ප්‍රතිජීවක ඖෂධ
ප්‍රතිජීවක ඖෂධයක් හෙවත් Antibiotic යනු බැක්ටීරියා, දිලීර හෝ ප්‍රොටොසෝවාවන් වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය අඩාල කරන රසායනික චිකිත්සක ද්‍රව්‍යයකි. (ග්‍රීක භාෂාවෙන් එරෙහිව යන තේරුම ඇති Anti - යන වදනින්ද ජීවය සදහා සුදුසු යන තේරුම ඇති Biotikos - යන වදනින්ද මෙම Antibiotic යන්න නිර්මාණය වී ඇත.) මුල් අවස්ථාවන්හිදී මෙම යෙදුම ජීවින් සදහා එරෙහිව ක්‍රියාත්මකවන ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක් ඇති ද්‍රව්‍යයන් සදහා යොදා ගැණුනද ප්‍රතිජීවක ලෙස මේ වන විට ව්‍යවහාර කෙරෙනුයේ බැක්ටීරියාවන්, දිලීර හෝ පරපෝෂීන්ට එරෙහිව ක්‍රියාකාරිත්වයක් දක්වන ඖෂධ වලටයි. නූතන වෛද්‍ය ක්ෂේත්‍රයෙහි මුල්මවරට බහුලවම භාවිතාවන ප්‍රතිජීවක ඖෂධය වනුයේ ස්ට්‍රෙප්ටොමයිසස් නම් ගණයට අයත් පෙනිසිලියම් හෝ ස්ට්‍රෙප්ටෝමයිසින් නම් දිලීර වර්ගයෙන් නිස්සාරණය කරගනු ලැබූ පෙනිසිලීන් නම් ඖෂධයයි. කාබනික රසායනයෙහි දියුණුවත් සමගම බෙහොමයක් ප්‍රතිජීවක ඖෂධ වර්ග රසායනික සංස්ලේෂණය මගින් නිෂ්පාදනය කරගනු ලබයි. උදා - සල්ෆර් අන්තර්ගත ඖෂධ වර්ග. බොහොමයක් ප්‍රතිජීවක ඖෂධ සාපේක්ෂ වශයෙන් කුඩා අණුවන අතර ඒවායෙහි අණුක ස්කන්ධය 2000 Da වලට වඩා අඩුය.