නියුට්‍රෝනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නියුට්‍රෝනය යනු විද්‍යුත් ආරෝපණයක් නැත්තා වූ ද, ප්‍රෝටෝනයට වඩා ස්කන්ධයෙන් මඳක් වැඩි වූ ද උප පරමාණුක අංශුවකි. නියුට්‍රෝනයක ස්කන්ධය 1.674927351(74)×10−27 kg වේ.[1] හයිඩ්‍රජන් හැර සියලුම මූලද්‍රව්‍ය වල පරමාණුක න්‍යෂ්ටියෙහි නියුට්‍රෝන ඇත. න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන ප්‍රමාණය නියුට්‍රෝන අංකය ලෙස හඳුන්වනු ලැබේ. නියුට්‍රෝන අංකය මූලද්‍රව්‍යයක සමස්ථානික එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා වේ.

න්‍යෂ්ටිය තුළ ඇති නියුට්‍රෝන ස්ථායී ලෙස පැවැතිය ද නිදහස් නියුට්‍රෝන ස්ථායී නොවේ. නිදහස් නියුට්‍රෝන 885.7±0.8 sක මධ්‍යන්‍ය ආයු කාලයක් සහිතව බීටා ක්ෂය වීමට ලක් වේ. න්‍යෂ්ටික විලයනයේදී මෙන්ම න්‍යෂ්ටික විඛණ්ඩනයේදී ද නිදහස් නියුට්‍රෝන ජනිත වේ.

ක්‍රි.ව. 1932 දී නියුට්‍රෝනය සොයා ගැනීමෙන් පසුව, ක්‍රි.ව. 1933 දී එය න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට භාවිතා කළ හැකි බව පෙන්වා දෙනු ලැබිණි. ක්‍රි.ව. 1938 දී න්‍යෂ්ටික විඛණ්ඩනය සොයා ගනු ‍ලැබූ විට, එමඟින් න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට අවශ්‍ය නියුට්‍රෝන ජනනය කළ හැකි බව පෙනී ගියේ ය. මේ කරුණ ක්‍ර.ව. 1939 දී සනාථ කරන ලද අතර[තහවුරු​ කරන්න] මෙම සොයා ගැනීම න්‍යෂ්ටික අවි තැනීමටත්, පසුව න්‍යෂ්ටික විදුලි බලාගාර තැනීමටත් භාවිතා කෙරිණි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "CODATA value: neutron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. http://physics.nist.gov/cgi-bin/cuu/Value?mn. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-06-24. 
"http://si.wikipedia.org/w/index.php?title=නියුට්‍රෝනය&oldid=251021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි