ජවහර්ලාල් නේරු
| ජවහර්ලාල් නේරු | |
|---|---|
![]() |
|
| ඉන්දියාවේ පළමුවන අගමැති | |
| නිලය දැරීම 15 අගෝස්තු 1947 – 27 මැයි 1964 |
|
| රජ | සයවන ජෝර්ජ් (1947-1950) |
| ජනාධිපති | රාජේන්ද්‍ර ප්‍රසාද් සාර්වපල්ලි රාධක්‍රිශ්නන් |
| අග්‍රාණ්ඩුකාර | බුරුමයේ අර්ල් මවුන්ට්බෑටන් චක්‍රවර්තී රාජගෝපාලාචාරි |
| Deputy | වල්ලභ්භායි පටේල් |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර ඇති කෙරිණි |
| අනුප්‍රාප්තිකයා | ගුල්සරිලාල් නන්ද (වැඩ බලන) |
| ආරක්ෂක ඇමති | |
| නිලය දැරීම 31 ඔක්තොම්බර් 1962 – 14 නොවැම්බර් 1962 |
|
| පූර්වප්‍රාප්තිකයා | වී. කේ. ක්‍රිෂ්න මෙනන් |
| අනුප්‍රාප්තිකයා | Yashwantrao Chavan |
| නිලය දැරීම 30 ජනවාරි 1957 – 17 අප්‍රේල් 1957 |
|
| පූර්වප්‍රාප්තිකයා | Kailash Nath Katju |
| අනුප්‍රාප්තිකයා | V. K. Krishna Menon |
| නිලය දැරීම 10 පෙබරවාරි 1953 – 10 ජනවාරි 1955 |
|
| පූර්වප්‍රාප්තිකයා | N. Gopalaswami Ayyangar |
| අනුප්‍රාප්තිකයා | Kailash Nath Katju |
| මුදල් ඇමති | |
| නිලය දැරීම 13 පෙබරවාරි 1958 – 13 මාර්තු 1958 |
|
| පූර්වප්‍රාප්තිකයා | Tiruvellore Thattai Krishnamachariar |
| අනුප්‍රාප්තිකයා | Morarji Desai |
| නිලය දැරීම 24 ජූලි 1956 – 30 අගෝස්තු 1956 |
|
| පූර්වප්‍රාප්තිකයා | Chintaman Dwarakanath Deshmukh |
| අනුප්‍රාප්තිකයා | Tiruvellore Thattai Krishnamachariar |
| විදේශ කටයුතු ඇමති | |
| නිලය දැරීම 15 අගෝස්තු 1947 – 27 මැයි 1964 |
|
| පූර්වප්‍රාප්තිකයා | තනතුරු ඇතිකෙරිණි |
| අනුප්‍රාප්තිකයා | Gulzarilal Nanda |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 14 නොවැම්බර් 1889 අලහබාද්, වයඹ-පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| මරණය | 27 මැයි 1964 (වයස 74) නව දිල්ලිය, ඉන්දියාව |
| දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
| කලත්‍රයා(යන්) | Kamala Kaul |
| දරුවන් | ඉන්දිරා ගාන්ධි |
| උගත් ශාස්ත්‍රාලයය | Trinity College, Cambridge Inns of Court |
| වෘත්තිය | අධිනීතිඥ |
| ආගම | නැත (අඥේයවාදී අදේවවාදය)[1][2][3] |
| අත්සන | |
පණ්ඩිත් ජවහර්ලාල් නේරු (1889 නොවැම්බර් 14 – 1964 මැයි 27) කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායක යා වූවා මෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ අවශ්‍යම තැනැත්තා වූ අතර නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ද විය. ඔහු යුද්ධයෙන් පසු කලායේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධානම තැනැත්තා (ඔහු තුන්වන ලෝකයේ අයිතිවාසිකම් කරුණු සැලකීමෙන් නිගමනය කරගත් පුද්ගලයා) වූවා මෙන්ම ඉන්දියානු දේශපාලනයේ විශාල බලයක් පවතින නේරු - ගාන්ධි පවුලේ පීතෘ මූලිකයා ද වූවාය. ඔහු පිළිබඳ වැඩිපුර සඳහන් වූවේ පණ්ඩිත් ජී (ශිෂ්‍යත්වය) සහ පණ්ඩිත් නේරු වශයෙනි. ධනවත් ඉන්දියානු අධි නීතීඥවරයෙක් මෙන්ම දේශපාලනඥයෙක් වන මොතිලාල් නේරු මහතාගේ පුත්‍රයෙකු වූ නේරු විශිෂ්ට වූ තරුණ වයසේ දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායමේ නායකයා බවට පත්වූවේය. කොංග්‍රස් නායකයා ලෙස ඉහලට යමින් මහත්මා ගාන්ධි යටතේ උපදේශකයෙකු ලෙස සිටින අතර නේරු තුමා ජනකාන්ත, විප්ලවවාදී නායකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණ නිදහස ලබා ගැනීමට කතා කළ ඔහු අවසානයේ ගාන්ධිගේ දේශපාලන හිමිකරු ලෙස හැඳින්වූවේය. යාවජීව, ධනවාදී, බුද්ධිමත් නේරු නිරන්තරව ෂේබියන් සමාජවාදයට හා රාජ්‍ය අංශය සඳහා පක්ෂව කතා කරමින්‍බොහෝ කල් සිට පැවතෙන ආර්ථික සංවර්ධනයේ අභියෝග කතා කිරීමට හැකි විය.
කොංග්‍රස් නායකයා ලෙස සේවය කරමින් නේරු නිදහස් ඉන්දියාවේ කොඩිය 1947 අගෝස්තු 15 නව දිල්ලියේ දී එසවූ අතර අගමැති ලෙස සේවය කළේය. ඔහුගේ දියණිය ඉන්දිරා හා වැඩිමහල් පුතු රජීව් යන දෙදෙනාම අගමැති සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස සේවය කළ අතර රජීව්ගේ බිරිඳ සෝනියා එම අයුරින් සේවය කළාය. ඔහුගේ දිගු නිල දරන කාලය නිදහස් ඉන්දියාවේ සම්ප්‍රදායන් සහ සැලැසුම් හැඩගැස්වීමට උපයෝගී වූවාය.
උරුමය නේරුගේ ප්‍රතිමාව, Aldwych, ලන්ඩන්
ඉන්දියාවේ ප්‍රථම අගමැති සහ බාහිර කටයුතු පිළිබඳ ඇමති වශයෙන් ජවහර්ලාල් නේරු නූතන ඉන්දියා රජය හා දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ විදේශ පිළිවෙතක් සමඟ හැඩගැස්වීමේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කළාය. ඔහු ජාත්‍යන්තර ප්‍රාථමික අධ්‍යාපනය ඉන්දියාවේ ඉතා දුරින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශවල මුළුගැන්වුණු ළමයින්ට ළඟා කර දීම පිළිබඳ සැලසුම් නිර්මාණය කිරීමේ ස්තූතිය ලබා ගනී. නේරුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ලොව ඉහල අධ්‍යාපන ආයතන වන ඉන්දියාවේ සියලු වෛද්‍ය විද්‍යාව පිළබඳ ආයතනය තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතනය පිළිබඳ ජාතික ආයතන සහ කළමණාකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය සංවර්ධනය කෙරේ බලපානු ලැබුවාය.
නේරු තුමා වරප්‍රසාද නොලත් හෝ අඩු වරප්‍රසාද ඇති අය වෙනුවෙන් හැම අත පැතිරුණු සැලසුමක් පිහිටුවමින් ඉන්දියාවේ වාර්ගික කොටස්, සුළු ජාතීන්, කාන්තාවන්, කුල වශයෙන් ලැයිස්තු කළත්, පෙළපත වශයෙන් ලැයිස්තු කළත් තම සමාන අයිතිවාසිකම් හා යුතුකම් ලබා දීමේ ගෞරවය ලැබුවේය. නේරු තුමාගේ සමානාත්මකව පිළිබඳ මහත් ලැදියාව නිසා ඔහු කාන්තාවන්ට හා පරිහානි පංතිවලට වෙනස් කොට සැලකීමට විරුද්ධව එය නැවතීමට උත්සාහ ගෙන ක්‍රියාකිරීම ඔහුගේ ජීවිත කාලය තුළ සීමිත සාර්ථකත්වය ඔහු ලැබුවේය.
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ "ද මොන්ට්‍රියල් ගැසට්". ගූගල් නිව්ස් ආකයිව්. 9 ජූනි 1964. p. 4. http://news.google.co.in/newspapers?id=LZotAAAAIBAJ&sjid=jp4FAAAAIBAJ&pg=7168,1579610.
- ↑ Ramachandra Guha (23 September 2003). "Inter-faith Harmony: Where Nehru and Gandhi Meet Times of India". The Times Of India. http://timesofindia.indiatimes.com/home/opinion/edit-page/LEADER-ARTICLEBRInter-faith-Harmony-Where-Nehru-and-Gandhi-Meet/articleshow/196028.cms.
- ↑ In Jawaharlal Nehru's autobiography, An Autobiography (1936), and in the Last Will & Testament of Jawaharlal Nehru, in Selected Works of Jawaharlal Nehru, 2nd series, vol. 26, p. 612,
