කැලණිය රජමහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කැළණි විහාරය.

කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය ‍යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.

ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.

මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ සිංහාසනයක් [තහවුරු​ කරන්න]නිධන් කොට කැලණියෙ ස්ථූපය ඉදිකරවා තිබේ.

කෝ‍ට්ටේ යුගයේදී විහාරය සමෘධිමත්ව පැවති නමුදු පෘතුගීසි අධිරාජ්‍ය සමයේදී ඊට අයත් විශාල භූමි ප්‍රමාණයක් රාජසන්තක කරන ලදී. කෙසේ වෙතත් ලන්දේසි අධිරාජ්‍යය යටතේ පන්සලට නව ඉඩම් තෑගි ලෙස ලැබුණු බව පැවසේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ විහාරය යලි ගොඩනංවන ලද අතර විසිවන සියවස මුල බාගයේදී හෙලේනා විජේවර්ධන ළමාතැනීගේ උදවු ඇතිව විහාරය තව දුරටත් පිළිසකර කරවන ලදී.

බාහිර සබැඳුම් [සංස්කරණය]