ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය

ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ ගාලු කොටුව ආසන්නයේ ඉන්දියන් සාගරයට දෙපැත්තකින් සීමා වී මෙය පිහිටා ඇත. එහි පළමු පෙළ තරඟයක් පැවැත්වූයේ 1984 පෙබරවාරි 29 වන දිනය. පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන ලද්දේ 1998 ජුනි 03 වන දිනය. මෙම ක්‍රීඩාංගනය වඩාත් යෝග්‍ය දඟ පන්දු යැවීම සඳහාය. මෙහි ක්‍රීඩා කළ මුළු තරඟ එකොලහෙන් 6ක ජය ලංකාවට හිමිවිය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමේ වාර්තාව පිහිට වූයේ 2004 මාර්තු මාසයේ දී මෙම ක්‍රීඩාංගනයේ දීය.

ඉන්දියානු සාගරයේ භූමිකම්පාවෙන් වූ සුනාමි තත්වය නිසා මෙම ක්‍රීඩාංගනයට හානි සිදු විය. එය නැවත යථාතත්වයට පත්කිරීම ආරම්භ කළේ ඕ‍ස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් ‍වෝන් සහ මෙල්බර්න් නගරවාසීන් විසින් දුන් ආධාරවලිනි. ක්‍රීඩාංගනය නැවත විවෘත කරනු ලැබූයේ තුන්වන එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරය සඳහා 2007 ඔක්තෝබර් මාස‍යේදීය.