පොහොර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පොහොර ව්‍යාප්තිය , කාබනික පොහොර[සංස්කරණය]

ශාකවල වර්ධනය සඳහා ශාක වෙත ලබා දෙන සහයෝගයක් ලෙස පොහොර හැඳින්විය හැකිය. මෙම පොහොර ලබාදීමේදී ශාකයට උරා ගැනීමට මුල් මගින් පත්‍ර මගින් උරා ගත හැකි ආකාරයට ලබා දේ. ශාක වර්ධනය සඳහා ලබා දෙන පොහොර වර්ග 2ක් ඇත. එනම් කාබනික පොහොර සහ නැතහොත් කොම්පෝස්ට් හා අකාබනික පොහොර රාසායනික හා ඛණිජමය දෑ අඩංගු පොහොර වශයෙනි. මෙම පොහොර නිෂ්පාදනය ස්වභාවික සංයෝග ශාක හෝ සත්ව දිරාපත් වූ හෝ ඛණිජමය ද්‍රව්‍යයන්ගෙන් සේම, කොම්පෝස්ට් වැනි ස්වභාවික ක්‍රියාවලියන්ගෙන් නිපදවනු ලබයි.

මෙම පොහොර මගින් ශාකවලට අවශ්‍ය ප්‍රධාන පෝෂණ පදාර්ථ තුනක් ලබාදේ. එනම්, නයිට්‍රජන් පොස්පරස්, හා පොටෑසියම් ය. එසේම දෙවන වශයෙන් වැදගත් වන කැල්සියම්, මැග්නීසියම්, හා ගෙන්දගම් සේම සමහර විට අංශුමය පෝෂණ පදාර්ථ ලෙස බොරෙන්,ක්ලෝරීන්,මැග්නීසියම් ,යකඩ ,සින්ක්(තුත්තනාගම්),තඹ හා මොලිබිඩෙනියම්ද ලබා දේ.

අකාබනික යේ කාබනික පොහොර යන පොදු නාමයෙන් හඳුන්වයි. ප්‍රකාශ බසින් බිඳී එන තේරුම අස්වැන්න සරු කිරීම (manual tillage) ඉංග්‍රීසි බසට manure ලෙස භාවිතා කරයි.නමුත් කාබනික පොහොර හඳුන්වාදීම ඉහත නිර්වචනය සීමා සහිතව භාවිතා කරයි .

පසේ සංයුතිය හෝ පසේ ව්‍යුහය තුලින් අපට නයිට්‍රජන් ඕනෑතරම් තිබුණද,ශාකයට අවශ්‍ය පරිදි නයිට්‍රජන් සංයෝගය ජීව විද්‍යාත්මකව ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ඇත්තේ ශාක බොහොම ස්වල්පයකට පමණි. එම නිසා බොහෝ ශකවලට තමා වැඩෙන පසෙහි නයිට්‍රජන් අඩංගුව තිබීම අත්‍යවශ්‍ය වේ.

පොහොර භාවිතය පිළිබඳ ඉතිහාසය[සංස්කරණය]

ශත වර්ශ ගණනාවක් බෝග වර්ධනය සඳහා ස්වාභාවික පොහොර අඟුරු හෝ යබොර ආදිය උදව් වුවත් 19 වන ශත වර්ෂයේ අතිවු කෘෂිකාර්මික විප්ලවයේ වඩාත්ම වැදගත් නිපැයුමක් හෝ නව සොයා ගැනීමක් ලෙස පොහොර දැක්විය හැකිය.

මේ සඳහා ප්‍රධානත්වය දැරූ පුද්ගලයෝ

විස්තවුන්ට් චාර්ල්ස් (1674-1738) 1730 දි ප්‍රථම වරට බෝග 4 ක් සඳහා බෝග මාරු ක්‍රමයේ සාර්ථකත්වය පිලිබඳව අධ්‍යයනය කළේය. මෙහිදි ඒ පිළිබඳ භාවිත ලැන්ඩර්ස්හිදි පරීක්ෂණය කළේය. මෙහි අවසන ඔහුට ටර්නිප් ටවුන්ෂෙඩ් යන අනුවර්ථන නාමයද ලැබුණි.

රසායන විද්‍යා ජස්ටන් බොග් ලෙයිබිග් (1803 – 1883) ශාක වල පෝෂණය වටහා ගැනීම පිළිබඳව ඉහළ දායකත්වයක් ලබාදුනි. ඔහු ඉතා උනන්දුවෙන් කළ පරීක්ෂණ වලදී හියුමස් වැදගත් කමට වඩා ඇමෝනියා වල ඇති වැදගත් කම තර්කානු කූලව පෙන්වා දුන් අතර ඉන්පසුව අකාබනික ඛනිජ ද්‍රව්‍යයන්ගේ වැදගත්කමද පෙන්වා දුනි. ප්‍රාථමිකව ඔහුගේ සොයාගැනීම් ඉදිරි වසර 50 ක් තිස්සේ කෘෂි විද්‍යාව පිළිබඳ කිතකාවට ලක්වු කාරණාවිය. එංගලන්තයේ දී හුණු ගල් වල අඩංගු පොස්පේට් සලුෆියුරික් අම්ල අඩංගු අස්ථි ආහාර සමග ක්‍රියාත්මක වීමෙන් සෑදෙන පොහොරක් වාණිජමය අයුරින් හඳුන්වාදෙමින් සිය සංකල්ප එලි දැක්වීමට (ක්‍රියාත්මක කිරීමට) උත්සාහ කළේය.

එම පොහොර එතෙක් පැවති සත්ව අප ද්‍රව්‍ය පොහොරට වඩා මිලක් අඩු වුවද බෝග වලට එය උරා ගැනීමට ඇති හැකියාව අඩු නිසා ප්‍රචලිත නොවීය.

මේ අවස්ථාවේදීම එංගලන්තයේ සිට සර් ජෝන් බෙනට් ලෝවිස් (1814 – 1900) හාර්පෙන්ඩන්හි පිහිටි ඔහුගේ ගොවිපලේදී පැවති පරීක්ෂණ වලදී 1842 ප්‍රායෝගික සුපර්පොස්පේට් භාවිතයෙනි. මෙයින් දිරිමත් වු ඔහු සර් ජෝසප් හෙන්රි ගිල්බර්ට් (ලෙයිබර් යටතේ අධ්‍යාපනය ලැබු) මෙම පරීක්ෂණයේ අධ්‍යක්ෂක තනතුරට පත්‍කළේය. අද දක්වාම ‘රොක්ටස්ට්’ පරීක්ෂණ ආයතනය අස්වැන්න සම්බන්ධයෙන් අකාබනික හා කාබනික පොහොර භාවිතයේ ප්‍රථිපල පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වයි.

ප්‍රංශයේ ජින් බැප්ටයිස් බොයිගොල්ට් (1802 – 1887) පොහොර වල අඩංගු විවිධ ප්‍රමාණයන්ගේ නයිට්‍රජන්හි වැදගත්කම පෙන්වා දුනි.

මෙටලිගිස්ට් පර්සි ගිල්ක්‍රිස්ට් (1851 – 1935) හා සිඩ්නි ග්‍රිල්ක්‍රිස්ට් තෝමස් එකතුව වානේ නිෂ්පාදනය සදහා පොස්පරස් ආම්ලික අංශුලෝහ භාවිතය පිළිබදව තෝමස් ග්‍රිල්ක්‍රිස්ට් Converter යන්ත්‍රය අළුතින් සොයා ගන්නා ලදී.

20 වන ශතවර්ෂයේ මුල් දශකයේදී නොබෙල් ත්‍යාග ලාභි රසායන විද්‍යාඥ I.G. ෂර්බාන්හි කාල් බොස්ච් හා ෆරිමිස් හාබර් එකතුව ඉතා පහසුවෙන් හෝ ඉතා අඩු වශයෙන් නයිට්‍රජන් ඇමෝනියා තුලට සංස්ලේශණය වන ක්‍රියාවලියක් සොයා ගන්නා ලදී. එහිදි නයිට්‍රේස් හා නයිට්‍රයිස් තුලට ක්‍රමයෙන් ඔක්සිකරණය වේ.

1927 දි අර්ලින් ජොන්සන් නයිට්‍රෝපොස්පේට් නිස්පාදනය කිරීමෙහිලා ක්‍රමයක් දියුණු කරන ලදී. එය ‘ඔඩ්ඩා ක්‍රියාවලිය ලෙස හැදින්වු අතර ඔහුගෙන් පසු නෝර්වේහි ඔබ්ඩා ස්ටෙල්ට්වෙක් ලෙස හැදින්විණි. මෙම ක්‍රියාවලියේදී පොස්පේට් පර නයිට්රික් අම්ල සමග අම්ලිකරණය ලක්කොට පොස්පේට් අම්ල හා කැල්සියම් නයිට්‍රේට් නිපදවන අතර මේවා නයිට්‍රජන් පොහොරක් ලෙස භාවිතා කල හැකිය.


නිෂ්පාදනය

ඉංග්‍රිසි ජාතික ජේමිස් ෆයිසන්, එඩ්වර්ඩ් පැනාඩි, තෝමස් හැඩිෆිල්ඩ් හා ප්‍රේන්ටිස් සහෝදරයෝ විසින් 19 වැනි ශත වර්ෂයේදී සමාගම් කිහිපයක්ම සත්ව ඇට කටු වලින් පොහොර නිපදවීම සඳහා ඇති කරන ලදී. දියුණු වෙමින් පවතින විද්‍යාවන් වු රසායන විද්‍යාව හා එකතුව සොයා ගන්නා ලද පෙරදිග ඇල්ගිරියාවේ වෙළද මට්ටමෙන් ඇති පොසිලයන් 1850 දී සල්පියුරික් අම්ලය හා පොහොර මය ශාඛා තුළින් සල්පියුරික් පොස්පේට් නිර්මාණය කිරීමට ෆයිසන්ට හා පැකාර්ඩ් යන අයට මග පෙන්වීමක් විය. මේවා ඉල්ප්විච් වරායෙන් නැව්ගණනින් යැවුනි. 1870 වන විට සුපර්පොස්පේට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 80 ක් විය. පළමු ලෝක යුද්ධයෙන් පසු මෙම වෙළද කටයුතු මූල්‍යමය අර්බුදයකට මුහුණ දුන් අතර පැසිපික් දුපත්වල නිපදවනු ලැබු කුරුලු අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන පොහොර සමග තරඟ කිරීමට සිදුවිය. එයට හේතුව වුයේ එම නිෂ්පාදනයේ බෙදා හැරීම හා ඵලයන් ආර්ථිකමය වශයෙන් ආකර්ශණිය තත්වයකට පත්වුණි.


අන්කර් යුධ කාලීන සමයේදී නව නිර්මාණයන්ගේ තරඟකාරීත්වයක් ඉම්පිරීයල් රසායනික නිෂ්පාදකයින්ගෙන් දැකිය හැකි විය. ඔවුන් 1923 දි කෘතිම ඇමෝනියම් සල්ෆේට් දියුණු කරන ලදී. 1927 දි නයිට්‍රෝචොක් (හුණු) හා 1931 දි ඇමෝනියම් පොස්පේට් අඩංගු ආර්ථිකමය වශයෙන් ඵලදායි CCF අඩංගු පොහොර නිෂ්පාදනය ‍කළේය. නමුත් ICI ගෙන සිමාන් නිසා ඇමෝනියම් සල්ෆේට් සැපයුමේ සිමාවල් ඇති කිරීමට සිදුවිය. ඒ සමගම අනෙකුත් යුරෝපීය හා උතුරු ඇමරිකානු සමාගම් සිය වෙළඳ කටයුතු ඉංශ්‍රිසි ප්‍රධාන සමාගම් සමඟ හවුල් ව්‍යාපාර සිදුකල අතර එහි පරමාර්ථය වුයේ ඒවා නැගි සිටීමට බලකිරීමයි. එම සමාගම් පිසිශන්, පැකාර්ඩ් හා ප්‍රේන්ටයිස් සිමාසහිත සමාගම් ලෙස 1929 දි පිහිටුවිය. 1934 වන විට දෙරටේ එකතුව සුපර්සල්ෆේට් ටෝන් 80000 ක් වර්ෂයකට නිපදවිය ඒ අයිප්ස්චිච් හි ගැඹුරු තටාකයන් හි පිහිටි සිය කර්මාන්ත ශාලා වලිනි. දෙවන ලෝක යුද්ධය වන විට ඔවුන් කර්මාන්ත ශාලා 40 ක හිමිකරුවෝ වූහ. ඒ 1935 පිහිටවු ‘හාඩ්ෆ්ල්ඩ්ස්’ කර්මාන්ත ශාලාවද ඇතුලුව ඉන් දෙවසරකට පසු 1937 දි Anglo Contireal works සදහා අරමුදල් යෙදවුනි.

යුද්ධයෙන් පසු කාලයේ හරිත විප්ලවයත් සමගම නිෂ්පාදන මට්ටම් වල ඉහළ ප්‍රතිඵලයන් අත්කර ගත්තේය. ඒ අනුව නයිට්‍රජන් හොදින් උරාගන්නා, විවිධ බීජ වර්ග විශේෂයෙන්ම විවිධ විශේෂයෙන් යුත් ඉරිඟු, තිරිඟු හා වී හඳුන‍්වාදීම සිදුවිය. මෙහිදි ජාතික මට්ටමෙන් තරඟකාරීත්වයන් මිල පාලනයේ හා සැපයීමේ ඒකාධිකාරීත්වයක් ඇති විය. අවසානයේ නව හැගීමේ රැල්ලක් ඇතිවිය. එතෙක් පැවති මුල් නම් සභා සමාගම් හෝ වෙළද ‍නා‍ම නොපැවතුණු අතර අළුත් සුසංයෝගයක් ඇරඹුණි.

ICI කෘෂිරසායන සමාගම් ‘Yara Interhatiand’ හා Astrazeneca සමාගම් හි කොටස් කරුවෝය.

කාබනික පොහොර[සංස්කරණය]

කොම්පෝස්ට් බඳුනක් පිලියෙල කර ගැනීම

ස්වභාවික කාබනික පොහොරක පණුපස් ශාක දිරාපත් වූ මුහුදු පැලෑටි කාණු ආදියේ එකතු වු අපද්‍රව්‍ය කුණු හා සත්ව අපද්‍රව්‍ය ආදී දේ එකතු එකතුවෙන් සාදයි. ශාකමය පොහොර බෝගයන්ද පසට පෝෂණයක් එක් කරයි. ස්වාභාවික ඛණිජ දුව්‍යයක් වන පතල් ගල් වැටි ආශ්‍රිත පොස්පේට්, පොටෑෂ් හි ඇති සල්පේට් හා හුණු ගල්ද කාබනික පොහොර ලෙස හැඳින්විය හැක.

නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර වර්ග කෙම්පොස්ට් ,ලේ වඩන ආහාර ,සත්ව ආහාර හා මුහුදු පැලෑටි ලෙස නිෂ්පාදනය කෙරේ .අනෙකුත් උදාහරණ ලෙස ප්‍රෝටීන් දිරවීමට උපදවන ස්වභාවික එන්සයිම හැඳින්විය හැකිය. මත්‍ය ආහාර හා කුරුළු ආහාරද ඒ අතර වේ.

කලක් තිස්සේ දිරාපත් වෙමින් පැවති ආහාරවල ඉතිරි කොටස් ද පස සරු කිරීමට හේතු වේ. ඒවා පොහොර ලෙස තදින්ම සැලකිය නොහැකි ‍වුවද ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත දී ඇත.

කාබනික යන වචනයේ අර්ථය සමහර අවස්ථා වල නොපැහැදිලිවීමක් ද ඇත. එයට හේතුව කෘතිම පොහොර අතර යූරියා සහ යූරයා අඩංගු පොහොර නිෂ්පාදනද කාබනික රසායනික සංයුතියේ ඉහල කාබනික අගයකින් තිබීමයි. එසේම ස්වභාවික හෝ කෘතිම නිෂ්පාදනය කරන පොහොර රසායනික ස්වභාව හඳුනා ගැනීම අපහසුයි. අනික් අතට කාබනික පොහොර යොදා කෙරෙන කෘෂි බෝග වගාවන්හිදී රසායන විද්‍යාවේ අකාබනික ද්‍රව්‍ය වන පතල් වැටි පොස්පේට්,පිටකල හුණුගල් හා සෝඩියම් නයිට්‍රේට් භාවිතා කරයි.

අනෙක් පොහොර හා සැසඳීමේ දී කාබනික පොහොරවල ඇති පෝෂ්‍යය පදාර්ථයන්හි ඝනත්වය ප්‍රමාණවත් වුවද එහි වාසි කිහිපයක් ඇත. සෑම පොහොරක්ම සාමාන්‍ය ගෙබිමක හෝ ඉඩමක නිපදවිය හැකිය.එසේම ප්‍රවාහන වියදම ද මේ නිසා අඩු කර ගත හැකිය. බොහෝ නයිට්‍රජන් සපයා දෙන කාබනික පොහොරවල දියවෙන නයිට්‍රජන් අඩංගුව ඇති අතර ඒවා සෙමෙන් මුදාහරින පොහොරක් ලෙස ක්‍රියා කරයි.

වර්තමානයේ භාවිතයට ගනු ලබන කාබනික කෘෂිකර්මයේ සංකල්ප බොහෝ දුරට ලෙයිබ්ග්ගේ සංකල්පයන් හි සාර්ථකත්වය පෙන්ණුම් කරයි. එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන රසායනික පොහොර නිපදවීමේ බොහෝ සීමාවන් ඇති බව අවධාරණය කරයි. ඔවුන් නැවතත් අවධාරණය කරනු ලබන්නේ පසේ ඇති හියුමස් හා කාබනික සංයොගයන්හි කාර්යභාරය තවමත් ඉතා වැදගත් බවයි. ඒ අතර,

· පසේ ඇති පෝෂණ පදාර්ථ පවත්වාගෙන යෑම එම නිසා අඩු පෝෂණ ඝනත්වයින් හා නාස්තිය අවම කිරීමෙන් ශාකයට හොඳ වර්ධනයක් ඇති කරයි.

· පමණට වඩා වැඩි වීම වළක්වමින් වැඩි ඝනත්වයෙන් යුතු පෝෂණ කෙටස් ඉතා සෙමින් නිකුත් කිරීම.

· තෙතමනයෙන් ඇතිවන බලපෑම අඩු කරමින් පසේ ඇති තෙතමනය රඳවා ගැනීමට (පවත්වාගෙන යෑමට ) උදව් කිරීම.

· පසේ (ව්‍යුහය ) සංයුතිය දියුණුකිරීම.

කෘත්‍රීම පොහොර භාවිතයේදී ඇතිවන ගැටළු වළක්වාලීමේ හැකියාවක් කාබනික පොහොරවලට ඇත. ඒ අනුව,

· වැඩිපුර සැපයෙන පෝෂණ කොටස් දහනය කිරිමේ හැකියාව.

· පසේ ‍සෞඛ්‍ය සම්පන්න බවේ හා පැවතිය යුතු සංයුතියේ ක්‍රමික අඩු වීමක් ඇති කිරීමට,පසේ උරා ගැනීමේ හැකියාව අඩු කිරීම මෙන්ම පසේ වර්ග අඩු කිරීම.

· පසේ පෝෂණය රඳවා ගැනීමට නිතර නිතර කෘත්‍රීම පොහොර භාවිතා කිරීම සිදුවීම.

· පසේ සෞඛ්‍ය සම්පන්න බවට අවශ්‍ය දියවෙන සුළු හයිඩ්‍රජන් හා පොස්පරස්හි සැලකිය යුතු හිඟතාවයක් ඇති කිරීම.

· මිල අධිකවිම.

කාබනික පොහොර භාවිතයේ අවාසි

· අකාබනික පොහොර හා සැසඳීමේ දී පෝෂණ කොටස් තුනී කර ගන්නා පොහොර දුර ප්‍රදේශයන්ට භාවිතය සඳහා රැගෙන යාමේදී.

· අකාබනික පොහොර සංයුතියට වඩා කාබනික පොහොර සංයුතිය සංකීර්ණය.

· රෝගකාරකයන් අඩංගු ශාක හා සත්ව කොටස්වලින් සංයුක්ත වූ අක්‍රමවත්ව පිළියෙල වී ඇති කාබනික පොහොර ශාකවලට මෙන්ම පුද්ගලයින්ට ද හානිකර විය හැකිය.

ක්‍රමාණුකූලව කෙරෙන කොම්පෝස්ට් නිපදවීමකදී එවැනි කොටස් ඉවත් කළ යුතුය . කාබනික නොවන පොහොර භාවිතයෙන් කරන වගාවන්හිදී කාබනිකයේ අකාබනික පොහොරද යම් කිසි ප්‍රමිතියකට (ප්‍රමාණවත්) භාවිතා කරයි.

Havekompostbunke.jpg

පොහොර භාවිතයේ දී ඇති අවදානම් අවස්ථා[සංස්කරණය]

කෘතීම පොහොර භාවිතයේ දී අවශ්‍යය ප්‍රමාණයට වඩා පොහොර භාවිතා කිරීම ප්‍රාථමිකව ඇති ගැටළුවකි. එය ‍හේතුව විශාල වශයෙන් රසායනික පොහොර භාවිතයේ දී එසේ සංයුතියේ වෙනස්කම් ඇති කිරීමයි. රසායනික පොහොරවල ඇති ඉහල දියර බව පරිසරයේ තුල්‍යභාවය අඩු කිරීමට හේතු ‍සාධක වේ.

සමහර නයිට්‍රජනීය පොහොර වර්ග භාවිතය හා ගබඩාව සමහර කාලගුණ හා පසේ ස්වභාවය අනුව හරිතාගාර වායුවක් වන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) නිකුත් කිරීම සිදු කරයි. ඇමෝනියා වායුව නිකුත් කිරීම අකාබනික පොහොර භාවිතයෙන් හෝ දියාරු මිශ්‍රනයක් ලෙස නයිට්‍රජන් භාවිතයෙන් ඇමෝනියා මඟින් පසේ අම්ලකර බව වැඩි කරයි. (pH අගය අඩුවීම “අමිල කිරීම” ) වැඩිපුර නයිට්‍රජන් භාවිතයෙන් පලිබෝධකයන්ගේ වර්ධනයක් ද සීඝ්‍රයෙන් ඇති වේ. ඒ අතර ඔවුනට හිතකර පරිසරයක් ද ගොඩ නැඟේ.

පෝස්පේට් ඛණිජ ද්‍රව්‍යයන්හි අඩංගු කැඩ්මියම් 600mg/kg ප්‍රමාණයක කැඩ්මියම් වලින් පස දූෂණය වීම වේගවත් කරයි. උදා- නාවුරු හා ක්‍රිස්මස් දිවයිනේ ඛනිජ ද්‍රව්‍යයන්) කැඩ්මියම්වලින් අම්ලනය වූ පස නවසීලන්තයේ ද දැකගත හැකිය. පොස්පේට් අඩංගු පොහොරවල ඇති යුරේනියම් ද මෙය පසේ දූෂණය ඇති කරවන තවත් උදාහරණයකි.

මේ හේතු නිසා විශේෂයෙන්ම අකාබනික පොහොර භාවිතයේ දී පසේ සරු බවට අවශ්‍ය පෝෂණය ප්‍රමාණය පිළිබඳ සමබරතාවයක් පවත්වා ගැනීම පිළිබඳ දැණුමක් අත්‍යවශ්‍යය. මෙම ක්‍රියාවලිය හඳුන්වනු ලබනනේ පෝෂණය අයවැය ලෙසයි. මෙසේ පරීක්ෂාකාරීව කරන අධ්‍යයනයේ ගොවියාට සිය පසේ තත්වය රැක ගත හැකි අතර නාස්තිය ද වැළැක්විය හැකිය. එලෙසම අතුරු නිෂ්පාදනයන්හි ද ඇති වන දූෂණ තත්වයන් ඉවත් කිරීමේ වියදම ද වලක්වා ගත හැකිය.

කාබනික පොහොර වැඩි වශයෙන් භාවිතා කිරීමේ හැකියාවක් ඇත. ඒ ඒවායේ අඩංගු පෝෂණ තත්වය හා දිස්වන සුළු බව නිසාය. ඒවාගේම එම පොහොර භාවිතයෙන් ඇති වන අතුරු ඵල රසායනික පොහොර භාවිතයට වඩා අඩුය. ඒවායේ ස්වභාවයෙන්ම පසේ භෞතික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ඇති කරන අතර එය අවධානම් අඩු කිරීමට ඉවහල් වේ.

පොදු ගැටළු (සමස්ථිය ගැටළු) (ගෝලීය ගැටළු)[සංස්කරණය]

ලෝක ජනගහනය වැඩිවීම පොහොර භාවිතයෙන් කෙරෙන කෘෂිකාර්මික කටයුතුවලට ද තදින් බලපා ඇත. ගෝලීය සම්පත් දිගු කාලීනව භාවිතා කිරීමේ බලපෑමක් ඇතිව ඇත.

ඒ අනුව ගෝලීයව විශාල වශයෙන් කෙරෙන පොහොර භාවිතයෙන් හරිතාගාර වායූන් වායුගෝලයට එක්වීම දැකිය හැකිය. එසේ වායුගෝලයට එම වායු එක් වීම සිදු වන්නේ,

·සත්ව‍පොහොර හා යූරියා භාවිතයෙන් - මෙහි දී වායු ගෝලයට මීතෙන්, නයිට්‍රස් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් විවිධ ප්‍රමාණයෙන් එක්වන අතර එම එක්වීමේ වායුවේ ඇති ඝන හා ද්‍රව ස්වභාව‍ය අනුව වෙනස් වේ.

·නයිට්‍රික් අම්ලය හා ඇමෝනියම් බයිකාබනේට් අඩංගු පොහොර භාවිතය. මෙහි දී වායු ගෝලයට නයිට්‍රජන් ඔක්සයිඩ්, ඇමෝනියා හා කාබන් ඩයොක්සයිඩ් මුදා හැරේ. ක්‍රියා පිළිවෙලේ හා ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කිරීමෙන් දේශගුණ වෙනස්කම්වලට වන බලපෑම හා එහි අවධානම අවම කිරීමට හැකියාවක් ඇති අතර එසේ සියල්ලම වෙනස් කිරීමේ හැකියාවක් නැත.


ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පොහොර&oldid=279199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි