ලුවී පාස්චර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලුවී පාස්චර්

උපත දෙසැම්බර් 27, 1822(1822-12-27)
ඩොලේ,ජුරා, ෆ්‍රාන්ච් කොම්ටේ, ප්‍රංශය
විපත සැප්තැම්බර් 28 1895 (වයස 72)
මාර්නෙස්-ලා-කොකුවෙට්, හොවුට්-ඩේ-සෙයිනේ,ප්‍රංශය
ජාතිකත්වය ප්‍රංශ ජාතික
ක්ෂේත්‍රය රසායන විද්‍යාව
ක්‍ෂුද්‍රජීව විද්‍යාව
ආයතන Dijon Lycée
University of Strasbourg
Université Lille Nord de France
École Normale Supérieure
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව École Normale Supérieure
සිහිකළයුතු විද්‍යාර්ථියන් චාල්ස් ෆ්‍රිඩෙල්[1]
Signature



ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොයා ගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙයි සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු ක්ෂුද්‍ර විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ගෞරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.

චරිතාපදානය[සංස්කරණය]

ලුවී ජීන් පාස්චර් (දෙසැම්බර් 27 1822) ප්‍රංශයේ ජුරා ප්‍රාන්තයේ ඩෝල් නම් නගරයේ උපත ලැබූ අතර, ඔහු හැදී වැඩුනේ ආර්බොයිස් හි නගරයකය. මෙහි ඔහුගේ නිවස හා විද්‍යාගාරය පිහිටා තිබූ අතර , අද වන විට එය පාස්චර් කෞතුකාගාරයකි. මොහුගේ පියා, ජීන් පාස්චර්, දුප්පත් සම් පදම් කරන්නෙකු වූ අතර, නැපෝලියානු යුධ සමයේ අත්දැකීම් බහුල සොල්දාදුවෙකි. ලුවීගේ හැකියාව පළමුව හඳුනාගත් පාසල් ගුරුවරයා ඔහුව École Normale Supérieure නම් ප්‍රංශ උසස් අධ්‍යාපන පීඨයට යොමු කළේය. 1848 දී ඩයිජන් ලයිසී හි(Dijon Lycee) භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව , ඔහු ස්ට්‍රැස්‍බර්ග් සරසවියේ රසායන විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. මෙහි දී ඔහුට සරසවි ප්‍රධානියාගේ (1849 දී) දියණිය වන මේරි ලෝරන්ට් මුණ ගැසුණු අතර , ඔවුන් 1849 මැයි 29 විවාහ විය. ඔවුන්ට දරුවන් 5 දෙනෙකු ලැබුණත් , ඉන් ජීවත්වීමට වරම් ලැබූයේ දරුවන් දෙදෙනෙකු පමණි. ඔහුගේ ජීවිතය පුරාවටම ඔහු භක්තිමත් කතෝලිකයෙකු විය. මෙහිදී ඔහු ප්‍රකාශ කළ වැකියක් සැමදා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරයි. “මගේ දැනුම වැඩිවත්ම , බ්‍රෙට්න්හි වහලෙකු තරමට මගේ විශ්වාසය ඉතිරි වෙයි. නමුත් ‍මට ලැබෙන්නේ බ්‍රෙට්න්හි වහලෙකුගේ බිරිඳකගේ විශ්වාසය වැන්නක් ‍පමණි”


කයිරැල් කේන්ද්‍රය හා ආලෝකයේ ධ්‍රැවණය පිළිබඳ සොයාගැනීම්[සංස්කරණය]

පාස්චර්, වම සහ දකුණු දෙසට හැඩය පිහිටි ස්ඵටික එකිනෙකින් වෙන් ‍කළේය. මෙහිදී එක් ගොඩක් මගින් ආලෝකය වමට ද, අනෙක දකුණට ද භ්‍රමණය වූ අතර, සමාන මිශ්‍රණයක් එකිනෙකාගේ භ්‍රමණයන් අත් හිටුවයි. එමනිසා මිශ්‍රණයක්, ධ්‍රැවණය වූ ආලෝකය භ්‍රමණය නොකරයි

රසායන විද්‍යාඥයෙක් ලෙස පාස්චර් සේවය කළ විට, ඔහු ටාටරික් අම්ලය (1849) පිළිබඳ ගැටළුවක් නිරාකරණය කළේය. මේ සංයෝගයේ නිපදවා ගනුයේ ස්වභාවික වස්තූන්ගෙන් වන අතර, (උදා - වයින්මණ්ඩි) එය ධ්‍රැවනය වූ ආලෝකය හමුවේ එහි තලය භ්‍රමණය කරවයි. මේ අභිරහසට හේතුව වූයේ ටාටරික් රසායනික ක්‍රමවේදයන්ගෙන් නිපදවා රසායනික ප්‍රතික්‍රියා හා මූලද්‍රව්‍යය සම්මිශ්‍රණය එකම වුවද එහි බලපෑමක් නොමැති වීමයි.

සෝඩියම් ඇමෝනියම් ටාටරේට් හි කුඩා ස්ඵටික පරීක්ෂාවේ දී පාස්චර් දුටු දෙයක් නම්, අසමමිතික ආකාර 2කින් එන ස්පටික එකිනෙකේ තල දර්පණ ප්‍රතිබිම්භ ආකාර ගත් බවයි. සපටිත එවිට පැහැදිලි වූයේ මිශ්‍රණයක් පැවතිය හැකි ආකාර 2ක් පවතින බවයි. මෙම එක් ආකාරයකින් ධ්‍රැවණය වූ ආලෝකය දක්ෂිණාවර්තව භ්‍රමණය කරන අතර, අනෙක වාමාවර්තව භ්‍රමණය කරයි. සම මිශ්‍රණයකින් කිසිදු බලපෑමක් ඇති නොකරයි.මෙමගින් පාස්චර් ඔහුට ඇති වූ ගැටළුව පැහැදිලි කරන ලදී. ගැටළුවට හේතුව අසමමිතිකභාවයයි. එමගින් සංයෝග පැවතිය හැකි ආකාර 2ක් පවතී , නමුත් ජීව විද්‍යාත්මකව එය එකම වර්ගයේ වේ.

මෙය , විරල් අණු පිළිබඳ කිසිවෙකු සොයාගත් පළමු වතාවයි.

පාස්චර්ගේ ස්ඵටික විද්‍යාව පිළිබඳ නිබන්ධනය එම් . පු‍ලියෙට්ගේ අවධානය දිනාගත් අතර, ඔහු පාස්චර්ට ස්ට්‍රැස්බර්ග් පීඨයේ රසායන විද්‍යා මහාචාර්වරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දුනි.

1854 දී ඔහු ලිල් හි ආරම්භ වුණු නව විද්‍යා පීඨයක පීඨාධිපතිවරයා විය. 1856 දී ඔහු ප්‍රංශ උසස් අධ්‍යාපනාලයේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ පරීක්ෂකවරයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කෙ‍රිනි.


වෛද්‍ය විද්‍යාවේ රෝගකාරක පිළිබඳ නියමය[සංස්කරණය]

ලුවී පැවසූ අන්දමට , පැසවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම හේතුවෙනි. බැක්ටීරියා පෝෂක මාධ්‍යයක් තුළ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම ස්වයං සිද්ධ ජනනයක් නොවන අතර, එය ජෛව ජනනයකි. (සියළු ජීවීන් බිත්තරයකින් උපත ලබා ඇත)

ලුවී පාස්චර් විසින් භාවිත කල උපකරණයක්.

ලුවී පාස්චර් පෙරණයක් සහිත බඳුන්වල ගබඩා කළ රත්වූ බැක්ටීරියා පෝෂක මාධ්‍යය වාතයට නිරාවරණය කර එහි අඩංගු වැඩිමේ මාධ්‍යයෙන් ඉවතට යෑම වළක්වන ලදී. පෙරණයක් නොමැති බඳුනක වුව ද, වංගු සහිත නලයක් හරහා වාතය එනවිට සියුම් අංශුවලට ඉවත් වීමේ ඉඩක් නොමැත. එවිට පෝෂක මාධ්‍යයේ කිසිවක් වැඩුණේ නැත. එමනිසා අවට පරිසරයේ එවැනි මාධ්‍යවල වැඩුණු ජීවීන් මෙම මාධ්‍යයට බීජාණු ලෙසින් පැමිණි අතර, ස්වයං සිද්ධව මාධ්‍ය තුළ වැඩුණු මෙය ස්වයං සිද්ධ ජනනය පිළිබඳ නියමය අසත්‍ය බව ඔප්පු කරන අවසාන සහ වැදගත්ම පරීක්ෂණයයි. මෙම පරීක්ෂණය විෂබීජ පිළිබඳ නියමය තහවුරු කරයි.

විෂබීජ පිළිබඳ නියමය යෝජනා නොකළ මුල්ම පුද්ගලයා පාස්චර් නොවුණත් (ගිරෝලැමෝ ෆ්‍රැකැස්ටෝරෝ, අගස්ටිනේ බාසි, ෆ්‍රෙඩ්රික් හෙන්ලි) මෙම නියමය නිවැරදි බවට තහවුරු කරමින් පරික්ෂණ සිදු කර, යුරෝපය පුරාවට මෙම නියමය ගෙන ගිය විද්‍යාඥයා ඔහු විය. වර්තමානයේ ඔහු රොබර්ට් කොෂ්ට සමගාමීව විෂබීජ පිළිබඳ නියමයේ හා බැක්ටීරියා විද්‍යාවේ පියා ලෙස හැඳින්වේ.

පාස්චර් සොයාගැනීම් පෙන්වූ තවත් කරුණක් නම්, ක්ෂුද්‍රජීවීන් පැසවූ පානය දූෂණය කරන බවයි. මේ සමගම, ඔහු එය වැළැක්වීමට ක්‍රියාවලියක් නිර්මාණය කළේය. එනම් , කිරි වැනි ද්‍රව, රත් කළ විට එය තුළ ඇති බැක්ටීරියා ඉවත් කරන බවයි. මේ සම්බන්ධ ප්‍රථම පරීක්ෂණය ඔහු , ක්ලවුඩ් බර්නාඩ් සමග 1862 අප්‍රේල් 20 දින සිදු ‍කළේය. පාස්චරීකරණය ලෙස හඳුන්වන්නේ මෙයයි.

පානීය දූෂණය, ක්ෂුද්‍ර ජීවීන් සතුන් හා මිනිසුන්ට ද බලපෑම් එල්ල කරන බව පාස්චර්ට ඒත්තු ගැන්වීමට සමත් විය. ඔහු, ක්ෂුද්‍රජීවීන්ට සිරුර තුළට ඇතුල්වීම වැළැක්වීමට යෝජනා කළ ක්‍රමය, ජෝසප් ලිස්ටර්ට සැත්කම්වල දී ප්‍රතිපූරක ක්‍රම යොදා ගැනීමට මග පෙන්වීය.

1865 දී, පෙබ්රීන් හා ෆ්ලැකරී නම් වසංගත රෝග 2ක් මගින් ඇලේස්හි සේද පණුවන් විශාල ප්‍රමාණයක් මරණයට පත්විය.පාස්චර් පැවසුවේ මෙයට හේතුව සේද පණු බිත්තරවලට ක්ෂුද්‍රජීවීන් පහර දීම නිසා මෙම රෝගය ඇතිවන බවයි. මෙම ක්ෂුද්‍රජීවියා විනාශ කිරීමෙන් රෝගය නැති කළ හැකි බව ද ඔහු පැවසීය.

පාස්චර් නිර්වායු ජීවීන් පිළිබඳව ද සොයාගත් අතර, එම ක්ෂුද්‍රජීවීන්ට වාතය හෝ ඔක්සිජන් නොමැතිව ජීවත් විය හැක. මෙය පාස්චර් ආචරණය නම් වේ.


රෝග නිරෝධවේදය හා එන්නත්කරණය[සංස්කරණය]

පාස්චර් පසුව අවධානය යොමු ‍කලේ කුකුලන්ට වැළදෙන කොළරා රෝගයටයි. මෙහිදී, මෙයට බලපාන බැක්ටීරියා සාම්පලයන් නරක් වීම හේතුවෙන් වහාම, ඇතැම් කුකුළන්කිහිපයක් ආසාදනය කිරීමට නොහැකි විය. පාස්චර් මෙම නීරෝගී කුකුළන් නැවත යොදාගෙන, ඔවුන්ට නැවතත් රෝගය ආසාදනය කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණි. දුර්වල වූ බැක්ටීරියාව, කුකුළන්ට මෙම රෝගය සඳහා නිරෝධනය වීමට උදව් වී ඇති අතර, එහි වූයේ ඉතා සුළු අතුරු ආබාධ පමණි.

වරක් පාස්චර්, ඔහු නිවාඩුවකට යන අවස්ථාවේ දී ඔහුගේ සහායකයා වන චාල්ස් ‍චෙම්බර්ලෑන්ඩ් (ප්‍රංශ ජාතික) ට මෙම කුකුළන්ට එන්නත් කරන ලෙස උපදෙස් පිළිපදිනු වෙනුවට ඔහු ද නිවාඩුවකට පිටත්ව ගියේය. ඔහු ආපසු පැමිණි විට දුටුවේ මාසයක් වයසැති කෘත්‍රීම පෝෂණ වගාව කුකුළන්ට එතරම් සුවදායක නොවුණත් , සුපුරුදු පරිදි ආසාදනය මාරාන්තික වනු වෙනුවට කුකුළන් සම්පූර්ණ සුවය ලබා තිබූ බවයි. චෙම්බර්ලෑන්ඩ් සිතුවේ පරීක්ෂණයේ වැරදීමක් සිදුව ඇති බවයි. එමනිසා ඔහු එය ඉවත් කිරීමට ගියත් ඒ අවස්ථාවේ පාස්චර් ඔහුව නැවැත්වූවේය. පාස්චර් නිගනමය කළේ සුවය ලැබූ සතුන් දැන් රෝගයට නිරෝධනයක් දක්වන බවයි. මේ හා සමානම සිදුවීමක් Eure-et-Loir හි දී ඇන්ත්‍රැක්ස් වෛරසයෙන් සුවය ලැබූ සතුන්ට ද සිදුව තිබිණි.

1870 දී, ඔහු ඇන්ත්‍රැක්ස් සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් නිර්මාණය කළ අතර එය ගවයන් සඳහා සාර්ථක වුණි. මේ සමගම පාස්චර්ට අනෙක් ආසාදන සඳහා ද එන්නත් සොයාගැනීමට ආසාවක් ඇති වුණි.

ලුවී පාස්චර් විද්‍යාගාරය තුල සිටින අවස්ථාවක් දැක්වෙන සිතුවමක්.

තමා ඇන්ත්‍රැක්ස් එන්නත සෑදුවේ රෝග කාරක බැක්ටීරියාව ඔක්සිජන් සඳහා නිරාකරණය කිරීමෙන් බව පාස්චර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දැන් ප්‍රංශයේ Biblotheque Nationale හි ඇති ඔහු‍ගේ විද්‍යාගාර සටහන්වල පෙන්වාදෙන පරිදි පාස්චර් භාවිතා කළේ ඔහු‍ගේ ප්‍රතිවාදියා වන පශු වෛද්‍ය ජීන් ජෝසප් හෙන්රි මවුසන්ට්ගේ ක්‍රමවේදයයි. මෙහිදී සිදු කරන්නේ ඔක්සිකරනයෙන් පොටෑසියම් ඩයික්‍රෝමේට් භාවිතා කිරීමයි. පාස්චර්ට ඇන්ත්‍රැක්ස් එන්නත නිපදවීමේ පේටන්ට් බලපත්‍රය ලැබීමෙන් පසු ඔහු ඔක්සිජන් ක්‍රමවේදය මගින් එන්නත නිපදවීය.

යම් රෝගයක දුර්වල ආකාරයක් වැළඳුණු විට එම වර්ගයා එම රෝගයේ ප්‍රබල ආකාරයටද ප්‍රතිශක්තිය දක්වන බවට ඇති මත පැරණි එකකි. මෙය වසූරිය තිබූ කළ පවා පැවතියකි. වසූරිය සඳහා එන්නත්කරණය පැවතීම හේතුවෙන් මරණ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටුණි. එඩිවර්ඩ් ජෙනර් ද එන්නත්කරණය සොයාගැනීමට පුරෝගාමී වූ අතර, ගව වසූරිය භාවිතයෙන් වසූරිය සඳහා ප්‍රතිශක්තියක් සොයා ගැනීමට (1796 දී) ඔහු වෙහෙසිණි. පාස්චර්ගේ සමය වන විට, මෙය වසූරිය සඳහා එන්නතක් ලෙස භාවිතා විය. වසූරිය එන්නතේ හා කොළරා , ඇන්ත්‍රැක්ස් එන්නත් අතර වෙනස වූයේ රෝග දෙකක දුර්වල අංශ දෙකේ ජීවීන් කෘතීමව ජනනය වීමයි.

මෙම සොයා ගැනීම වසංගත රෝග පිළිබඳ සොයාගැනීම්වල විප්ලවයක් ඇති කළ අතර, පාස්චර් මෙම කෘත්‍රීම, දුර්වල රෝග සඳහා වැක්සිනය යන (ජෙනර්ට ගෞරවයක් වශයෙන්) නම ලබා දීය. පාස්චර් ජලභීතිකාව සඳහා පළමු එන්නත සාවුන්ට එම වෛරසය ලබා දීමෙන් නිපද වූ අතර, අදාල ස්නායු පටකය වියළීමෙන් එම වෛරසය දුර්වල කළේය.

ජල භීතිකා එන්නත මූලිකවම සොයාගත්තේ පාස්චර්ගේ සමකාලිනයෙක් හා ප්‍රංශ වෛද්‍යවරයෙක් වන එමිල් රොක්ස් විසිනි. ඔහු ආසාධිත හාවුනගේ සුසුම්නාව වියළීමෙන් නිපද වූ ප්‍රතිකාරකයක් පිළිබඳ පර්යේෂණ කළ අයෙකි. මෙම එන්නත මිනිසෙකුගේ පරීක්ෂාව‍ට පෙර පරීක්ෂා කර තිබුණේ බල්ලන් එකොළහකගේ පමණි.

මෙම එන්නත මුලින්ම භාවිතා කළේ ජලභීතිකා රෝගය වැළඳුණු නව හැවරිදි ජෝසප් මෙයිස්ටර් නම් කුඩා ළමයෙකු හටයි.( 1885 ජුලි 6) මෙය පාස්චර් හට, මිනීමැරීම් චෝදනා එල්ල විය හැකි තරමේ අවදානමක් වුවද, කුඩා ළමයා ප්‍රතිකාර නොමැති වුවත් අනිවාර්යෙන්ම මිය යන බැවින් ඔහුගේ සහායකයන් සමඟ සාකාච්චාවෙන් පසු ඔහු එම ල්‍රතිකාර කිරීමට වගකීම භාර ගත්තේය. මෙම එන්නත විශ්මයජනක ලෙස සාර්ථක වූ අතර ළමයා රෝගයෙන් දිවි ගලවා ගත්තේය. එබැවින් පාස්චර් වීරයෙකු ලෙස සැලකුණු අතර, මෙම ජයග්‍රහණය නොයෙකුත් එන්නත් සඳහා මග පෑදීය. මේ අනුව පාස්චර් විසින් “පාස්චර් අධ්‍යාපනාලය”ක් ද පිහිට වීය.

පාස්චර් මුහුණදුන් එකම අවදානම නීතිය නොවේ. The Story of San Michele හි ඇක්සෙල් මූන්තේ විසින් පහත වැකිය සඳහන් කරන ලදී.

පාස්චර් වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්භීත පුද්ගලයෙකි. ජලභීතිකා රෝගය වැළදුණු බල්ලාගේ ඛේටය සාම්පලයක් ගත නොහැකි වූ කල්හි, ඔහු මගේ දෙනෙත් ඉදිරිපිට එම බල්ලාගේ මුඛයෙන් ඛේටය ගැනීමට මඳක්වත් පසුබට නොවීය.

ලුවී පාස්චර්ගේ උඩුකය සේයාරුවක්.

ප්‍රයෝගය පිළිබඳ චෝදනාව[සංස්කරණය]

1995 දී ලුවී පාස්චර්ගේ මරණයේ ශත වර්ෂ පූර්ණයේ දී New York Times සඟරාවේ “පාස්චර්ගේ ප්‍ර‍යෝගය” නමින් ලිපියක් පළවුණි. එය ජෙරල්ට් එල්. ගෙයිසන් විසින් පාස්චර්ගේ විද්‍යාගාර සටහන් කියවීමෙන් පාස්චර් පොලි - ලෙ -‍ෆෝර්ම් හිදී කළ ඇන්ත්‍රැක්ස් එන්නත පිළිබඳ විස්තර සටහන් සාවද්‍ය බව හෙළි විය.



අවසාන දින කිහිපය හා ගෞරවාචාර[සංස්කරණය]

පාස්චර් ක්ෂුද්‍රජීව විද්‍යාඥයකුගේ ඉහළම ‍ගෞරව සම්මානය වන ලීවන්හෝක් පදක්කම 1895 දී දිනාගත්තේය.

පාස්චර් “Grand Croix of the Legion of Honor” හි සාමාජිකයෙක් විය. එවන් පුද්ගලයන් මුළු ප්‍රංශයටම සිටියේ 75 පමණි. ඔහු මිය ගියේ 1895 දී ඔහු ප්‍රිය කළ St Vincent de Paul, ගේ කතාවට ඇහුම් කන් දෙමින් සිටින අතරතුරය. ඔහු වළ දැමූයේ නොටර් ඩෑම්හි දේව ස්ථානයේ වුව, ඔහුගේ සියලු පර්යේෂණ ප්‍රංශයේ Institut Pasteur නම් ස්ථානයේ වළ දැමීය. Institut Pasteur හා Université Louis Pasteur ඔහුට ගෞරවයක් වශයෙන් නම් කළ ස්ථාන විය. 1978 දී Michael H. Hart විසින් රචිත The 100A Ranking Of the Most Influential නම් පොතට අනුව ලොව ඉතිහාසයේ වැදගත්ම පුද්ගලයන් අතරින් පාස්චර් 12 වන ස්ථානය ලැබීය. 1992 දී ඔහුට කාල් මාක්ස් පරයා 11වන ස්ථානය ලැබීමට හැකිවිය.


පාස්චර්ගේ වැකි[සංස්කරණය]

1864 දී සෝබෝන්හිදී පැවැත්වූ දේශනයක දී පාස්චර් මෙසේ පැවසීය. “ස්වයංසිද්ධ ජනනය පිළිබඳ සිද්ධාන්තය , මේ තරම් සුළු පරීක්ෂණයකින් පෙන්වා දුන් පරිදි, කිසි දිනක සත්‍ය යැයි පැවසිය නොහැක” (ක්ෂුද්‍ර ජීවීන්, පැසවීමට උදව් වන බව පෙන්වීමට යොදාගත් පරීක්ෂණයට අදාලවයි)


ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ලුවී_පාස්චර්&oldid=249259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි