෂා ප්‍රශ්නයට යම් විසඳුමක් වූ අතර රටේ ආර්ථිකයට හා ආදායම් විෂමතාවය අඩු කිරීමට එය ඉවහල් විය.



පරිශීලක[සංස්කරණය]

  • WhiteRoot Disease-Advisory Circular No:1996/09, Rubber Reasearch Institute of Sri Lanka
  • Oldium Leafe Disease- Advisory Circular No:1996/10, Rubber Reasearch Institute of Sri Lanka
  • Pink Disease- Advisory Cricular No: 1996/11, Rubber Reasearch Institute of Sri Lanka
  • Corynespora Leaf Fall Disease-Advisory Circular No:1996/98, Rubber Reasearch Institute of Sri Lanka
  • Intercroping-Advisory Circular No:1996/18, Rubber Reasearch Institute of Sri Lanka
  • Interplanting Rubber With Tee-Advisory Circular No:1996/12, Rubber Reasearch Institute of Sri Lanka
  • Rootstock Nurserise-Advisory Circular No:1996/01, Rubber Reasearch Institute of Sri Lanka
  • කිරි කැපීමේ නිර්දේශිත ක්‍රම-Advisory Circular No:1996/21, Rubber Reasearch Institute of Sri Lanka
  • Nutrient Deficiency-Advisory Circular No:1995/16, Rubber Reasearch Institute of Sri Lanka

පින්තූර ගැලරිය[සංස්කරණය]

වීඩියෝ දර්ශන[සංස්කරණය]

in:Natural rubber [fa:کائوچو]]

"http://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_රබර්_වගාව&oldid=270646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි