ස්තම්භනය
ස්තම්භනය යනු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා වචනයකි. මෙය බොහෝ විට චෙක්මේට් යනුවෙන් අප අතරේ භාවිතා වේ. මෙහි තේරුම වන්නේ රජුට පළා යා නොහැකි පරිදි අල්ලා ගැනීම යන්නයි. ස්තම්භනය කිරීම චෙස් ක්‍රීඩාවක අවසාන ඉලක්කය වේ. ප්‍රිතිවාදියාගේ රජුට කිසිදු අයුරකින් පැන යාමට නොදී අල්ලා ගත් පසුව ඔහු චෙක්මේට් වූවා යැයි කියනු ලැබේ. බෝහෝ විට චෙක්මේට් වීමට නොහොත් ස්තම්භනය වීමට එක් පියවරකට ප්‍රථමයෙන් තරඟය අවසන් වේ. මීට හේතුව වන්නේ ප්‍රතිවාදියාට මීළඟට එක් නිත්‍යානුකූල පියවරක් නොමැති වීමය. බොහෝ ක්‍රීඩකයෝ ස්තම්භනය වීමට ප්‍රථමයෙන් ක්‍රීඩාවෙන් ඉවත් වේ.
පටුන |
[සංස්කරණය] ස්ටිල්මේට්
චෙස් ක්‍රීඩාවේදී ප්‍රිතිවාදියාගේ රජුට ප්‍රහාරයක් සිදුවන ඉත්තන් මෙහෙය වූ අවස්ථාවක චෙක් යනුවෙන් පැවසිය යුතු වේ. එවිට ප්‍රතිවාදියා එම අනතුරු අවස්ථාවට අදාළ පරිදි ක්‍රියා කරණු ඇත. යම් අවස්ථාවකදී ප්‍රතිවාදියාගේ රජුට සිදු කිරීමට කිසිදු නීතිමය පියවරක් නොමැතිව හා එම අවස්ථාවේදී රජු චෙක් නොවී ඇති විටදී තරඟය ස්ටිල්මේට් යන අයුරින් අවසන් වේ. මෙය තරඟය ජය පරාදයෙන් තොරව අවසන් වූ අවස්ථාවක් ලෙස සැලකේ.
[සංස්කරණය] උදාහරණ
ස්තම්භනය තරඟයේ මුල් භාගයේදී හෝ මැද භාගයේදී හෝ අවසාන භාගයේදී සිදුවිය හැකිය.
[සංස්කරණය] ප්‍රධාන ඉත්තන් දෙවර්ගය
රැජිණ සහ රුක් යන ඉත්තන් වර්ග දෙක ස්තම්භනය කිරීම සඳහා චෙස් ක්‍රීඩාවේ ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. මෙම වර්ග දෙක එකිනෙකට ආසන්නයේ තබා ගත් කල්හි චෙක්මේට් කිරීම ඉතා පහසු කටයුත්තක් වන්නේය. රුක් දෙදෙනෙක් හෝ රැජිණියන් දෙදෙනෙක් සිටීනම් රජුගේ ආධාරයක් නොමැතිව ස්තම්භනය කල හැකිය.
[සංස්කරණය] මූලික ස්තම්භන අවස්ථා
ප්‍රතිවාදියාගේ රජු පමණක් ඇති අවස්ථාවකදී ස්තම්භනය විය හැකි අවස්ථා කිහිපයක් පහත සඳහන් වේ. මේ සඳහා පහත දැක්වෙන එක අයුරකින්වත් පිටිය සමන්විත විය යුතුය. එසේම මේ සියළු අවස්ථවන්ට රජිගේ ආධාරය අවශ්‍ය වේ.
- එක රැජිණක්
- එක රුක් කෙනෙක්
- පාට දෙදෙක සිටින බිශොප්ලා දෙදෙනෙක්
- නයිට්වරයෙක් සමග එක බිශොප් කෙනෙක්