නේටෝ ස්වීඩනය සබඳතා

විකිපීඩියා වෙතින්
නේටෝ–ස්වීඩනය සබඳතා
Map indicating locations of නේටෝ and ස්වීඩනය
නේටෝ ස්වීඩනය

2024 මාර්තු 7 දින සිට ස්වීඩනය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙහි (නේටෝ) සාමාජිකයෙක් බවට පත්වී ඇත.[1]

සංවිධානයට බැඳීමට පෙර, ස්වීඩනය සහ නේටෝ සංවිධානය නිතිපතා තොරතුරු හුවමාරු කර ගනිමින් ඒකාබද්ධ අභ්‍යාසයන්හී නියැලී තිබූ අතර, බොස්නියා සහ හෙර්සෙගොවීනා තුල නේටෝ-මෙහෙයවූ සාමසාධක බලකාය වෙත ස්වීඩනය විසින් බළ ඇණියක් යැවූ 1995 වසරෙහි සිට සාමසාධක මෙහෙයුම්වලදී සහයෝගිතාවය දක්වා තිබුණි.[2][3][4] 1994 මැයි 9 දිනදී ස්වීඩනය සාමය සඳහා සහයයෝගීත්වය වෙත බැඳුනි.[5][6]

ඓතිහාසික වශයෙන් ගත් කල, ස්වීඩන ජනගහණයෙන් සුළුතරයක් පමණක් නේටෝ සාමාජිකත්වය පිළිබඳ කැමැත්තක් දැක්වූ මුත්, බහුතරයෙහි කැමැත්ත වෙනසකට ලක්වූයේ, 2022 පෙබරවාරි මාසයෙහිදී සිදුවූ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය සිදුවීමෙන් පසුවය. 2022 මැයි මාසයෙහිදී, ස්වීඩනය, ෆින්ලන්තය හා සමගින්, සංවිධානයට බැඳීමට ඉල්ලීම් ඉදිරිපත් කලේය. ස්වීඩනය බැඳීම සඳහා ප්‍රවේශ ගිවිසුම, නේටෝ සංවිධානය විසින් 2022 ජූලි මාසයෙහිදී අත්සන් තැබිණි. [7] 2022 සැප්තැම්බර් මාසය කෙළවර වන විට, තුර්කිය සහ හංගේරියාව හැර සෙසු සියළු නේටෝ සාමාජිකයෙන් විසින් ස්වීඩනයෙහි ප්‍රවේශය අපරානුමත කර තිබුණි. 2024 ජනවාරි 26 දින වන විට තුර්කිය විසින් ස්වීඩනයෙහි ප්‍රවේශය අපරානුමත කරන ලද අතර, ඉන්පසු හංගේරියාව විසින් 2024 මාර්තු 7 දිනදී එසේ කරන ලදි. 2024 මාර්තු 7 දිනදී, ස්වීඩනය විධිමත් ලෙසින් නේටෝ සාමාජිකයෙක් බවට පත් විය.

ඉතිහාසය[සංස්කරණය]

ස්වීඩන මධ්‍යස්ථභාවය (1800 ගණන් සිට 1995)[සංස්කරණය]

නැපෝලිනියානු යුද්ධ වලින් පසුව[සංස්කරණය]

1812 වසරෙහි නැපෝලියානු යුද්ධ වලදී තම බල ප්‍රදේශයෙන් විශාල කොටසක් රුසියාවට අහිමිවීමෙන් පසුව, ස්වීඩනය මධ්‍යස්ථභාවී ප්‍රතිපත්තියක් දැරීමට ඉටා ගති. [8] 1814 වසරෙහි සිට, ස්වීඩනය විසින් විධිමත් ලෙසින් යුද්ධ ප්‍රකාශ කොට නොමැති අතර,[9] පළමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය තුලදී පවා රට මධ්‍යස්ථවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. [10]

සීතල යුද්ධය අතරතුර[සංස්කරණය]

1949 වසරෙහිදී නේටෝ සංවිධානය ආරම්භ වූ විට, එය වෙත නොබැඳීමට ස්වීඩනය තීරණය කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "සවීඩන් ඔෆීෂියලි ජොයින්ස් නේටෝ, එන්ඩිං ඩෙකේඩ්ස් ඔෆ් පෝස්ට්-වර්ල්ඩ් වෝ II නියුට්‍රෑලිටි". ඒපී නිවුස් (ඉංග්‍රීසි බසින්). 2024-03-07. සම්ප්‍රවේශය 2024-03-07.
  2. "රිලේෂන්ස් විත් ස්වීඩන්". නේටෝ. සම්ප්‍රවේශය 4 මාර්තු 2024.
  3. කර්බි, ජෙන් (17 මැයි 2022). "ෆින්ලන්ඩ් ඇන්ඩ් ස්වීඩන්ස් හිස්ටොරික් නේටෝ බිඩ්ස්, එක්ස්ප්ලේන්ඩ්". වොක්ස්. 18 මැයි 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  4. "රිලේෂන්ස් විත් ස්වීඩන්". නේටෝ. 14 අප්‍රේල් 2022. 19 මැයි 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 මැයි 2022.
  5. "සිග්නේචර්ස් ඔෆ් පාට්නර්ෂිප් ෆො පීස් ෆ්‍රේම්වර්ක් ඩොකියුමන්ට්". නේටෝ. 27 මාර්තු 2020. 20 මාර්තු 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 මැයි 2022.
  6. ඩර්ග්හැම්, රග්හීඩා (9 ජූලි 2023). "ස්වීඩන්ස් de jure නේටෝ මෙම්බර්ෂිප් ඊස් අ ලිට්මස් ටෙස්ට් ෆො ටර්කි". ද නැෂනල් නිවුස්. 20 අගෝස්තු 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 ජූලි 2023.
  7. ඔට්, හේලි (5 ජූලි 2022). "නේටෝ ඇලයිස් සයින් ඇෂෙන්සන් ප්‍රොටොකෝල්ස් ෆො ෆින්ලන්ඩ් ඇන්ඩ් ස්වීඩන් ඉන් 'ටෘෘලි හිස්ටොරික් මෝමන්ට්'" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සීබීඑස් නිවුස්. 5 ජූලි 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 ජූලි 2022.
  8. "ස්වීඩන්: අ හිස්ට්‍රි ඔෆ් නියුට්‍රෑලිටි එන්ඩ්ස් ආෆ්ටර් 200 ඉයර්ස්". ද කොන්වර්ෂේසන්. 26 මැයි 2022. සම්ප්‍රවේශය 7 මාර්තු 2024.
  9. "ස්වීඩන් හැසන්ට් ගෝන් ටු වෝ සින්ස් නැපෝලියන් වෝස් අලයිව්, බට් රෂියා හෑස් ඉට් ප්‍රිෙපයාරිං ෆො අනදර් වන්". බිස්නස් ඉන්සයිඩර්. 6 මැයි 2022. සම්ප්‍රවේශය 7 මාර්තු 2024.
  10. "ස්වීඩිෂ් නියුට්‍රෑලිටි: හව් ලෝං කැන් ඉට් ලාස්ට්?". ඩැනියුබ් ඉන්ස්ටිට්‍යුට්. 21 මාර්තු 2022. සම්ප්‍රවේශය 7 මාර්තු 2024.
"https://si.wikipedia.org/w/index.php?title=නේටෝ_ස්වීඩනය_සබඳතා&oldid=652396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි