වෙරළබඩ කලාප

විකිපීඩියා වෙතින්
(වෙරළ බඩ කලාප වෙතින් යළි-යොමු කරන ලදි)
ආජන්ටිනාවේ බුවනෝස් අයිරිස් ප්‍රදේශයෙහි වෙරළබඩ කලාප වලන වැලි කඳු

වෙරළබඩ යන්නෙන් අදහස් වන්නේ සමුද්‍රයක හෝ මුහුදක මුහුදු තීරුවක් වන අතර විශාල මෝයක ඇළක හෝ ගංගාවක ඉවුරු ප්‍රදේශයයි. මෙය සාමාන්‍යයෙන් නාම විශේෂණයක් ලෙස භාවිතා කලද නාම පදයක් ලෙසද ඇතැම් අවස්ථා වලදී භාවිතයට ගැනේ. වෙරළබඩ කලාප කලාතුරකින් ජලයෙන් යටවෙන ඉහල ජල මට්ටමේ සිට නිරන්තරව ජලයේ ගිලි පවතින වෙරළ සිමාව දක්වා දිවේ. මේ සඳහා අන්තර් උදම් සහ උප වෙරළබඩ කලාප අයත් වේ. වෙරළබඩ කලාප හෙවත් Littoral යන වදන ගොඩ නැගි ඇත්තේ ලතින් භාෂාවෙන් වෙරළ යන තේරුම ඇති Litus, Litoris වදනෙනි.

උදම් රැලි නො‍පෙනිය හැකි තරම් කුඩා ජලාශ වලද වෙරළබඩ යන්නෙහි වෙනත් අර්ථ කථනයන් භාවිතයට ගත යුතුය. ස්වාභාවික සම්පත් සඳහා වු මින සෝටා දෙපාර්තමේන්තුවෙහි අර්ථ දැක්වීම් වලට අනුව වෙරළබඩ යන්නෙහි තේරුම අඩි 15 ට වඩා අඩු ගැඹුරකින් යුක්ත ජලාශයක කොටසක් යන්නයි. මෙය බොහෝමයක් ජලාශ්‍රිත ශාක ප්‍රජාවන්ට වාසස්ථාන සපයයි. මෙයට හේතුව වන්නේ ඉහළ ප්‍රමාණ වලින් මෙම ජලාශ වලට ලැබෙන සුර්යයා ලෝකය නිසා එහි කැපිපෙනෙන ලෙස ශාක වලට ප්‍රභසෙංස්ලේශණය සිදුකල හැකි බැවිනි.

ජලයට ආසන්නයේ පිහිටීම නිසා වෙරළබඩ කලාප වලට එයටම ආවේනික වු ලක්ෂණ සමුහයක් පිහිටා ඇත. මෙකි ජලයෙහි විකාදන හැකියාව නිසා විශේෂ ආකාර වල වැලි කඳු සහ පුනිල මෝයවල් නිර්මාණය වී ඇත. මුහුදු වෙරළ හරහා වෙරළබඩ කලාපයෙහි මෙකි ස්වාභාවික ගමන් කිරීම වෙරළබඩ ප්ලාවිතය නම් වේ. ජෛව විද්‍යාත්මක වශයෙන් ජලයෙහි සුලභ පැවැත්ම නිසා මෙකි ප්‍රදේශ වල ශාක සහ සත්ව ප්‍රජාවෙහි විශිෂ්ඨ විවිධත්වයක් පවති. ඊට අමතරව ජලය වාශ්ප වීම මගින් ඇති කරන ආර්ද්‍රතාවය නිසා‍ ඇති කරන ශුද්‍ර කාලගුණික තත්ත්වය විශේෂ ආකාර වල ජීවින්ගේ වර්ධනයට උපකාර සපයයි.

වෙරළබඩ කලාපය අධිතීරස්ථ කලාපය හෙවත් spray Zone හා මහද්වීපික පෘෂ්ඨයෙහි කෙලවර දක්වා දිවෙන උපතිරස්ථ කලාප අතර පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වෙරළබඩ_කලාප&oldid=529201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි