මාරි කියුරි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
මරියා ස්ටොඩොව්ස්කා කියුරි
උපත 1867 නොවැ. 07
වොර්සාව් පෝලන්ත කොංග්‍රසය
විපත 1934 ජුලි 04 (වයස අවු 66)
ප්‍රංශයේ සැන්සෙලෙමොස්
ජාතිය පෝලන්ත , ප්‍රංශ
ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව
ආයතනය පැරිස් විශ්ව විද්‍යාලය
උගත් ශාස්ත්‍රීය ආයතනය පැරිස් විශ්ව විද්‍යාලය
උපදේශක හෙන්රි බෙකරල්
වෛද්‍ය සිසුන් ඔන්රේ ලුයි දෙබියැර්න,මාර්ගරිත් කැතරින් පෙරේ
ප්‍රසිද්ධියට පත් වුයේ විකිරණශීලතාවය
සැලකිය යුතු ත්‍යාගයන් භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය 1903 දී
වැදගත් ත්‍යාග භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය (1903)
ඩේවි ත්‍යාගය (1903)
මැඩකියුසි ත්‍යාගය (1904)
රසායනික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය (1911)
විශේෂයෙන් සැලකිය යුතුයි
වෙනස් වු විද්‍යා ක්ෂේත්‍ර දෙකක නොබෙල් ත්‍යාග හිමි කරගත් එකම පුද්ගලයා ඇය වේ.

මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.

කුඩා කාලය[සංස්කරණය]

ඇය උපත ලැබුවේ රුසියානු අධිරාජ්‍යයේ පෝලන්ත කොංග්‍රසයේ වර්සව් නැමැති ගමේ වන අතර වයස අවු 24 වන තෙක් එහි ජීවත් වුවාය.1891 දී ඇගේ වැඩිමහල් සොහොයුරිය මෙන් ඇය අධ්‍යාපන කටයුතු සදහා පැරීසියට ආගමනය වු අතර එහිදී තම ඉහල උපාධිය ලබා ගෙන විද්‍යා ක්ෂේත්‍රයේ නියැලුනේය. වරිසව් වල සහ පැරීසියේ කියුරි නැමැති ආයතනය ඇය විසින් ආරම්භ කරන ලදී. ඇගේ සමකාලීන නොබෙල් ත්‍යාගලාභී පියරි කියුරි ඇගේ සහකරු විය. එමෙන්ම තෙවන නොබෙල් ත්‍යාගලාභී ඉරේන් ජෝලියට් කියුරි ඔහුගේ මව විය. ඇය ප්‍රංශ ජාතිකත්වයට ගරු කළ ද තම පෝලන්ත අනන්‍යතාවය කිසිදිනක අමතක නොකළාය. කියුරි මහත්මිය තමා ප්‍රථමයෙන්ම සොයාගත් නව රසායනික මුලද්‍රව්‍යය ‘පොලෝනියම්’ (1898) ලෙස නම් කරන ලද්දේ ඇය උපන් දේශය වෙනුවෙන්ය. එමෙන්ම 1932 දී විකිරණශීලි ආයතනයක් ඇය පිහිට වූ අතර ( දැනට මරියා ස්ටොඩොව්ස්කා කියුරි නැමැති පිළිකා පිළිබද හදාරන ආයතනය) එය පිහිටවන ලද්දේ ඇගේ උපන් නගරය වන වර්සාව් හිදී වේ. භෞතික විද්‍යාඥවරියක් වන ඇය මෙන්ම පැරිසියේ අධ්‍යාපනය හැදෑරූ ඇයගේ සොහොයුරිය මෙම ආයතනයේ මුලිකත්වය ලබා ගත්තාය.

මරියා ස්ටොඩොව්ස්කා ගේ උපන් දේශය වර්සාව් වන අතර උපත ලැබුවේ පෝලන්ත ජාතික දෙමාපියන්ට දාවයි. දෙමව්පියන්ගේ නම් වූයේ බ්‍රොනිස්ලාවා සහ බ්ලඩිස්ලෝ ස්ටොඩොව්ස්කි වන අතර ඔවුන් දෙදෙනාම ගුරුවරුන් වූ බැවින් ඉගෙනීමේ අගය කුඩා කළ සිටම තම දරුවන්ට දැනීමට සැලැස්වීය. බ්ලඩිස්ලෝ ස්ටොඩොව්ස්කි භෞතික විද්‍යාව සහ අංක ගණිතය පිළිබද ගුරුවරයෙක් විය.

ළමුන් පස් දෙනෙකුගෙන් මරියා බාලම දරුවා විය.ඇගේ සහෝදර සහෝදරියන් නම් සොෆියා (1862) , ජුසෆ් (1863), බ්‍රොනිස්ලාවා (1865)හා හෙලේනාය. (1866)මරියා ලාබාලම දරුවා වන අතර ඇය උපන්නේ 1867 දීය

මරියා කුඩා කාලයේදී ම ඇයගේ සොහොයුරිය වූ සොෆියා මිය ගිය අතර (ටයිපොයිඩ් උණ රෝගයෙන් ) වසර දෙකකට පසු ඇගේ මව මරණයට පත්විය.( ක්ෂය රෝගයෙන්) මෙම සිදුවීම් හේතුවෙන් ඇය රෝමානු කතෝලික ආගම අතහැර අදේවවාදියෙකු බවට පත්විය.

කුඩා කළ සිටම ස්ටොඩොව්ස්කාට ඉතා හොඳ මතකයක් තිබුණු අතර වැඩ කිරීමට ආශාවක් ද විය. එබැවින් අධ්‍යාපනය හැදෑරීම සදහා ආහාර සහ නින්ද අතහැර දැමූ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්විය. වයස අවු 16 දී ඇයගේ වයසේ සියළුම ළමුන් අභිබවමින් ලුසියානු ලයිසියම් නැමැති ආයතනයෙන් ඇය උපාධියක් ලබාගත් අතර එහි මුලික අධ්‍යාපනය අවසන් කිරීම වෙනුවෙන් රන් පදක්කමක් ද හිමි කර ගත්තාය.

ප්‍රථම විද්‍යාත්මක පරීක්ෂණය[සංස්කරණය]

කැරැකොස්කි ප්‍රෙස්ඩෙමෙසි 66, වර්සාව් පැරණි නගරය අසල විද්‍යාගාරයක දී මරියා ස්ටොඩොව්ස්කා ඇයගේ ප්‍රථම විද්‍යාත්මක පරීක්ෂණය සිදු කරන ලදී. (1890 – 91)

ඇය ගැහැණියක් වූ බැවින්ද රුසියාවට එරෙහිව 1863 පෝලන්තයේ පැවැති ගැටුම් හේතුවෙන්ද ස්ටොඩොව්ස්කාට සාමාන්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකි විය. එමෙන්ම ඇගේ පියා මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීම හේතුවෙන් ඇයට වර්සව්හි නීතියෙන් පරිබාහිරව පිහිට වූ පෝලන්ත විශ්ව විද්‍යාලයක ද අධ්‍යාපන කටයුතු හැදෑරීමට යන අතරතුර දී ගුරුවරියක් ලෙසද වැඩකටයුතු සිදු කිරීමට සිදු විය. වයස අවු 18 දී ඇය ළමුන් බලා ගන්නා පුද්ගලයෙක් ලෙස කටයුතු කළ අතර එහි දී ඇයට අසතුටු දායක ප්‍රේම සම්බන්ධයකට මැදි වීමට සිදුවිය. බ්‍රොනිස්ලාවා හි පැරිස් වෛද්‍ය විශ්ව විද්‍යාලයක සිටින ඇගේ වැඩිමහල් සහෝදරියට උදව් කිරීමට ඇය උපයා ගත් දේ යොදා ගත්තාය.එසේ සිදු කළේ මරියා යම් කිසි දිනයක අධ්‍යාපනය ලබන විට ඇය උදව් කරාවි යයි ඇති බලාපොරොත්තුව මතය.

විශ්ව විද්‍යාල ජීවිතය[සංස්කරණය]

පැරිස් විශ්ව විද්‍යාලයේදී ස්ටොඩොව්ස්කා ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව උගත්තාය. (පසු කාලයක දී එනම් 1909 දී ඇය විශ්ව විද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ලෙස පත්වන විට ඇගේ නැසීගිය සැමියාගේ රැකියාව වන භෞතික විද්‍යාව ඉගැන්වීමේ අවස්ථාව ඇයට හිමිවිය. ඔහුගේ ඛේදාන්ත මරණයට පෙර මෙම තනතුර ඔහු විසින් දරන ලද්දේ වසර දෙකහමාරක් පමණි)1893 මුල් භාගයේදී ඇගේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම ස්ථානය ඇය විසින් ලබා ගත්තාය . ඉන් වසරකට පසු එම පැරිස් විශ්ව විද්‍යාලයෙන්ම අංක ගණිතය පිළිබද ඉහල උපාධිය ද ඇය ලබාගත්තාය. 1903 දී හෙන්රි බෙකරල්ගේ අධීක්ෂණය යටතේ පැරිස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් පැරීසියේ පළමු කාන්තාව බවට පත්විය.

විවාහ ජීවිතය[සංස්කරණය]

පැරිස් විශ්ව විද්‍යාලයේදී ඇය පියරි කියුරි හමු වූ අතර ඇය ඔහු සමග විවාහ ගිවිස ගත්තාය. එම කාලයේ දී පියරි කියුරි භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව පිළිබද පාසලේ ගුරුවරයෙක් වු අතර (École Supériure de Physique et de Chimie Indrustrielles de la ville de Paris (ESPCI) ස්ටොඩොවිස්කා පැරිස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ අතර නොයෙකුත් ලෝහවල චුම්භක ද්‍රව්‍ය පිළිබද අධ්‍යයනය කරමින් ඇය විද්‍යාඥවරියක් ලෙස තම රැකියාව ආරම්භ කළාය. චුම්භකත්වය පිළිබද ස්ලොඩොස්කාගේ සහ කියුරිගේ කැමැත්ත ඔවුන් දෙදෙනා එක් කිරීමට සමත් විය.

පර්යේෂන[සංස්කරණය]

1906 අප්‍රේල් 19 දිනට පෙර ( පියරි මිය ගිය දිනය ) මාරි සහ පියරි කියුරි ඔවුන්ගේ විද්‍යාගාරයේදී

ක්‍රමයෙන් විකිරණශීලී ද්‍රව්‍ය පිළිබද අධ්‍යයනය ආරම්භ කළ අතර විශේෂයෙන් ම යුරේනියම් ලබාගන්නා ලෝහය එනම් පිච් බෙලෙන්ඩ් පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලදී. 1898 වන විට ස්ටොඩොවිස්කා කියුරි පැමිණි නිගමනය වන්නේ පිච් බෙලෙන්ඩ් නොදන්නා සංයෝගවලින් සමන්විත වන අතර යුරේනියම් වලට වඩා ඒවා විකිරණශීලී බවින් වැඩි බවයි. 1898 ජුලි මාසයේදී මාරි සහ පියරි කියුරි එකතුව පොලෝනියම් නමින් ඔවුන් හදුනාගන්නා ලද මුලද්‍රව්‍යයක් පිළිබදව ලිපියක් සකස් කරන ලදී. මෙම මුලද්‍රව්‍ය නම් කරන ලද්දේ ඇගේ උපන් පෝලන්තයට ගෞරවයක් වශයෙනි. 1898 දෙසැ . 26 වන දින දෙවන මුලද්‍රව්‍යයක පිහිටීම පිළිබද ඇය දැනුම් දුන් අතර එම මුලද්‍රව්‍ය පවතින විකිරණශීලී තාවය නිසා එය රේඩියම් ලෙස නම් කරන ලදී. රේඩියම් යන වචනය ඇය වචන දෙකක් එක් කොට සකස් කරන ලද්දකි.

ඉතාම අපහසු තත්වයන් මධ්‍යයේ වසර කිහිපයක්ම නොනවත්වා වැඩ කරමින් ඔවුන් පිච් බෙලෙන්ඩ් ටොන් ගණනාවක් සකස් කරන ලදී. එසේ සිදු කරන ලද්දේ විකිරණශීලතා සංයෝග ද්‍රාවණයක් සකස් කිරීමෙන්[[ ක්ලෝරයිඩ් ][[]ලුණු ]]වෙන්කිරීමෙනි. (මෙහිදී එනම් 1902 අප්‍රේල් 20 දින විකිරණශීලී ක්ලෝරයිඩ් සකස් කරන ලදී.) මෙකල දී පොලෝනියම් තවදුරටත් කොටස් වලට වෙන් කර නොතිබුණි.

1903 දී විද්‍යාව පිළිබදව රාජකීය ස්වීඩන් ආයතනයෙන් පියරි කියුරි , මාරි කියුරි සහ හෙන්රි බෙකරල් යන අයට භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය ලබා දෙන ලද්දේ ‘මහාචාර්ය හෙන්රි බෙකරල් විසින් හදුන්වාදෙන ලද විකිරණශීලීතාවය නැමැති සංකල්පය මත සිදුකරන ලද සමුහ පර්යේෂණ වලට පිළිගැනීමක් ලබා දීමේ අරමුණිනි.’

නොබෙල් ත්‍යාගයක් ලබා ගත් ප්‍රථම කාන්තාව කියුරි වේ. වසර අටකට පසුව එනම් 1911 දී ඇය රසායන විද්‍යාව නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ රේඩියම් වෙන්කිරීම මගින් රේඩියම් සහ පොලෝනියම් නැමැති මුලද්‍රව්‍ය දෙක හදුන්වාදීම සහ මෙම මුලද්‍රව්‍ය දෙකේ ස්වභාවය සහ සංයුතිය පිළිබද අධ්‍යයනය කිරීම මගින් රසායන විද්‍යාවේ දියුණුවට සිදු කරන ලද සේවය ඇගයීමක් ලෙසයි.

ඉතාම පුදුම සහගත තීරණයක් ලෙස ස්ටොඩොවිස්කා කියුරි රේඩියම් වෙන් කිරීමේ ක්‍රියාවලිය සදහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර එබැවින් විද්‍යාත්මක ප්‍රජාවට මෙම ක්ෂේත්‍රය පිළිබදව තවදුරටත් අධ්‍යයනය කිරීම සදහා කිසිදු බාධාවක් නොවීය.


ස්ටොඩොවිස්කා කියුරි නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගැනීමට හෝ ඒවාට හිමිකම් පෑමට හැකි වූ ප්‍රථම පුද්ගලයා විය. වෙනස් වූ ක්ෂේත්‍රයන් දෙකක දී නොබෙල් ත්‍යාග ලබා ගැනීමට හැකි වූ දෙදෙනාගෙන් එක් අයෙක් ඇය වූ අතර අනෙක් පුද්ගලයා වූයේ ලීමස් පෝලිංක් (රසායන විද්‍යාව , සාමය ) නොබෙල් ත්‍යාග දෙකක් දිනා ගැනීමට හැකි වූ එකම කාන්තාව ලෙස ඇය තවමත් ප්‍රසිද්ධව සිටින අතර වෙනස් වූ විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක් නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ද ඇය විය. කෙසේ වුව ද විද්‍යාව පිළිබදව ප්‍රංශ ඇකඩමිය කාන්තාවන්ට එරෙහිව ඔවුනගේ පැවති දුර්මතය ඉවත දැමීමට අකමැති වූ අතර එහි සාමාජිකත්වය ලබා ගැනීම සදහා එක් ඡන්දයකින් ඇය පරාජයට පත්විය. ඇයගෙන් උගත් ශිෂ්‍යාවක් වන මාගරිට් පෙරී 1962 දී එනම් පියරි කියුරි 1905 දී සාමාජිකත්වය ලබා ගැනීමෙන් වසර 50කට පසුව , ප්‍රථම කාන්තාව ලෙස මෙම ඇකඩමියට තේරී පත්විය.

පියරි කියුරිගේ මරණය[සංස්කරණය]

1906 අප්‍රේල් 19 වන දින පියරි කියුරි ඔහුගේ ප්‍රකාශකයාගේ කාර්යාලයෙන් නික්මෙන අතරතුර අනතුරකට මුහුණ පෑමෙන් ජීවිතක්ෂයට පත්විය. ඔහු එම කාර්යාලයට ගමන් කළේ ඔහු විසින් සපයන ලද ලිපියක වැරදි අඩුපාඩු බැලීම සදහා වන අතර වැඩ වර්ජනයක් හේතුවෙන් එම කාර්යාලය වසා දමා ඇති බව සොයා ගන්නා ලදී. ඉතා තද වර්ෂාව මධ්‍යයේ පාරෙන් අනික් පැත්තට මාරු වන අවස්ථාවේදී අශ්වයන් විසින් පදවන ලද වාහනයක ඔහු ගැටුණු අතර එහි රෝද අතරට හිරවී ඔහුගේ හිස්කබල කුඩු පට්ටම් විය. බොහෝ වේලාවක් විකිරණශීලතාවයට නිරාවරණය වීම නිසා මීට පෙරද ඔහු දුර්වල වී සිටි බව බොහෝ දෙනා පැවසූව ද මෙම අනතුරට හේතු වන්නේ එය බවට ඔප්පු වූ සාධක නොමැත.

ටික කලකට පසුව ඇය භෞතික විද්‍යාඥ පෝල් ලැන්ගවින් (තම බිරිද අතහැර ගොස් සිටි විවාහක පුද්ගලයෙක්) සමග සබදතාවයක් ආරම්භ කළ අතර අවසානයේ දී එය ඇගේ විරුද්ධවාදී සගයන් විසින් මාධ්‍යයට ද ගෙනයන ලදී. ඇගේ විද්‍යාත්මක පර්යේෂණ නිසා ලබා ගත් ප්‍රසිද්ධිය ද අභිබවා ප්‍රංශ ජාතිකයන් විදේශිකයන් නුරුස්සන බව මතුවිය.

ලැන්ගවින්ගේ මුනුපුරා වන මයිකල් ලැන්ගවින් පසු කාලයක දී ස්ටොඩොවිස්කා කියුරි ගේ මිනිපිරිය වන හෙලන් ජෝලියට් නැමැත්තිය විවාහ කරගත්තේය.

පළවන ලෝක යුද්ධ කාලයේ දී ස්ටොඩොවිස්කා කියුරි ජංගම විකිරණශීලි අංශ පවත්වාගෙන ගිය අතර එය පසු කාලයක දී ජනප්‍රිය වුයේ Petites Curies ( කුඩා කියුරි) ලෙසයි. මෙය පවත්වා ගෙන යන ලද්දේ තුවාල වූ සොල්දාදුවන් ට ප්‍රතිකාර කිරීමටය. රේඩියම් මගින් ලබා දෙන ලද අවර්ණ විකිරණශීලි වායු එනම් පසු කලෙක දී රේඩයම් ලෙස හදුන්වාගත් වායු යොදා ගෙන සකස් කරන ලද විකිරණශීලී නල මගින් මෙම අංශවලට විදුලිය ලබා දෙන ලදී. ඇය විසින් ලබා ගන්නා ලද රේඩියම් මගින් ඇය මෙම නලවලට රේඩියම් සපයන ලදී. එමෙන්ම යුද්ධය පටන් ගැනීමෙන් පසුව ඇයගේ සහ ඇයගේ සැමියාගේ නොබෙල් ත්‍යාග යුද්ධය වෙනුවෙන් ඇය පරිත්‍යාග කරන ලදී.

පළවන ලෝක යුද්ධය අවසානයේ දී එනම්, 1921 සහ නැවත 1929 දී ස්ටොඩොවිස්කා කියුරි ඇමරිකා එක්සත් ජනපදය තුල සංචාරයක නිරත වූ අතර එහි දී ඇය ඉතාම ජයග්‍රාහී ලෙස පිළිගෙන රේඩියම් පිළිබද පර්යේෂණවලට මුදල් එකතු කිරීම සදහා ඇයගේ උදව් ලබාගන්නා ලදී. තම විද්‍යාත්මක කාර්යයන් සදහා සහ ඇයට ලැබෙන ප්‍රසිද්ධිය හේතුවෙන් සිදු වූ අවහිරතා ඇය අපහසුතාවයට පත් කළ ද ඉන් ඇයට තම කාර්යයන් සදහා සම්පත් එක් රැස් කිරීමට හැකියාව ලැබුණි. ඇගේ දෙවැනි ඇමරිකානු ගමනේ දී, 1925 ඇගේ සොහොයුරිය වන බ්‍රොනිස්ලාවා සමග පිහිටුවා ගත් වර්සව් රේඩියම් ආයතනයට උපකරණ ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

පසු කලෙක දී ස්ටොඩොවිස්කා කියුරි පැස්චර් ආයතනයෙහි මුලිකත්වය ගත් අතර පැරිස් විශ්ව විද්‍යාලය මගින් ඇය වෙනුවෙන් සකස් කරන ලද විකිරණශීලී විද්‍යාගාරයේ ද ප්‍රධානියා බවට පත්විය.


පෝලන්තයේ 20000 වන පැරණි බැංකු නෝට්ටුවේ මරියා ස්ටොඩොවිස්කා කියුරිගේ ප්‍රතිරූපය අඩංගුවේ.

ප්‍රංශයේ 500 වන බැංකු නෝට්ටුවේ මාරි කියුරි සමග පසුබිමේ ඇගේ සැමියා සහ ඇය සමගම නොබෙල් ත්‍යාගය හිමිකරගත් පුද්ගලයා වන පියරි කියුරි ද වේ.

මාරියා ස්ටොඩොවිස්කා කියුරිගේ විද්‍යාත්මක පර්යේෂණ (1890 – 91) සිහි කිරීම සදහා වර්සව්හි ක්රැකොව්ස්කි ප්‍රෙස්ඩෙමිසි නැමැති ග්‍රාමයේ ඇති විද්‍යාගාරයේ පලකයක් ඉදි කොට ඇත.

ඇගේ මරණය[සංස්කරණය]

1934 දී සැලැන්ෂස් සැවෝයිහි ඇගේ මරණය සිදුවූයේ (ඇට මිදුලු වර්ධනය නොවීම නිසා )සියලුම රුධිර සෛලවල ඇති ඌනතාවය හේතුවෙනි.මෙය ඇත්ත වශයෙන්ම සිදුවූයේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරවරණය වීමෙන් වන අතර විකිරණශීලී ද්‍රව්‍ය වලින් සිදුවන හානිය එකල සොයා ගෙන නොතිබුණු නිසාවෙනි. එමෙන්ම ඇයගේ බොහෝ කාර්යයන් සිදු කරන ලද්දේ කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් වන අතර විකිරණශීලී සමස්ථානික රැගත් නළ ඇය විසින් නිතරම තම පොකැට්ටුවේ දමා ගෙන යාම ද තම මේසයේ ලාච්චුවක දමා තිබීමද පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිදුකළේ මෙම මුලද්‍රව්‍ය අදුරේ දී ලබාදෙන කොළ පැහැයට හුරු නිල් පැහැති ආලෝකය නිසාය.


ඇය මිහිදන් කරන ලද්දේ සෝ (Sceaux)හි ඇගේ සැමියා මිහිදන් කළ සුසාන භූමියේදීම ය. නමුත් වසර 60 කට පසුව එනම් 1995 දී ඔවුන් සිදු කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුන් දෙදෙනාගේ භෂ්මාවශේෂ පැරීසියේ පැන්තන් නැමැති ස්ථානයට ගෙන යන ලදී.

කියුරි යුවලගේ වැඩිමහල් දියණිය වන ඉරේන් ජෝලියට් කියුරි රසායන විද්‍යාව සදහා 1935 දී නොබෙ‍ල් ත්‍යාගය දිනා ගත්තේ ඇලුමිනියම් විකිරණශීලී බවත් ඒවා ඇල්ෆා කිරණ සමග විචර්ෂණය කිරීමෙන් නියුට්‍රෝන පිටකරන බවත් සොයා ගැනීම හේතුවෙනි. ඔවුන්ගේ බාලම දියණිය එනම් ඊවා කියුරි , කියුරි මහත්මිය පිළිබද චරිතාපදානයක් සකස් කරන ලදී.


මාටි කියුරි හිමිකරගත් ත්‍යාග[සංස්කරණය]

භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය (1903)
ඩේවි ත්‍යාගය (1903)
මැටුසි ත්‍යාගය (1904)
රසායන විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය (1911)


මාටි කියුරි ලබාගත් ගෞරව සම්මාන[සංස්කරණය]

වර්තමානයේදී ඉතාම ජනප්‍රිය කාන්තා විද්‍යාඥවරියක් වන මාරි කියුරි විද්‍යා ලෝකයේ බොහෝ ත්‍යාග සහ ගෞරව සම්මාන ලබා ගන්නා ලදී. 1995 දී පැරීසියේ ඉතා ප්‍රසිද්ධ පැන්තන් නැමැති කොතයට , තම සැමියා සමග මිහිදන් වීමට අවස්ථාව ලබා ගත් ප්‍රථම සහ එකම කාන්තාව ඇය වේ. පියරි සහ ඇගේ ගෞරවය වෙනුවෙන් කියුරි (සංකේතය Ci ) නැමැති විකිරණශීලීතාවයේ ඒකකය හදුන්වාදෙනු ලැබු අතර පරමාණුක අංක 96 සදහන් වන මුලද්‍රව්‍ය කියුරියම් ලෙස නම් කරන ලදී.

ස්ටොඩොවිස්කා කියුරි ගේ රූපය 1980 දී පෝලන්ත බැංකු නෝට්ටුවක සදහන් වූ අතර බොහෝ මුද්දර සහ කාසි වල ද ඇගේ රූපය අඩංගු විය. ප්‍රංශ ෆ්රෑන්ක් නෝට්ටුව යූරෝ බවට පත් කිරීමට පෙර අවසාන ෆ්රෑන්ක් 500 නෝට්ටුවේ ද ඇය සමග ඇගේ සැමියාගේ රූපය අඩංගු විය.

1943 දී ඔස්කා සම්මානයට නාමයෝජනා ඉදිරිපත් වූ කියුරිගේ ජීවන කතාව පදනම් කරගත් මදාම් කියුරි (Madame Curie) නැමැති චිත්‍රපටියේ ග්‍රී ගාසන් සහ වෝලටර් පිජන් රංගනයෙන් දායක විය.1988 යාහු ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද තරුණ අයින්ස්ටයින් (Young Einstein) නැමැති හාස්‍ය උත්පාදක කෘතියේ මාරි කියුරි නැමැති නම එක් චරිතයකට යොදා ගෙන තිබුණි.

විකිරණශීලී ලෝහ තුනක් ඇයගේ නමින් නම් කරන ලදී. කියුරයිට් (Curite) , ස්ටොලොවිස්කයිට්(Sklodowskite) සහ කියුප්රෝ ස්ටොලොවිස්කයට් (Cuprosklodowskite)

පියරි සහ මාරි කියුරි විශ්ව විද්‍යාලය එනම් ප්‍රංශයේ පවතින විශාලතම විද්‍යා තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාලය , පැරිසීයේ විශ්ව විද්‍යාලයෙන් පසුව බිහි වූ ආයතනයකි. ඇය මෙම ආයතනයේ ඉගැන්වීම් කටයුතු කළ අතර ඇයගේ සහ සැමියාගේ නම මෙම ආයතනයට යොදා ගන්නා ලද්දේ ඔවුනට කරන ගෞරවයක් වශයෙනි. ඔවුන් විසින් රේඩියම් හදුන්වාදෙන ලද විද්‍යාගාරයට මෙම විශ්ව විද්‍යාලය නිවසක් බදුය.

ඇයගේ නමින් නම් කරන ලද තවත් ආයතනයක් නම් විද්‍යාව තාක්ෂණය පිළිබද විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කෙරෙන නිව්යෝර්ක් නගරයේ මාරි කියුරි යන ආයතනයයි. (Marie Curie M.S. 158 ) එමෙන්ම කියුරි උසස් අධ්‍යාපන ආයතනය (Curie Metropolitan high school) පිහිටා ඇත්තේ චිකාගෝ හි ඊසාන දිගිනි. එහිදී තාක්ෂණය නාට්‍ය හා රංග කලාව සහ වෙනත් විෂයන් ඉගැන්වීම් කරනු ලබයි.

2007 වර්ෂයේ දී පැරීසියේ පියරි කියුරි උමං දුම්රිය ස්ථානය නැවත වරක් පියරි සහ මාරි කියුරි දුම්රිය ස්ථානය ලෙස නම් කරන ලදී. ජෝසප් සී . මසුර් විසින් සකස් කරන ලද මාරි ස්ටොලොවිස්කා කියුරි මුද්‍රාව විශ්ව විද්‍යාලයේ පෝලන්ත දේශන ශාලාවේ දී දැකගැනීමේ හැකියාව ඇත.

ඇයට ගෞරවයක් වශයෙන් KLM McDonnell Douglas MD –11 නැමැති නම් වෙනස් කරන ලදී.


සටහන[සංස්කරණය]

මාරි කියුරි 1867 නොවැම්බර් 07 - 1934 ජූලි 04 මාරි ස්ටොලොඩොවස්කා කියුරි හෙවත් මාරි ස්කෝලොඩොස්කා කියුරි පෝලන් යන ජාතියෙන් ශික්ෂණය ලද භෞතික විද්‍යාඥවරියක් සහ රසායන විද්‍යාඥවරියක් විය. ඇය විකිරණශීලිතාව පිළිබද අංශයේ පුරෝගාමියා වු අතර, දෙවරක් නොබෙල් සම්මානයෙන් පිදුම් ලද ඇය මෙම කාලයේ වෙනස් විද්‍යා අංශ දෙකකින් නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගත් එකම තැනැත්තිය වුවාය. එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කථිකාචාර්යය වරිය වුයේ ද ඇයය.

ඇය උපත ලැබුවේ රුසියානු අධිරාජ්‍යයේ පෝලන්ත කොංග්‍රසයේ පිහිටා ඇති වර්සාවෝ හිදි වන අතර ඇයගේ පවුලේ පිරිස ඇයට වයස අවුරුදු 24 ක් වන තුරු එහි වාසය කළාය. 1891 දී ඇය සිය වැඩිමහල් සොහොයුරිය අනුගමනය කරමින් ඉගෙනීම් කටයුතු සදහා පැරීසියට ගිය අතර එහිදි ඇය ඇයගේ උසස් උපාධිය ලබාගත්තාය. ඇය පැරීසියේ හා වර්සාවොහි කියුරි ආයතන පිහිටුවනු ලැබීය. ඇය අයිරින් ජුලියම් කියුරි යන තෙවන නොබෙල් ත්‍යාගලාභි තැනැත්තියගේ පුතු වන පියරේ කියුරි සමග විවාහ විය. ඔහු ඇය හා සමකාලීනව නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දියක වුවාය.

දේශා ප්‍රේමී ඇය ප්‍රංශයේ කාර්යක්ෂමව සිටින අතරතුර ඇය කිසිදිනෙකවත් ඇයගේ ජාතිය වන පොලිෂ් අනන්‍යතාව නැති කරගත්තේ නැත. කියුරි ඇය ගවේෂණය කළ (1898) පළමු වන නව රසායනික මූලද්‍රව්‍ය පොලෝනියම් ලෙස තමා උපන් රට වෙනුවෙන් නම් කළ අතර 1932 දී ඇය රේඩියම් ආයතනයක් (දැන් එය ස්කොලොඩෙවෙස්කා - කියුරි ආයතනය) තම උපන් ගම වන වර්සාවෝහි පිහිටු වනු ලැබුවාය. එය ඇයගේ වෛද්‍ය ශිෂ්‍ය සහෝදරිය වන ඇය සේම පැරිසියේ අධ්‍යාපනය ලබා තිබුණු බ්රොනිස්ලා වේ නැමැත්තියගේ ප්‍රධානත්වය යටතේ පවත්වාගෙන යනු ලැබුවාය.

බාහිර සබැදි[සංස්කරණය]

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:
"http://si.wikipedia.org/w/index.php?title=මාරි_කියුරි&oldid=315720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි