ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Sri Lanka Cricket Logo.png
ක්‍රීඩාව ක්‍රිකට්
පාලනය ජාතික
අනුබද්ධ ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
අනුබද්ධිත දිනය ජූලි 21, 1981 (1981-07-21)
ප්‍රාදේශ්‍රීය අනුබද්ධ ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිලය
මූලස්ථානය මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ
සභාපති උපාලි ධර්මදාස[1]
ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර්[2]
ප්‍රතිස්ථාප්‍ය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL)
නිල වෙබ් අඩවිය
srilankacricket.lk
ශ්‍රී ලංකාව


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (ඉංග්‍රීසි:Sri Lanka Cricket ,පෙර: ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් හා එහි කටයුතු පාලනය කරන ප්‍රධානතම ආයතනයයි. මෙය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරනු ලබන අතර මෙමගින් ජාතික ක්‍රිකට් කණ්ඩායම් තරග සහ පළමු පෙල තරගයන් පවත්වනු ලබයි. මෙම ආයතනය 1975 ජුනි මස 30 දිනදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස ආරම්භ කෙරුණු අතර පසුව එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස වර්ෂ 2003 දී පිහිටුවන ලදී.

පටුන

[සංස්කරණය] ආයතනය ව්‍යුහය

නීති ප්‍රකාරව සිවුවසරකට වරක් පැවැත්වෙන ඡන්ද විමසිමකින් ආයතනය සඳහා නියෝජිතයින් තෝරාපත්කරගනු ලබයි. ආයතනයේ සභාපති, උප සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු මෙම නිලවරණයේදී තෝරාගනු ලබයි. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලය අනුව මෙම පාලක කමිටුව විසුරුවා හැරීමටත්, අතුරු පාලක කමිටුවක් පත්කිරීමටත් ඉඩකඩ ඇත.

[සංස්කරණය] තරගාවලින් සහ සංවිධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලින් මෙන්ම දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම හා පාලනය කිරීම සිදුකරනු ලබයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන විදේශීය තරගමාලා සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාහි කිරීමත් දේශීය තරගමාලා සඳහා සංවිධාන කටයුතු සහ පහසුකම් සැලසීමද මෙම ආයතනයේ වගකිමක් වේ.

[සංස්කරණය] අන්තර්ජාතික තරගාවලි

[සංස්කරණය] ලෝක කුසලාන තරගාවලි

වර්ෂය සත්කාරක රට ජයග්‍රාහකයා
1996 ඉන්දියාව ඉන්දියාව, පාකිස්තානය පකිස්තානය, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
2011 ඉන්දියාව ඉන්දියාව, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය බංග්ලාදේශය ඉන්දියාව ඉන්දියාව

[සංස්කරණය] චැම්පියන් කුසලාන තරගාවලි

වර්ෂය සත්කාරක රට ජයග්‍රාහකයා
2002 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව, ඉන්දියාව ඉන්දියාව සම ශූරයන්

[සංස්කරණය] විස්සයි20 ලෝක කුසලාන තරගාවලි

වර්ෂය සත්කාරක රට ජයග්‍රාහකයා
2012 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව සු/නො

[සංස්කරණය] 19 පහල ලෝක කුසලාන තරගාවලි

වර්ෂය සත්කාරක රට ජයග්‍රාහකයා
2000 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව
2006 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව පාකිස්තානය පකිස්තානය

[සංස්කරණය] දේශීය තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂිකව දේශීය ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ කිහිපයක් යටතේ පවත්වනු ලබයි. ඒ කාණ්ඩයේ පලමු පෙල ප්‍රධානතම තරගාවලිය, පලමු පෙල ප්‍රධානතම සීමිත පන්දුවාර තරගාවලිය, පලමු පෙල විස්සයි 20 තරගාවලිය සහ බී කාණ්ඩයේ තරගාවලිය මේ සඳහා පවත්වනු ලබයි. මෙහි ප්‍රධානතම අරමුණ වනුයේ ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමයි.

ඒ කාණ්ඩයේ පලමු පෙල ප්‍රධානතම තරගාවලිය සඳහා සහභාගීවන කණ්ඩායම්;

කණ්ඩායම ප්‍රදේශය
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කොළඹ
බී. ආර්. සී. ක්‍රීඩා සමාජය කොළඹ
සී. සී. සී. ක්‍රීඩා සමාජය කොළඹ
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කොළඹ
ගාලු ක්‍රීඩා සමාජය ගාල්ල
මුව(ර්)ස් ක්‍රීඩා සමාජය කොළඹ
එන්. සී. සී. ක්‍රීඩා සමාජය කොළඹ
පානදුර ක්‍රීඩා සමාජය පානදුර
රාගම ක්‍රීඩා සමාජය කටුනායක
සෙබස්තිනයිට්ස් ක්‍රීඩා සමාජය මොරටුව
එස්. එස්. සී. ක්‍රීඩා සමාජය කොළඹ
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය කොළඹ

මීට අමතරව අන්තර් පලාත් පලමු පෙළ තරගාවලිය, සීමිත පන්දුවාර තරගාවලිය හා විස්සයි 20 තරගාවලිය පවත්වනු ලබයි. මේ සඳහා ඒ හා බී කාණ්ඩ තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයන් පලාත් අනුව වර්ග කර කණ්ඩායම් පිහිටවාගනු ලැබේ. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් මෙසේය.

කණ්ඩායම
බස්නාහිර-උතුර
බස්නාහිර-දකුණ
රුහුණ
කඳුරට
වයඹ


[සංස්කරණය] ආශ්‍රිත

  1. [1] ද නිව් චෙයාමන් ඔෆ් ශ්‍රී ලංකා ක්‍රිකට්ස් ඉන්ටරිම් කමිටි
  2. [2] යෙට් අනදර් ඉන්ටරිම් කමිටි ෆො ශ්‍රී ලංකා ක්‍රිකට් නේම්ඩ්
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්