නව දිල්ලිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
නව දිල්ලිය (හින්දි = නායි දිල්ලි) ඉන්දියාවේ අගනගරයයි.
1911 දෙසැම්බර් 15 වැනිදා මුල් ගල් තබන ලද නව දිල්ලිය 20 වන සියවසේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නගර ශිල්පීන් දෙදෙනෙකු වූ එඩ්වින් ලුටියන්ස් සහ හර්බට් බේකර් විසින්ද සැලසුම් කර ඇත. පසුව 1931 පෙබරවාරි 13 වැනි දින අර්වින් ආදීපාද වයිස්රෝයි විසින් නගරය නිල වශයෙන් විවෘත කරන ලදී. සුවිසල් රුක් සෙවණැති මාර්ගවලින් හෙබි නව දිල්ලි නගරයේ රටේ ප්‍රධාන ආයතන සහ ගොඩනැගිලි රාශියක් පිහිටා ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 42.7 කි.