මාල දිවයින සඳහා භාවිතා වී ඇති නම්

විකිපීඩියා වෙතින්

වසර දෙදහසකට වඩා වැඩි එහි ඉතිහාසය පුරාවට මාල දිවයින විවිධ නම් වලින් හඳුන්වා ඇත. විවිධ නම් භාවිතා කර ඇතත්, දිවයින්හී පිහිටුම සහ විස්තරය අනුව ඒවා විසින් හැඳින්වෙන්නේ මාල දිවයිනම බව ස්පුඨ වෙයි.

පුරාතන කාලයේදී මාලේ හැඳින්වුනේ මහල් යනුවෙන් වන අතර, මහල් දීප හෝ මාලේද්වීප යන වදනෙහි සම්භවය එය යැයි සැලකෙයි. ඥාත ඉතිහාසය පුරාවටම, මාලේ හෝ මහල් යන්න සැමවිටම වඩාත් වැදගත්ම දිවයින වූ අතර, රජු ජීවත්වූයේ මෙම දිවයිනෙහිය. එබැවින්, දිවයින් සඳහා භාවිතා වූ, මහල් ද්වීප වන පදය බිඳී ඇත්තේ ප්‍රධාන දිවයින වූ මහල් යන්න ආශ්‍රයෙන් බවට තර්කානුකූල උපකල්පනයක් පවතියි. භාවිතා වී ඇති නම් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ, 9වන, 10වන සහ 11වන සියවස්හීදී, මහල් දීප යන මුල් නම, මැද පෙරදිගින් පැමිණි දේශාටකයන් විසින්, මහල්දිබ් බවට අරාබිකරණය කොට, පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් වර්තමාන නාමය වන (මෝල්ඩිව්ස්) මාල දිවයින බවට ඉංග්‍රීසිකරණය කරන ලද බවයි. කෙසේවෙතත්, ඉතිහාසය පුරාවටම, මාල දිවයින් ජාතිකයන් විසින් ඔවුන්ගේ රට සඳහා, "දිවෙහි ජනයාගේ රට" යන අර්ථය දෙන, "දිවෙහි රාජ්ජේ" යන නම භාවිතා කර ඇත.[1]


ලැයිස්තුව[සංස්කරණය]

පසුගිය සියවස් පුරාවට මාල දිවයින හැඳින්වුනු සමහරක් නම් පහත දැක්වෙයි.

  • දන්නා පරිදී, මාල දිවයින සඳහා, පුරාණතම සඳහන, ක්‍රිපූ 200 පමණ ලියැවී ඇති, ශ්‍රී ලංකා ජනයාගේ පුරාණ වංශකතාව වන මහාවංශය විසින් දක්වා ඇත. මෙම ග්‍රන්ථයෙහි මාල දිවයින හඳුන්වා ඇත්තේ "මහින්ද-ද්වීප" ලෙසිනි.
  • ක්‍රිව සතරවන සියවස පමණ වන විට, සම්භාව්‍ය ග්‍රීක රදගුරුවරයෙක් වන පලේඩියස් , හෙලේනොපොලීස් හී රදගුරු (ක්‍රිව 360-430), ඔහුගේ "ඔන් ද රේසර්ස් ඔෆ් දි ඉන්ඩියන් ඇන්ඩ් ද බ්‍රාහ්මන්ස් " නම් ලේඛනයෙහි, මාල දිවයින හඳුන්වන්නේ "මැනියෝලේ" යනුවෙන් වන අතර, යකඩ ආකර්ෂණය කරන චුම්බක ගල් එම දිවයින්හී නිෂ්පාදනය කෙරෙන බවද සඳහන් කරයි.
  • ක්‍රිව 7වන සියවසෙහි පුරාතන දකුණු ඉන්දියානු පල්ලව රාජ වංශයට අයත් ශිලාලේඛන තුල මාල දිවයින හැඟින්වෙන්නේ "ද්වීප ලක්ෂම්" (සිය දහසක් දිවයින්) ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. සේවියර් රොමෙරෝ-ෆ්‍රියාස්, ද මෝලඩිව් අයිලන්ඩර්ස්, අ ස්ටඩි ඔෆ් ද පොපියුලර් කල්ච ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඕෂන් කිංඩම්, බාර්සිලෝනා 1999, ISBN 84-7254-801-5