ක්‍රමලේඛන භාෂා

විකිපීඩියා වෙතින්
(ක්‍රමලේඛන භාෂාව වෙතින් යළි-යොමු කරන ලදි)
The source code for a simple computer program written in the C programming language. The gray lines are comments that help explain the program to humans in a natural language. When compiled and run, it will give the output "Hello, world!".

ක්‍රමලේඛන භාෂා යනු පරිගණක වෙත විධාන ලබාදීම සඳහා කෘතිමව නිර්මාණය කරගන්නා ලද භාෂා විශේෂයකි. මෙවැනි ක්‍රමලේඛන භාෂාවක් යොදාගෙන නිර්මාණය කරගන්නා විධාන කළඹක් පරිගණක වැඩසටහනක් ලෙස හඳුන්වනු ලැබේ.

ක්‍රමලේඛන භාෂාවක් යනු විශේෂයෙන් පරිගණකය වැනි යන්ත්‍රයක හැසිරීම පාලනය කිරීමට යොදා ගනු ලබන කෘත්‍රිම භාෂාවකි. ක්‍රමලේඛන භාෂාව පිළිවෙලින් ඒවායේ ව්‍යුහය හා අර්ථය විස්තර කරන ව්‍යාකරණ හා අර්ථ විචාර හා රීති මගින් අර්ථකථනය කෙරෙයි. බහුතර ක්‍රමලේඛන භ‍ාෂාවලට ඒවායේ ව්‍යාකරණ හා අර්ථ විචාරවල විශේෂ ලි‍වීමේ ආකාර ඇත. සමහර ඒවා නිලවශයෙන් ක්‍රියාවට නැංවීමක් මගින් පමණක් අර්ථ දක්වයි.

ක්‍රමලේඛන භාෂාව භාවිතා කරනුයේ තොරතුරු සංවිධානය හා මෙහෙයවීම යන කටයුත්තට පහසුකම් සැලසීමට මෙන්ම, අතිශයින් නිරවද්‍ය ලෙස ඇල්ගෝරිතම ප්‍රකාශ කිරීමටය. ඇතැම් ක්‍රමලේකයන් පවතින සියලු ඇල්ගෝරිතම් ප්‍රකාශ කළ හැකි භාෂා බවට ක්‍රමලේඛන භාෂා සීමා කරයි. සමහර විට‍ “පරිගණක භාෂාව” යන වදන වඩාත් සීමාසහිත කෘත්‍රීම භාෂා සදහා භාවිතා කරයි.

දහස් ගණන් වෙනස් ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර තිබෙන අතර නව භාෂා සෑම වසරකම නිර්මාණය කෙරෙයි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රමලේඛන_භාෂා&oldid=628258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි