ජූලියන් බෝලිං

විකිපීඩියා වෙතින්
ජූලියන් බෝලිං
පුද්ගලික තොරතුරු
උපත19 ජුනි 1966(1966-06-19)
කොළඹ, ශ්‍රී ලංකාව
උසඅඩි 5"9
බරකිලෝ ග්රෑම් 70
ක්‍රීඩාව
ක්‍රීඩාවපිහිනුම්
Strokesනිදහස්ආර සමනලආර

ජූලියන් බෝලිං යනු ශ්‍රී ලාංකික, ජාත්‍යන්තර පදක්කම්ලාභී පිහිනුම් ශූරයෙකු වේ. ඔහු වර්ෂ 1984 සිට 1991 දක්වා කාලය තුල පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල්හී රන් පදක්කම් 15ක් දිනාගැනීමට සමත් විය. එසේම 1984 වර්ෂයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්, 1988 වර්ෂයේදී දකුණු කොරියාවේ සෝල් සහ 1992 වර්ෂයේදී ස්පාඥ්ඥයේ බාර්සිලෝනාහී පවත්වනු ලැබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදී බෝලිං ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී.[1] ඔහු ජාත්‍යන්තර තලයේ පිහිනුම්කරුවන් වූ තාරා බෝලිංගේ සහ ඥාතී දීපිකා ෂන්මුගම්ගේ පුත්‍රයෙකුද වෙයි. 1991 වසරේදී කොළඹ පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලදී පිහිනුම් අංශයෙන් රන් පදක්කම් 6ක් හිමිකර ගැනීම බෝලිංගේ හොඳම දක්ෂතාවය ලෙස සැළකේ. ඔහු විසින් එම වසරේ තබන ලද පදක්කම් වාර්ථාව, 2016 වසරේදී මැතිව් අබේසිංහ විසින් රන් පදක්කම් 7ක් හිමිකර ගනිමින් බිඳදමන තුරු පැවතුනි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජූලියන්_බෝලිං&oldid=395766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි