බ්ලෙන්ඩර් (මෘදුකාංගය)
| මෙම ලිපිය විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුර ලනු වස් ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය විය හැක. කරුණාකර ඔබට හැකි නම් මෙම ලිපිය වැඩි දියුණු කරන්න . |
බ්ලෙන්ඩර් 2.45 [සංස්කරණය]
| නිපදවන ලද්දේ | බ්ලෙන්ඩර් පදනම |
| අවසාන නිකුත් කිරීම | 2.45/2007 සැප්තැම්ර් 20; දින 231 ට පෙර |
| OS | හරස් වේදිකා ( Cross – platform) |
| වර්ගය | 3D පරිගණක ග්‍රැෆික්ස් |
| බලපත්‍රය | ද්විත්ව බලපත්‍රය , බ්ලෙන්ඩර් බලපත්‍රය/ GPL |
| වෙබ් අඩවිය | www.blender.org |
බ්ලෙන්ඩර් යනු නිදහස් මෘදුකාංගයක් ලෙස නිකුත්කරන ලද 3D සජීවීකරණ වැඩසටහනකි. එය ආකෘතීකරණය , UV නිරාවරණය , වයනය , මෙවලම් , ජල අනුහුරුකරණ , සජීවීකරණය කිරීම , විදැහීම , අංශු හා අනෙකුත් අනුහුරුකරණ , රේඛීය නොවන සංස්කරණය කිරීම් , සංයුතීකරණය කිරීම් හා අන්තර් ක්‍රියාකාරී 3D යෙදුම් නිර්මාණය කිරීමට යොදා ගත හැක.බ්ලෙන්ඩර් , මයික්‍රොසොෆොට් වින්ඩෝස්, මැක් OS X , ලිනක්ස් , IRIX , සොලාරිස් , නෙට් BSD , ෆ්රී BSD, ඕපන් BSD යන මෙහෙයුම් පද්ධති ඇතුළත්ව මෙහෙයුම් පද්ධති ගණනාවක් සඳහා භාවිතයේ ඇත.තවද BeOS , ස්කයි OS, ඇමීගා OS , මෝප් OS හා පොකට් PC සඳහා අනවසර සංස්කරණ ද ඇත.බ්ලෙන්ඩර්ට සොෆ්ට්ඉමේජ් XSI, සිනමා 4D , 3 ds Max , ලයිට් වේව් හා මායා වැනි ඉහළ ගණයේ 3D මෘදුකාංගවලට සමාන මානයකින් හා ගැඹුරකින් යුත් රොබස්ට් අංගයක් ඇත. මෙම අංගයට දෘඩ වස්තු තරල හා මෘදු වස්තු ගතිකය වැනි දියුණු අනුහුරුකාරක මෙවලම් , ආකෘතීකරණ මෙවලම් මත පදනම් වූ නවීකාරක , ප්‍රබල චරිත සජීවීකරණ මෙවලම් , මංසල් මත පදනම් වූ ද්‍රව්‍යය හා සංයුක්ත පද්ධති හා කාවැද්දුම් උපදේශාවලීකරණය සඳහා වූ පයිතන් ඇතුළත් වේ.
References [සංස්කරණය]
http://en.wikipedia.org/wiki/Blender_%28software%29