භූගෝල විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පෟථිවි ගෝලය

භූගෝල විද්‍යාව යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය.

එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.(276-194 BC) මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලේෂණය (Special analysis), ප්‍රදේශය පිළිබඳ හැදැරීම සහ පෘථිවිය පිළිබඳ අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුළ භූගෝලය පමණක් ගැන නොව එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබඳවද සාකච්ඡා වේ. භූගෝල විද‍‍්‍යා විෂය ක්ෂත්‍රයේදී භෞතික සහඅභෞතිකමය වස්තූන්ගේ උපතේ සිට මෑතකාලීන පැවැත්ම දක්වා ක්‍රමීය විකාශනයක් ඉදිරිපත් කරයි.

ප්‍රධාන ලෙස භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රය ප්‍රධාන තේමා ඒකක ත්‍රිත්වයක් යටතේ අධ්‍යනය කෙරෙයි. එනම්,

  1. පාරිසරික භූගෝල විද්‍යාව
  2. මානුෂික භූගෝල විද්‍යාව
  3. ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනුවෙනි.

මෙලෙස ඒකක ත්‍රිත්වයක් යටතේ එකිනෙකට වෙනස් වූ අනුතේමා රැසක් යටතේ අධ්‍යනය කෙරෙයි.

පාරිසරික භූගෝල විද්‍යාව යටතේ පෘථිවි තලයේ උප්පත්ති කතාව හෙවත් ජනිතය සාකච්ඡා කරයි. එදා ඈත අවධියේ පෘථිවි තලය මත පිහිටි පැංජියාව නම් වු හුදකලාවූ විශාල මහද්වීප තලයක සිට ක්‍රමීය විකාශනයක් සිදූව ඇති බව ප්‍රකාශ කරයි.‍මෙම පැන්ජියාව නම් වූ විශාල භූමිස්න්ධය මත තෙදිස් මුහුද නමින් වූ මුහුදක් පැවත ඇත.පසුව එම තෙදිස් මුහුදේ සිට දෙපසට ගලා බසින්නට වූ ගංඟා දෙකකින් මෙම භූමිස්කන්ධය කොටස් දෙකකට බෙදී පසුව අංගාරාලන්තය සහ ගොන්ඩුමානාලන්තය ලෙස කොටස් දෙකකට බෙදි පසුව නූතන මහද්වීප දක්වා සංක්‍රමණය වු ආකාරය ශ්‍රේෂ්ට භූ විද්‍යාඥයකු වූ ඇල්‍ෆ්‍රඩ් වෙග්නර් පවසයි.මේ ආදී වශයෙන් මෙම ඉතිහාසය ප්‍රබන්ධ කතාවක් ලෙස නොව ඒ සඳහා අවශ්‍ය සාක්ෂින්ද ඉදිරිපත් කිරීම භූගෝල විද්‍යාවේ විශේෂත්වයයි.භූමිති සාක්ෂි ,භූ භෞතික සාක්ෂි ආදී වූ සාක්ෂීන්ට අනුව මෙම ඉතිහාසය භූගෝල විද්‍යා විෂය තුළ මූලිකවම අධ්‍යනය කෙරෙයි.

පසුව නූතන ශාක සන්තතිය,සත්ව සන්තතිය අතර ඇති අන්තර් සහ සම්බන්ධතා විවිධ පරිසර පද්ධතීන්,පරිසර පද්ධතීන් වල නුතන උපනතීන්,උදාහරණ ලෙස මෑත කාලීන සුනාමි රළ හෝ මූලාරම්භයේ සිට පරිනත අවස්ථාව දක්වා ඉතාමත් සිත් ඇද ගන්නා ආකාරයෙන් අධ්‍යනය කෙරෙයි. නූතන සමාජ ආර්ථික පසුබිම තුළ පරිසරය සමඟ මානව අන්තර් සහ සම්බන්ධතාවය සහ ඒවායේ අන්තර් ප්‍රතිවිපාක උදාහරණ ලෙස පෘථිවි වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, හරිතාගාර ආචරණය(Green Hut Effect) ඇතිවීම,ග්ලැසියර් දියවීම ,මුහුදු මට්ටම ඉහළ යෑම , සත්ව වර්ග මිහිතලයෙන් තුරන් වීම ආදී වූ කාලීන අර්බුද සහ එම අර්බුද හට ගැනීමට තුඩුදුන් හේතු සාධක එම අර්බුදයන්ගේ භාහිර පසු බලපෑම්,කාලීනව ඇතිවිය හැකි ස්වභාවික අර්බුධකාරීත්වයන් මඟ හරවා ගැනීමට ගත හැකි පියවර ආදිය ඉතාමත් විශ්ලේෂණාත්මකව පාරිසරික භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රයේදී සාකච්ඡා කෙරේ.

භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රයේදී මීලඟ ප්‍රධාන තේමාවක් ලෙස මානුෂ භූගෝල විද්‍යාව හැඳින්විය හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානවයා සහ මානව සම්බන්ධතා පිළිබඳ කරුණු සම්පිණ්ඩණාත්මකව ඉදිරිපත් කරයි.මානුෂ භූගෝල විද්‍යා විෂය තුළ මිහිතලය මත සියලු මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳ තුළණාත්මක අධ්‍යනයක් සිදුකෙරේ.

මානව සංඝණන ක්‍රමවේදයන් සංඝණන වාර්තා සැකසීම සංඝණන උපනති ආදියේ සිට,ලුහු,බැර හා අධිතාක්ෂණ කර්මාන්ත,කාර්මීකරණය,ගෝලීයකරණය,ගෝලීයකරණය තුළ නූතන කාලීන ප්‍රවණතා ආදිය ජනගහණය වැඩිවීම,ජනසංඛ්‍යාවේ අනාගතයේ විය හැකි ජනගහණ ස්ඵෝටන ආදී තේමාවන් පිළිබඳ විවේචණාත්මක විශ්ලේෂණයක් සහ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කෙරෙයි.විශේෂයෙන්ම කාලීනව මානව ක්‍රියාකරකම් සමාජ රටාවන් ආදියෙහි ඇතිවන උපණතීන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිම මානුෂ භූගෝල විද්‍යාව තුළදී ආවරණය වෙයි.

භූගෝල විද්‍යාව විෂය ක්ෂත්‍රයේ නිර්මාණාත්මක විෂය ශීර්ෂය ප්‍රායෝගික භූගෝල විද්‍යාවයි මේ යටතේදී පෘථිවි ගෝලයේ පිහිටි මහද්වීප සහ භූරුප ආදිය පැතලි කඩදාසියක සටහන් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් (ප්‍රක්‍ෂේපණ)ආදියේ සිට දත්ත හැසිරවීම ,සංඛ්‍යානය,දත්ත නිරූපණ ක්‍රම (ප්‍රස්ථාර සහ රූප සටහන්) භූමි තලයක ක්ෂෙත්‍රඵලය නිවැරැදිව පරිමාණුකූලව නිර්මානය කිරීමේ ක්‍රමවේදයක්(පිඹුරුපත්)නූතන ව්‍යවහාරයේ පවතින 1:50000 මෙට්‍රික් සිතියම් පිළිබඳ නිර්මාණය,නිර්මාණය ලබන විද්‍යාත්මක පදනම,සිතියම් කියවීම සහ අවබෝධය ආදිය ආවරණය වෙයි.නිර්මාණාත්මක හැකියාවන් වඩාත් ඔප් නැංවෙන විෂය ඛණ්ඩයක් ලෙස ප්‍රායෝගික භූගෝල විද්‍යාව වැදගත් වෙයි.

එසේම භූගෝල විද්‍යාව පමණක් නොව වෙනත් අනෙකුත් විෂය තේමාවකදී වුවද භාවිත වන දත්ත හැසිරවීමේ ක්‍රම ශිල්ප සිතියමක් හෝ කොටසක් නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම දක්වා වූ සමාජයේ ජීවත්වීමේදි අත්‍යවශ්‍ය දැනගත යුතු කරුණු කාරණා රැසක් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී ආවරණය වන හෙයින් විෂයක් ලෙස අධ්‍යනය නොකරන්නෙකු හට වුවද අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු විෂය කොටස් රැසක් ප්‍රායෝගිකව ගැබ් වී තිබේ.

මේ ආකාරයෙන් සමස්ත‍ය ලෙස බලන කළ පාරිසරික භූගෝල විද්‍යාව,මානුෂ භූගෝල විද්‍යාව,ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනාදී විෂය කොටස් ත්‍රිත්වයම එක හා සමාන ගැඹුරු අධ්‍යාපනික වටිනාකමින්,දැනුම් සම්භාරයක් අඩංගු විෂය පථයක් ලෙස හැදින්විය හැකිය.

මේවාත් බලන්න[සංස්කරණය]

  1. භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය
  2. යමහල්
"http://si.wikipedia.org/w/index.php?title=භූගෝල_විද්‍යාව&oldid=248108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි