රාගම දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
රාගම දුම්රිය ස්ථානය
ගොනුව:SjsRa.jpg
දුම්රියපල සංඛ්‍යාලේඛන
ලිපිනයරාගම
ශ්‍රී ලංකාව
මාර්ග(ය)ප්‍රධාන දුම්රිය මාර්ගය
වේදිකා ගණන05
දුම්රිය මාර්ග04
Parking2
වෙනත් තොරතුරු
විද්‍යුතනයනැත
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය

රාගම දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රාගම නගරයේ පිහිටි දුම්රිය ස්ථානය වේ.

පිහිටීම[සංස්කරණය]

රාගම නගර මධ්‍යයේ උතුරැ කොළඹ මහ රෝහල වන රාගම මහ රෝහලට ඉතාමත් ආසන්නයෙන්ම රාගමහ දුම්රිය ස්ථානය පිහිටා තිබේ. රාගම දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ 09 වැනියාට හමුවන දුම්රිය ස්ථානය වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර 09 උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

රාගම දුම්රිය ස්ථානය දුම්රිය මාර්ගයන් ඉදිකරලීමේදී සකස් කරන ලද දුම්රිය ස්ථානයකි. පුත්තලම් දුම්රිය මාර්ගය මෙම රාගම දුම්රිය ස්ථානයෙන් හංදියක් වශයෙන් ආරම්භ වෙන බැවින් මෙම දුම්රිය ස්ථානය වැදගත් තැනක් ගනු ලබයි.

ආසන්නයේ පිහිටි වැදගත් ස්ථානයන්[සංස්කරණය]

රෝමානු කතෝලික භක්තිකයින්ගේ වැදගත්ම එසේම ලොව විශාලතම දේවස්ථානයන්ගෙන් හත්වන තැනට පත්ව ඇති තේවත්ත අප සුවාමිදුවගේ තේවත්ත අප ස්වාමිදුවගේ බැසිලිකාව දුම්රිය ස්ථානයේ සිට කිලෝ මිටර් 03 ක් පමණ වන දුරකින් පිහිටා ඇත. එසේම උතුරු කොළඹ මහ රෝහල වන රාගම මහ රෝහල මිටර් දෙසීයියකකටත් වකා අඩු දුරකින් පිහිටීමද, මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් හතරක් වැනි ආසන්න දුරකින් පිහිටා ඇති බැවින් කොළඹ සහ ගම්පහ දුම්රිය ස්ථානයන් මෙන් ඉතා වැදගත් ප්‍රධාන දුම්රිය මාර්ගයකි.

එසේම දිනපතා දිවෙන නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් සියල්ලක්ම පාහේ මෙම ස්ථානයේ නවතන බැවින් මෙන්ම දිනපතා රාජකාරින් සදහා ගමන් ගන්නා මගින්ගෙන් , කතෝලික බැතිමතුන් ගේ පැමීණිම මෙන්ම රෝහල කරා පැමිනෙන මගින් ඇතුලත්ව මෙම දුම්රිය ස්ථානය ඉතාමත් කාර්්‍ය බහුල දුම්රිය ස්ථානයක් වශයෙන් හදුන්වා දිය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාගම_දුම්රිය_ස්ථානය&oldid=393019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි