කොරල් පර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොරල් පර වල ජෛව විවිධත්වයේ ඇතැම් කොටසක්, ඔස්ට්‍රේලියාවේ මහාබාධක පරය
Coral-reef-water.jpg

කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.

ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.

කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.

කොරල් පර වර්ධනයට අවශ්‍ය සාධක[සංස්කරණය]

ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල් පර වර්ධනය වන්නේ නැත. කොරල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් කොරල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ.

  • සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20-30 අතර පරාසයක විය යුතුය.
  • සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස්ව පැවතිය යුතුය.
  • සූර්යයාලෝකය හොඳින් සාගර පත්ලට ලැබිය යුතුය.
  • ඉතා පිරිසිදු ජලයක් පැවතිය යුතුය.
  • සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්වයට තැනිතලා, ස්ථාවර එකක් විය යුතුය.

සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට කොරල් පර වර්ධනයක් නොවන බැවින් කොරල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි.

කොරල් පර

කොරල් වලින් මිනිසුන් ලබා ගන්නා ප්‍රයෝජන[සංස්කරණය]

  • මසුනු,පොකිරිස්සන්, කකුළුවන්, බෙල්ලන් වැනි ආහාරයට සුදුසු ජීවීන්ආහාරයට ලබා ගැනීම.
  • පසෙහි ආම්ලිකත්වය උදාසීන කිරීම සඳහා රසායනයක් ලෙස යොදා ගැනීම.
  • අපනයන සඳහා විසිතුරු මසුන් ගල්මල් ලබා ගැනීම.
  • ලියුකේමියා සහ පිළිකා වැනි රෝග වලට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා ගැනීම.
  • ඉදිකිරීම් කටයුතු සඳහා හුණු ලබා ගැනීම.

කොරල් පර ආශ්‍රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ කොරල් ආශ්‍රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත.

කොරල් පර විනාශ වීමට තුඩු දෙන හේතු.[සංස්කරණය]

මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්,

  • පත්ල සූරාගෙන යාහැකි දැල් වලින් මසුන් ඇල්ලීම.
මේ මගින් මුහුදු පැලෑටි සහ කොරල් සහ වෙනත් සියලුම ජීවීහු කැඩී විනාශ වී යයි.
  • ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම.
ඩයිනමයිට් භාවිතය නිසා ඇති වන කම්පනය මගින් ලොකු කුඩා ජීවීහු විශාල වශයෙන් විනාශ වෙති.මේ මගින් කොරල් පරද දෙදරා ගොස් එහි ස්ථාවරත්වයට හානි පැමිණේ.
  • හුණු ලබා ගැනීම සඳහා කොරල් ඉවත් කිරීම.
මෙය පාරම්පරිකව කෙරෙන වෘත්තියකට සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වේගවත් වී තිබේ.මේ මගින් කොරල් පර සීඝ්‍රයෙන් විනාශ වීමට හේතු වේ.
  • සිහිවටන සඳහා තබා ගැනීමට කොරල් කැඩීම.
සංචාරක කර්මාන්තය දියුණු ප්‍රදේශවල මෙය බලව සිදුවේ.
  • ජල දූෂණය
මුහුද ආශ්‍රිත වෙරළ කොටස් වල සුදු කොහු සෑදීම සඳහා පොල්ලෙලි ගෙන පල් කිරීම හේතු කොට ගෙන කොරල් පර විනාශ විය හැක.
  • යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිතා කිරීම.
විශේෂහෙන්ම කොරල් පර සහිත ප්‍රදේශවල යාන්ත්‍රික බෝට්ටු වල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල් පර සීරීයාම සහ කැඩී යාම මගින් ඒවා විනාශයට පත් වේ.
  • වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් කොරල් පර විනාශ වී යාම.

ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ.

කොරල් පර සංරක්ෂණය[සංස්කරණය]

මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා කොරල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් කොරල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කෙරේ.

තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි.


කොරල් පරවල ව්‍යාප්තිය[සංස්කරණය]

කොරල් පර - පිහිටීම

ඉන්දු ශාන්තිකර කලාපයේ (රතු මුහුද , ඉන්දියන් සාගරය , අග්නිදිග ආසියානු සහ ශාන්තිකර සාගරද ඇතුළත්ව) වර්ග කිලෝමීටර් 284,300 පුරා පැතිර ඇති බවට ගණනය කර ඇති මෙම කොරල් පර සමස්ත කොරල් පරවලින් 91.9% වේ. මෙම සංඛ්‍යාවෙන් 32.3% ක් අග්නි දිග ආසියාවෙන් ද , 40.8% ක් ඕස්ට්‍රේලියාවෙන් ද ඇතුළත්ය. සමස්ත කොරල් පර ප්‍රමාණයෙන් 7.6% පමණක් අත්ලාන්තික් සහ කැරිබියානු කොරල් පර වේ.

කොරල් පර ඉතාම සීමිතව හෝ දක්නට නොමැති වන්නේ ඇමරිකානු සහ අප්‍රිකානු බටහිර වෙරළ තීරයන්ගේය. ගොඩගැනීම් ක්‍රයාවලිය සහ දැඩි සිසිල් සාගර දියවැල් මගින් මෙම ප්‍රදේශවල සාගර ජලයෙහි උෂ්ණත්වය පහත වැටීම ප්‍රාථමිකව මෙම සීමිත භාවයට හේතු වේ. ආසියාවේ වෙරළ තීරයෙන් එපිට පාකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා වෙරළ තීරයේ ද කොරල් පර සීමිත වී ඇත. ඇමසන් නදියෙන් සහ ගංගා නදියෙන් ඉතා විශාල වශයෙන් ජලය සාගරයට මුදා හරින බැවින් පිළිවෙලින් දකුණු ඇමරිකාවේ ඊසාන දිගින් ද බංග්ලාදේශය අවට ද කොරල් පර සීමිත වී ඇත.

ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ :-

  • මහා බාධක පරය - ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය , ඕස්ට්‍රේලියාවේ , ක්වීන්ස්ලන්තය
  • බෙලිස් බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම කොරල් පර පද්ධතිය , මෙක්සිකෝහි දකුණු ක්වින්ටානාරෝ සිට පැතිරෙන මෙම පරය බෙලිස් වෙරළ තීරය දිගේ පහළට හොන්ඩ්‍යුරාස් දුපත දක්වා පැතිරේ.
  • රතු මුහුදේ කොරල් පරය - ඊජිප්තු වෙරළ තීරයෙන් එපිට සිට සවුදි අරාබිය දක්වා
  • පුලී රිජ් - ගැඹුරුම , ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල් පරය, ෆ්ලොරිඩා
  • නව කැල්ඩේනියා බාධක පරය - ලෝකයේ දෙවන විශාලතම ද්විත්ව බාධක පරය වන මෙය කිලෝ මීටර් 1500 පමණ දිග වේ.

තර්ජන[සංස්කරණය]

මයික්‍රොනීසියාවේ යැප්ට ඔබ්බෙන් ගැටි පරයක් සහිත දිවයිනක් [1]

ලොව පුරා කොරල් පර විනාශ වෙමින් පවතිති.[1] විශේෂයෙන්ම, කොරල් පර කැඩීම, කෘෂිනාර්මික හා නාගරික අපහරණ, දූෂණය (කාබනික හා අකාබනික), අධික මස්මැරීම, පිපිරුම් මස්මැරීම, රෝග, සහ කාණු කැපීම සහ දිවයින් හා මුහුදු බොකු වෙත ප්‍රවාහණය යන දේ කොරල් පරිසර පද්ධතීන්ට ස්ථානගත තර්ජන වෙති. පුළුල් තර්ජන වන්නේ සාගර උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර අම්ලකරණය නිසාවෙන් pH අගයෙහි වෙනස්වීම්, යන මේ හරිතාගාර වායු විමෝචනයන් හා බැඳි සියල්ල වෙති.[තහවුරු කරන්න]

පෘථිවි සාගරවල ජීවත් වන කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වෙළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්‍රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී.


කොරල් පර සුරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

පැපුවා නිව්ගිනියාහි අවුස් දිවයිනෙහි ගුවන් ඡායාරූපයක් ඉහත දැක්වේ. අවුස් දිවයින, මැනුස් පළාත සහ පැපුවා නිව්ගිනියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ කොරල් කලපු හයක සම්ප්‍රදායික ක්‍රමයට මසුන් මැරීම සීමා කරන ලදහ. රැහැනේ ඇති මසුන් මැරීමට අවසර දුන් අතර සංස්කෘතික චාරිත්‍ර අනුව දැල් යොදා සහ පොලු වලින් ගසා මගින් මසුන් මැරීම සීමා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම සීමා නොකළ ප්‍රදේශ වලට ජෛව ස්කන්ධය සහ එක් එක් මසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල විය. ලෝකයේ දැනට තිබෙන කොරල් පර වලින් 60% ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමට මුහුණපා ඇති බව ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් ගිණිකොණ ආසියාවේ කොරල් පරවල බලපා ඇති තර්ජනය අති මහත්ය. එමනිසා එම කොරල් පරවලින් 80% ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇත . කොරල් කේ. කවුන්ටර්පාර්ට් වැනි සංවිධාන සහ දකුණු පැසිපික් කලාපීය ජනතාවගේ පදනම කොරල්පර/ කොරල් පර වළල්ල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති නූතනයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් පැලෑටි ප්‍රචාරණය යන සරල ක්‍රමය භාවිතා කරයි. පැක්ටිකල් ඇක්ෂන් වැනි අනිකුත් සංවිධාන කොරල් පර ප්‍රතිසංස්කරණ කටයුතු කෙසේ සංවිධානය කළ යුතුද යන්න පිළිබඳව තොරතුරුමය ලේඛනයක් මහජනයා වෙත නිකුත් කර තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කොරල්_පර&oldid=318230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි