යමහල්

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
Surface of vol.jpg

පටුන

[සංස්කරණය] හැඳින්වීම.

tumb

අප ජීවත් වන පෘථිවි අභ්‍යන්තරය ඒකාකාරී ස්වරූපයක් නොදරයි.එහි අභ්‍යන්තරය අතිශය සක්‍රීය වේ.පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා ඝනීභවනය වීමෙන් යමහල් නිර්මාණය වේ.සක්‍රීය වු පෘථිවි අභ්‍යන්තර‍යේ බලපෑම යමහල් ක්‍රියානාරීත්වය කෙරේ ඍජුවම බලපෑම් කරයි.පෘථිවිය ස්ථර කීපයකින් නිර්ම්තය.පෘථිවි කබොල / ශිලා ගෝලය, ප්‍රාවරණය(ඉහළ හා පහළ), පෘථිවි හරය(ඇතුලත,පිටත),ලෙස ඒවා නම් කල හැක.පෘථිවි ප්‍රාවරණ කලාපයේ ඇති අධික තාපය හේතුවෙන් මූලද්‍රව්‍ය බවට පත්වේ.එනම් ලාවා/මැග්මා සකස් වේ.මෙසේ අධික පීඩනයකින් ඇති ද්‍රව ලාවා හෙවත් මැග්මා පෘථිවි තලයේ දූර්වල ස්ථාන වන තැටි මායිම්, ව්භේධ ඔස්සේ ඉභළට පැමිණ තැම්පත් වේ.ඇතැම් අවස්ථාවලදීපෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර අතරද ලාවා ගලා ගොස් තැම්පත් වී ඝනීභවනය වේ.


ලාවා ඝනීභවනය වන තලාප අනූව යමහල් කොටස් දෙකකි.

01. නිශ්ක්‍රාන්ත යමහල්

02. ආක්‍රාන්ත යමහල්

ඒ අතරම යමහල්වල සක්‍රීය භාවය අනූවද ඒවා පහත ආකාරයට ඛණ්ඩනය කල හැකි ය.

1. සක්‍රීය යමහල්

11. නිදන යමහල්

111. මළ යමහල්

යමහල්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ භූරූප නිර්මාණය වේ. යමහල් හෙවත් ගිනිකඳුවල හිතකර බලපෑම් ද වන බව කිව යුතු ය.

[සංස්කරණය] නිශ්ක්‍රාන්ත යමහල් :

පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රාවරණ කලාපයේ සිට පැමිණෙන ලාවා කබොලේ ඇතිපාෂාණ තැටි මායිම්, විභේද ආදි දුර්වල ස්ථාන ඔස්සේ පැමිණ නිර්මාණය වූ කඳුගැට/කේතුරූපාකාර ලක්ෂණය නිශ්ක්‍රාන්ත යමහල් වේ.සාමාන්‍යයෙන් ගිනි කන්දක් මීටර් සිය ගණනක්උසට හා කිලෝමීටර් කිහිපයක විශ්කම්භයකින් යුක්ත වේ.මෙවැනි ගිනිකඳු ක්‍රියාත්මක වීමේදී මුලින්ම දුම් හා අළු ඉහළට විහිදෙයි.ඉන්පසු සුළු පිපිරීම් ඇති වේ. ඉන් පසු විශාල පිපිරීම් ඇති වී ලාවා විධාරණය වීමත් ඝනීභවනය වීමත් සිදු වේ.

ලාවාවලට අමතරව ගිනි කන්දකින් ජලය,කාබන්ඩයෝක්සයිඩ්,හයිට්‍රජන්,නයිට්‍රජන් වැනි වායු වර්ග ද පිට වේ.ඇතැම් යමහල්වල ලාවා විධාරණයේදී සිදුවන ප්‍රබල පිපිරීම් හේතුවෙන් විශාල මෙන්ම විවිධ ප්‍රමාණයේ ලාවා කොටස් ඉහළට විසි වේ.එනම් ලාවා කුට්ටි,රවුම් හැඩයේ ලාවා ‍‍බෝම්බ,ලැපිලි හෙවත් ලාවා පටි,සියුම් ධාන්‍ය වැනි කොටස් ද ඒවා අතර වේ.නිශ්ක්‍රාන්ත යමහල් විවිධාකාර වූ හැඩයන්ගෙන් යුක්ත වේ.(සිරස් හා තිරස් ස්වභාවයේ හා විශාල මුඛ සහිත).යමහලක හැඩය තීරණය කිරීම ෙකරේ බලපාන ප්‍රධාන සාධක 02 කි.එනම්,

01. ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍යවල ස්වභාවය

02. ලාවා විධාරණයේදී පිපිරීමක් සිදුවේද,නොවේ ද යන්න

ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගත් විට ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල සිලිකා ප්‍රමාණය ඉතා ඉහළය.එවැනි ලාවා උකු බවින් වැඩි ය.ඒවා ආම්ලික බවින් වැඩි ලාවා වේ.ඒවායේ තිරස් විහිදීම අඩු අතර සිරස් විහිදීම වැඩි ය.ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල යකඩ ප්‍රමාණය ඉහළ ය.ඒවා භාෂ්මික ලාවා වන අතර ම ඒවායෙහි තිරස් විහිදීමක් ඇති අතර සිරස් විහිදීම අඩු ය.

උදා:- මොන ලෝ ආ හා කිලෝ ඉ ආ යමහල් (හවායි දූපත්)


එමෙන්ම යමහලක් සක්‍රීය වීමේදී ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පළල් යමහල් මුඛ නිර්මාණය වේ.

උදා:- ඉන්දුනීසියාවේ ක්‍රෙකටෝවා යමහල් පිපිරීම-1883 (මෙම පිපිරීමෙන්යමහලෙන් 2/3 ක ප්‍රමාණයක් විනාශ විය. නමුත් ප්‍රබල පිපිරීමක් සිදු නොවන යමහල් ආශ්‍රිතව ඇත්තේ කුඩා යමහල් මුඛ ය.



[සංස්කරණය] නිශ්ක්‍රාන්ත යමහල් වර්ග.

2:1:1 යමහල් අළු කේතුව

මෙය සිරස් වර්ධනයක් සහිත ගිනි කන්දකි.ලාවා හා අළු ස්තර කීපයකින් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රමාණය ඉහළ බැවින් ලාවාවල උකුස්වභාවයක් ඇත.

උදා:- මෙක්සිකෝවේ පැරකුටීන්, ඉතාලියේ විසුවියස්,පිලිපීනයේ පිහාටු බෝ යන යමහල්.


2:1:2 භාශ්මික ලාවා පලිහ(පලිස් යමහල්)

මෙය තිරස් වර්ධනයක් පෙන්නුම් කරයි.විශාල ප්‍රදේශයක පැතිර යයි.යකඩ ප්‍රතිශතය ඉහළ බැවින් ලාවාවල ද්‍රව ස්වභාවයක් ගනී.බහුල වශයෙන් පැසිපික් සාගරය ආශ්‍රිතව දැකිය හැක.

උදා:- මොන ලෝ ආ,කිලෝ ඉ ආ යන ගිනි කඳු


2:1:3 අම්ල ලාවා ශඛර

අම්ල ලාවා ශිඛර උත්තල ස්වභාවයකින් යුක්ත ය.මෙවැනි යමහල් කේතු සුළු පිපිරීම් සහිතව ලාවා විධාරණය වීමෙන් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රතිශතය ඉහළ බැවින් උකු ස්වභාවයක ලාවා වේ.

උදා:- ඇමෙරිකාවේ ශාන්ත හෙලේනා හා මවුන්ට් රේන්ජ්, මධ්‍යධරණී මුහුද-ස්ට්‍රොම්බෝලි,ලිපාරි දූපත- වුල් කැනෝ, අප්‍රිකාව- කිලිමන්ජාරෝ


2:1:4 සංයුක්ත යමහල

Sanukta.jpg

සංයුක්ත යමහල යනු,විවර කීපයක් සහිත ගිනි කදු විශේෂය කි.මේවායේ ලාවා ප්‍රමාණය අධික ය.ප්‍රධාන ජීද්‍රයෙන් ලාවා විධාරණය වීමට අමතරව කුඩා කුඩා ජීද්‍රවලින් ද ලාවා ගලා යයි.

උදා:- සිසිලි දූපත-එට්නා ,මෙක්සිකෝව-ජුදයිදෝ ගිනි කඳු








2:1:5 යමහල් කල්දේරාව හා යමහල් මුඛ විල්

යමහල් කල්දේරාව







යමහල ප්‍රබල පිපිරීමකට ලක් වීමෙන් යමහල් මුඛයේ කොටස් ලාවා කුට්ටි,ලාවා බෝම්බ වශයෙන් වායුලගෝලයට එක් වේ.මේ හේතුවෙන් පුළුල්ව බේසමක ස්වරූපයෙන් නිර්මාණය වන යමහල් මුඛ කල්දේරා නමින්හැඳින් වේ.ලොව විශාලතම කල්දේරාව ජපානයේ "අසෝ" කල්දේරාව යි.(පරිධිය-112 කි.මී) මෙවැනි කල්දේරාවලට ජලය එක් පිරීමෙන් පසු නිර්මාණයවන්නේ මුඛ විල් ය.

උදා:- ටිටිකාකා විල,ඉන්දුනීසියාවේ ටෝබා ව්ල


2:1:6 යමහල් ප්ලගය

තුඩක ස්වරූප‍යෙන් නිර්මාණය වී ඇති ගිනි කඳු මීට අයත් වේ.මේවායේ ලාවා වල සිලිකා ප්‍රතිශතය 80% කි.

උදා:- මාටිනික් දුපත- පෙලී ගිනි කන්ද -බ්‍රිතාන්‍ය,ඇමෙරිතාවල ප්‍රංශයලඅප්‍රිකාව ආදී රටවල පැරණි බලකොටු පිහිටා ඇත්තේ ප්ලගය ආශ්‍රිතවය

2:1:7 ලාවා සානු හා ලාවා ගුහා

ලාවා සානු





ගිනිකදුවලින් පිටවන ලාවා පුළුල් විශාල ප්‍රදේශයක ගලා යාමෙන්ලාවා සානු නිර්මාණය වේ.මෙවැනි සානුවල බැසෝල්ට් පාෂාණ බහුලව දක්නට ලැබේ.එමනිසා බැසෝල්ට් සානු ලෙස හැඳින් වේ.

උදා:- කොලොම්බියා සානුව,පැරානා සානුව, සයිබීරියානු සානුව, ග්‍රීන්ලන්ත සානුව




2:1:8 උණුදිය උල්පත් හා ගීසර

ගීසර

උණුදිය උල්පත්




යමහල් කලාපවල පෘථිවි අභ්‍යන්තරයේ දැඩි උණුසුම් පාෂාණ ස්තර අතරින් ජලය ඉහළට විදීමෙන් ගීසර හා උණුදිය උල්පත් නිර්මාණය වේ.මේවා බහුලව දැකිය හැකි රටවල් ලෙස නවසීලන්තය,අයිස්ලන්තය,ඇලස්කාව,සයිබීරියාව ආදී රටවල් දැක්විය හැක.

උදා:- ලොව විශාලතම ගීසරය-USA යෙලොස්ටෝන් ජාතික උද‍්‍යානයේ ඕල්ඩ් ‍ෆේත් පුල් ගීසරයග( මිනිත්තු .66 ට වරක් 46 km ඉහළට ජලය විදී) ‍ෆවුන්ටන් ගීසරය, නවසීලන්තය-රොටරුවා ගීසරය ,ගිසර ආශ්‍රිතව බලශක්ති නිශ්පාදනය සිදු කෙරේ.

[සංස්කරණය] ආක්‍රාන්ත යමහල්

Intrusive 1.jpg

Intrusive.jpg




පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා පෘථිවි පෘෂ්ඨය මතුපිටට නොපැමිණ අභ්‍යන්තර පාෂාණ ස්තර ඔස්සේ ගලා යාමෙන් ආක්‍රාන්ත යමහල් නිර්මාණය වේ.පෘථිවි අභ්‍යන්තර පීඩනය අඩුවීම , ලාවා ගමන් කරන මාර්ගය ආශ්‍රිතව තද පාෂාණ තිබීම ද මීට හේතු වේ. කාලයත් සමඟ ම ජලය, ග්ලැසියර හා සුළඟ වැනි නග්නීකරණ බලවේග හේතුවෙන් මතුපිටපාෂාණ තට්ටු ඛාදනය වු පසු මෙවැනි ආක්‍රාන්ත යමහල් පෘථිවි තගය මත දර්ශනය වේ.

ආක්‍රාන්ත යමහල් ආශ්‍රිතව නිර්මාණය භූ රූප කිහිපයකි.

3:1- ඩයිකය

3:2- ආස්තරය

3:3- ලැකොලිතය හා සීඩර් ගස්

3:4- තලිසෙල/ ලොපොලිත

3:5- බැනොලිතය

[සංස්කරණය] සක්‍රීය යමහල්, නිදන යමහල් හා මළ යමහල්

Nidana vol.jpg

Active vol.jpg




නිතරම ක්‍රියාකාරී වන යමහල් සක්‍රීය යමහල් වේ.මේවා වර්ෂ කීපයකට වරක් හෝ වර්ෂයකට කීප වරක් විධාරණය වේ.

උදා:- මධ්‍යධරණීය-ස්ට්‍රොම්බෝලි,මෙක්සිකෝව-පැරකුටින්, පිලිපීනයේ- පිහාටුබෝ විටින් විට ක්‍රියාත්මක වන යමහල් නිදන යමහල් වේ.මෙවැනි යමහල් එක් වරක් විධාරණය වී වර්ෂ 10-15 ක් හෝ නැතිනම් වසර සියගණනක් ගත වී සක්‍රීය වේ.

උදා:- ඉතාලියේ-විසුවියස්, හවායි- කි ලෝ ඉ ආ යන ගිනි කඳු

අක්‍රීය තත්වයේ පවතින යමහල් මළ යමහල් ලෙස හඳුන්වයි.මෙවැනි යමහල් මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වී ඇත.මෙම ගිනිකඳු වසර මිලියන ගණන් තිස්සේ සක්‍රීය නොවී නිශ්චලව පවතී.

[සංස්කරණය] යමහල්වල හිතකර බලපෑම්

Advantage 1.gif

1. යකඩ, නිකල්,මැග්නීසියම්, වැනි ඛනිජ පසට මිශ්‍ර වීම නිසා සාරවත් පසක් නිර්මාණය වේ.

2. නිර්මාණය වන සාරවත් පස් තට්ටුවල වගා කිරීමෙන් කෘෂිනර්මාන්තය සංවර්ධනය වේ.

3. ගීසර හා උණුදිය උල්පත් ආශ්‍රිතව සංවාරක කර්මාන්තය දියුණුවීමෙන් ආර්ථික වාසි ලැබේ.

4. භූ තාප බලශක්තියෙන් ශීත රටවල හරිතාගාර පවත්වා ගැනීම.

5. ආග්නේය හා විපරීත ආදී විවිධ පාෂාණ නිර්මාණය වීම හේතුවෙන් මැණික්,දියමන්ති, තඹ,නිකල් නිධි බිහි වීම නිසා ඒවා අපනයනය කිරීමෙන් හා කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් ආර්ථික වාසි අත්කර ගත හැකි වීම.

6. යමහල් ආශ්‍රිත ඉහළ භූතාපය යොදාගනිමින් බලශක්ති නිපදවීම හරහා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම.


මේ අනූවඅතීතයේ සිටම ස්වභාවික විපත් හි ලා ගිනිකදු ආශ්‍රිව ඇතිවන මානව හා භෞතික සම්පත් විනාශයන් දක්නට ඇතත් ගිනිකදු වලින් මානවයා ලබා ගන්නා වාසි ද ඒ අතර වන බව අමතක ෙනාකල යුතු ය.

[සංස්කරණය] පිංතූර එකතුව

[සංස්කරණය] මේ අඩවියත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

"http://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A" වෙතින් නැවත ලබාගන්නා ලදි