පසළොස්වක
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙනත් භාවිතා සඳහා, පසළොස්වක (වක්‍රෝත්තිහරණය) බලන්න.
9.25 අඟල් ෂ්මිට්ඩ්-කැසිග්‍රේන් දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක සඳෙහි ඡායාරූපයක්.
පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
ආගමික වැදගත්කම[සංස්කරණය]
විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.