ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු මැද පළාත
දිස්ත්‍රික්කයඅනුරාධපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

හැඳින්වීම


පිහිටීම


ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු මායිමට වන්නට පිහිටා ඇති අතර උතුරු මැද පලාතට අයත්ය

මායිම්


උතුරට හා ඊසාන දිගට කලා ඔය ද, දකුණු හා නිරිත දිගින් කුරුණෑගල දිස්ත්‍රික්කයද, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිරිත දෙසින් ද ඊසාන දෙසින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද පිහිටා ඇත.‍ මුළු වර්ග ප්‍රමාණය ව.කි.මි.144.5කි.

භූගෝලීය ලක්ෂණ


මුහුදු මට්ටමේ සිට මීටර් 100-125 අතර පිහිටා ඇත. පරිණත භූ තල ලක්ෂණ සහිත සමාකාර පාංශු මතුපිටක් ඇත. කොට්ඨාසයේ මැද හා උතුරු ප්‍රදේශයට වන්නට රතු දුඹුරු පස ද උතුරු ප්‍රදේශයේ මැටි ලෝම පසක්ද දක්නට ඇත. වාර්ෂික වර්ෂාපතනය අඟල් 50-75 අතර පවතී. අවම වර්ෂාපතනයක් මැයි-සැප්තැම්බර් අතර කාලයේ දක්නට ඇති අතර එම කාලයේ මෙහි මධ්‍ය උෂ්ණත්වය සෙ.අං. 30 අවට පවතී. පොදුවේ වියලි කාලගුණ තත්වයක් පවතී නමුත් මහවැලි එච් කලාපයේ පිහිටි ග්‍රාම නිලධාරී තුලාන් 16ක තත්වය මෙම තත්වයෙන් මදක් අපගමණය වේ. කොට්ඨාසයේ ඇති මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 14450 කි මෙයින් හෙක්ටයාර 1870 පමණ රක්ෂිත හා කැලෑ වේ මෙය මුළු භූමි ප්‍රමාණයෙන් 13.5% පමණ ‍වේ. කොට්ඨාසය හරහා ගමන් කරන ප්‍රධාන මාර්ග 03 කි

ගල්නෑව- තඹුත්තේගම මාර්ගය(එළිසබෙත් රැජින ජය මාවත) බුල්නෑව-ඇඳගල මාර්ගය බුල්නෑව-මොරගොල්ලාගම මාර්ගය

කොට්ඨාසය තුලින් ගමන් කරන මහව-මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන හා නෑගම දුම්රිය ස්ථාන දෙක පිහිටා ඇත.

ඓතිහාසිකව වැදගත් වන ස්ථාන


ධාතු සේන රජතුමා විසින් ඉදිකරන ලද අවුකන ‍ඓතිහාසික ශෛලමය අවුකන පිළිම වහන්සේ කලාවැව, විජිතපුර පංසල, රැස්වෙහෙර පංසල මෙම කොට්ඨාසයට ඉතා යාබදව පිහිටා ඇත.

රජයේ පරිපාලන ව්‍යුහය


ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගල්නෑව ප්‍රාදේශීය සභාව විසින් ප්‍රධාන වශයෙන් සිදුකරයි. ගල්නෑව පොලීසිය, ගල්නෑව රජයේ රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය,ගල්නෑව තැපැල් කාර්යාලය අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතන වේ. කොට්ඨාසය ගම් 71 කින් සමන්විතවන ලෙස ග්‍රාම නිලධාරී වසම් 30කට බෙදා ඇත. ආර්ථික, සමාජීය හා පරිසර තත්ව මෙම වසම් 30හිම සමාන නොවන අතර මහවැලි එච් කලාපයේ පිහිටා ඇති ග්‍රාම නිලධාරී වසම් 16 ක වැඩි ආර්ථික, සමාජය වර්ධනයක් දක්නට ඇත.

ජනගහනය


මුළු ජනගහනය 34718 ක් වන අතර වාර්ෂික ජනගහන වර්ධන වේගය 1.13%ක් පමණ වේ (ජන හා නිවාස සංගණන තොරතුරු 2011)

තොරතුරු සැපයීම - ඩබ්.එම්. රජිත සුරංග, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, ගල්නෑව