නොසියා කරොමටුල්ලා

විකිපීඩියා වෙතින්
نازیه کرامت الله
(Нозияи Кароматулло)

නොසියා කරමටුල්ලා
පසුබිම් තොරතුරු
උපතේදී නමනොසියා කරමටුල්ලා
උපත7 පෙබරවාරි 1988 (1988-02-07) (වයස 36)
දෝෂාන්බා, ටජිකිස්ථානය
ප්‍රභේදගසල්
පොප්
Dance
වෘත්තීන්ගායක
භෘණ්ඩතබ්ලාව
සක්‍රීය වසර2010 – අද
ලේබලවිවිධ

නොසියා කරොමටුල්ලා (Tajik: Нозияи Кароматулло/Persian نازیه کرامت الله, උපත පෙබරවාරි 7, 1988) යනු ටජිකිස්ථාන් ජාතික ජනප්‍රිය ටජික්, පර්සියන් සහ හින්දි පොප් ගායිකාවකි. නොසියා වැඩි වශයෙන් ගායනයේ යෙදෙන්නේ ඇගේ රටට ආවේණික, නවීන පර්සියන් භාෂාවෙන් බිඳී ආ ටජිකි භාෂාවෙනි. කෙසේ වෙතත් ඇය ඇතැම් අවස්ථා වලදී හින්දි සහ උර්දු භාෂා වලින් ද ගායනයේ යෙදෙන්නීය. ටජිකිස්ථානයේ සහ අසල්වැසි රටවල සංගීත ප්‍රසංග, නව-අවුරුදු සැමරුම්, ජාතික දින උත්සව, ගුවන් විදුලි සහ TV වැඩසටහන් වල ඇය ගායන ඉදිරිපත් කරන්නීය. ඉරානයේ ඇතැම් ප්‍රදේශ, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාවේ ද ඇය ඉතා ජනප්‍රියය.

ඇය 2014 දී විවාහ වී 2015 දෙසැම්බර් 7 වන දින ගැහැණු ළමයෙකු බිහි කළාය.

ඇගේ පියා, කරෝමතුල්ලෝ කුර්බනොව් 1992 ඔක්තෝබර් 17 වන දින යවාන් දිස්ත්‍රික්කයේ  සිවිල් යුද්ධය කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් මිය ගියේය.

මුල් ජීවිතය[සංස්කරණය]

නොසියා කරෝමතුල්ලෝ 1988 පෙබරවාරි 7 වන දින සෝවියට් සංගමයේ කොටසක් වූ දුෂාන්බේ ටජිකිස්තානය හි උපත ලැබීය. ඇය සුප්‍රසිද්ධ ටජික් ගායිකාවකගේ කරෝමතුල්ලෝ කුර්බනොව් දියණියයි.

අධ්‍යාපනය[සංස්කරණය]

නොසියා 2005 දී මාලිකි සොබිරෝවාගෙන් උපාධිය ලබා සම්භාව්‍ය ගායනය සහ නැටුම් පිළිබඳ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නවදිල්ලියේ සංරක්ෂණාගාරයට ඇතුළු විය.

2010 දී ඇය ගෞරව සහිතව ඉන්දියානු සංරක්ෂණාගාරයෙන් උපාධිය ලබා ගත් අතර, එම වසරේම ඇයගේ පළමු ඒකල ප්‍රසංගය පැවැත්වීය.

නොසියා කරෝමතුල්ලෝ දැන් ජාත්‍යන්තර සබඳතා ව්‍යවසායකත්ව හා සේවා ආයතනයේ 5 වන වසරේ ඉගෙනුම ලබයි

ජයග්‍රහණ[සංස්කරණය]

2007 දී ඇය ඉන්දියාවේ සම්භාව්‍ය නර්තන කතක් තරඟයෙන් ජය ගත්තාය.

"https://si.wikipedia.org/w/index.php?title=නොසියා_කරොමටුල්ලා&oldid=548930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි