න්‍යෂ්ටික විඛණ්ඩනය

විකිපීඩියා වෙතින්

ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් සහිත පරමාණුක න්‍යෂ්ටියක් පහළ ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණුක න්‍යෂ්ටි දෙකකට බිඳී යාමේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විඛණ්ඩනය (ඉංග්‍රීසි:  Nuclear fission) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් (බොහෝ විට අඩු වීමක්) සිදු වන අතර ඒ අනුව විශාල ශක්තියක් මුක්ත වේ. ඊට අමතරව න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවලදී බොහෝ විට නියුට්‍රෝන සහ ෆෝටෝන (බොහෝ විට ගැමා කිරණ ලෙස) මුක්ත කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=න්‍යෂ්ටික_විඛණ්ඩනය&oldid=404046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි