කුමාරතුංග මුනිදාස මාවත

විකිපීඩියා වෙතින්

කුමාරතුංග මුනිදාස මාවත (පෙර තර්ස්ටන් පාර) ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටා ඇති පාරකි. කුරුඳු වත්තේ පිහිටා ඇති මෙය ශුභ ආරංචිය පැතිරවීමේ සමාජය (Society for the Propagation of the Gospel)ට අයත් මිෂනාරිවරයෙකු වූ පූජ්‍ය J. තර්ස්ටන් නමින් නම් කර ඇත. 1970 ගණන් වල දී, එය ශ්‍රී ලාංකික කවියෙකු වූ කුමාරතුංග මුනිදාස නමින් නැවත නම් කර ඇත.

ඉන් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යායතනය (College House) විශ්ව විද්‍යාල ප්‍රධාන පරිශ්‍රය හා ක්‍රීඩා පිටියෙන් වෙන් කරන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එහි කනිෂ්ඨ ක්‍රිකට් පිටියේ බටහිර මායිම ද වේ. මෙම මාවතේ පිහිටා ඇති රජයේ ප්‍රධාන පාසල මෙම මාවතේ නමින් තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කර ඇත.

කුමාරතුංග මුනිදාස මාවතේ පිහිටි ස්ථාන අතර ඉන්දියා හවුස් නිල නිවස,[1] සයිෆී විලාව, උපාලි විජේවර්ධනට අයත්ව තිබූ ජෙෆ්රි බාවා සැලසුම් කළ නිවස (කඩා දමා ඇති) සහ ෆ්ලවර් ඩ්‍රම් චීන අවන්හල වේ.

කුමාරතුංග මුනිදාස මාවත, මල් පාර හා රාජසේකර මාවත අතර සන්ධියේ තිබූ වටරවුම, 2006 දී කුමාරතුංග මුනිදාස මාවත එක්-පසෙකට මාවතක් කළ පසුව ඉවත් කරන ලදී. විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මෙම සන්ධියේ පිහිටා ඇත. 1980 ගණන් වල පසු බාගයේ සිට මෙම ගොඩනැඟිල්ල සහ එහි භූමිය තුළ ශ්‍රී ලංකා සන්නද්ධ බලකා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය (JOC) පිහිටා ඇත. 1991 දී, LTTEය විසින් JOC ඉලක්ක කර ගනිමින් පුපුරන ද්‍රව්‍ය පුරවන ලද වෑන් රථයක් මඟින් මරාගෙන මැරෙන  ප්‍රහාරයක් එල්ල කරන ලදී.[2][3]

යොමු[සංස්කරණය]

  1. "High Commission of India". Hcicolombo.org. සම්ප්‍රවේශය 2012-09-29.
  2. When and why high-profile investigations fail
  3. My journey with Anton, Adele Balasingham and Yogi in 1991