ඕ‍සෝන් වියන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ඕසෝන් වියන, ස්ථර ගෝලය තුල වියනක් ලෙස ක්‍රියා කරමින් සුර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පෘථ්‍ර්‍විය මත ජිවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරයි.

ඕසෝන් වියන.

පටුන

[සංස්කරණය] ඕසෝන් වායූව

  1. ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජන් (O) පරමාණු තුනකිනි (O3).
  1. ඕසෝන් වායුව මිනිස් ශ්වසන පද්ධතියට හානිකර වායු දුෂකයකි.
  1. සමස්ථ වායු පරිමාවෙන් 0.0000007% ක් ඕසෝන් වායුවයි.
  1. ස්වාභාවික වායු කලාපයේ O3 පිහිටා ඇත්තේ ස්ථර ගෝලයක් ලෙසය. ඵය පොළව මතුපිට සිට 20Km හා 50Km අතර දුර ප්‍රමාණයක පිහිටා ඇත.
  1. දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.


[සංස්කරණය] ඕසෝන් වියනේ සමතුලනය.

ඕසෝන් සමතුලනය..jpg

ඉහළ වායු ගෝලයේ ඇති ඔක්සිජන් අණු හිරු වෙතින් එන පාරජම්බුල කිරණ (UV-C) සමග ක්‍රියා කර අධික ශක්තියකින් යුත් මුක්ත ඛණ්ඩක (ඔක්සිජන් පරමාණු) බවට බිඳ හෙළයි.මෙලෙස සෑදුනු එක් මුක්ත ඛණ්ඩක ඔක්සිජන් පරමාණුවක් තවත් ඔක්සිජන් අනුවක් සමග ක්‍රියා කර ඔක්සිජන්පරමාණු තුනකින් යුත් ඕසෝන් අනුවක් සාදයි. එමෙන් ම මෙලෙස සෑදෙන ඕසෝන් UV-B නැමති කිරණ සමග ක්‍රියා කරමින් ඔක්සිජන් මුක්ත ඛණ්ඩක හා ඔක්සිජන් අණුවක් සාදයි. මෙලෙස ඕසෝන් නිපදවීමට හා බිඳ හෙළිමට UV කිරණ (Ultra Violet/අධෝරක්ත කිරණ) හේතු වේ.

3O2 (g) «--» 2O3

[සංස්කරණය] ඕසෝන් වල කාර්ය.

ස්වාභාවික ඕසෝන් වියන'

ඕසෝන් ස්ථරය ඇති විම හා පෘර්‍ථවිය මත ජිවය ආරම්භ විම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් පමණ වනතුරු වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි[උපුටාදැක්වීම අවශ්‍යයි]. එම නිසා ජිවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජිවය පැමිණිමට නොහැකි විය.ඵබැවින් ජිවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු .කොටස් වලටය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් ඵම කලාප ද ජීවය රහිත කලාප විය. ප්‍රභාසංශ්ලේශණය කර ආහාර නිපදවන ජිවින් බිහි වුයේ වසර මිලියන 600කට පෙරය.ඵහිදි ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය.මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වි අහිතකර පාරජම්බුල කිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය.මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු විමත් සමඟ භූ තලය පුරා ජිවය ව්‍යාප්ත විය.මේ අනුව වැඩිපුර ඔක්සිජන් නිපදවිම තුලින් ජිවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.ඕසෝන් වියන පෘථිවිය මත ජිවියා රකින පළිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත.

[සංස්කරණය] ඕසෝන් ක්ෂය වීම.

ඕසෝන් සිදුරක්

01.1970 දි නයිට්‍රජන් ඔක්සයිඩ් මගින් ඕ‍සෝන් වියන විනාශ විය හැකි බව මුලින් ම අනාවරණය විය.

02.1974 දි ක්ලෝරෝෆ්ලූරෝකාබන් (CFC) මගින් ඕසෝන් අණු විනාශ වන බව හෙළි විය.

03.1985 දි ඇන්ටාක්ටිකාවට ඉහළ අහසේ ඕසෝන් වායුව තුනි වී සිදුරක් නිර්මාණය වී ඇති බව අනාවරණය විය.

04.2003 වසරේදි ඇන්ටාක්ටිකා අහසේ සිදුර වාර්තාගත ඉහළම විශාලත්වයට පැමිණ ඇත.ඵය වර්ග කිලෝමිටර මිලියන 29 ක් විය.

(ඕසෝන් සිදුරක් යනු, වායු ගෝලයේ යම් ස්ථානයක සමස්ත ඕසෝන් කුළුනේ ඕසෝන් වායු ඝනත්වය ඩොබ්සන් ඒකක DU 220ට අඩු වු ප්‍රදේශයකි.)

[සංස්කරණය] ඕසෝන් සමතුලනය බිදලන හානිකර ද්‍රව්‍ය භාවිතය.

ඕසෝන් නොමැති ලොව..jpg
ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්.(CFC) මෙතිල් බ්‍රෝමයිඩ්.(MeBr) කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්.(CTC) මෙතිල් ක්ලෝරෆෝම්
ශිතකරණ හා වායු සමීකරණ භාවිතයේදි. පළිබෝධනාශක භාවිතයේදි. ගිනි නිවන උපකරණ භාවිතයේදි. පිරිසිදු කාරකයක් ලෙස.
සුවඳ විලවුන් භාවිතයේදි. පුස්තකාල ධුමකරණයේද්. ද්‍රාවකයක් හා පිරිසිදු කාරකයක් ලෙස.
තින්ත භාවිතයේදි.
පළිබෝධනාශක ඉසින කාරකයන් ලෙස.
ෆෝමින් වර්ග නිෂ්පාදනයේදි.



[සංස්කරණය] ඕසෝන් ස්ථරය වියැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සෞඛ්‍ය හා පාරිසරික ගැටළු.

01.පාරජම්බුල කිරණ නිසා සම වියලිම,රැළි වැටිම,සම පිළිස්සීම හා සමේ පිළිකා ඇති විම.

02.ඇසේ සුද ඇති විම හා ඇස් අන්ධ විම.- ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වර්ෂයකට මිලියන 12-15 අතර ප්‍රමාණයක් ඇසේ සුද ඇතිවිම් වාර්තා වේ.මින් 20%ක් සිදු වන්නේඅධික සුර්යාලෝකයට ඇස් නිරාවරණය විම නිසා ය.

03.මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණිම.

04.ජාන විකෘති විම් හා ඵ් ආශ්‍රිත පිළිකා වර්ධනය විම.- මිනිසාගේ මුලික ගති ලක්ෂණ තිරණය කරන්නේ ජාන යි. ජාන සෑදි ඇති න්‍යෂ්ටික අමිල හා ප්‍රෝටීන් පාරජම්බුල කිරණ වලට සංවේදි වේ.

05.ඕසෝන් ස්ථරය තුනී විමෙන් පහළ වායු ගෝලයට පාරජම්පුල කිරණ පැමිණ ඵහි ඕසෝන් නිපදවිම සිදු වේ. පහළ වායු ගෝලයේ ඇති ඕසෝන් මිනිසාගේ ස්වසන පද්ධතියට අහිතකරය.

06.ශාක ප්ලවාංග විනාශ වේ.-මිහිතලය උණුසුම් විමත්,ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල විමත් සිදු වේ.

07.මත්ස්‍ය හා උභය ජිවින්ට හානි පැමිණේ.- ‍‍ජෛව විවිධත්වයට හානි පැමිණේ.

08.CFC හා වෙනත් ඕසෝන් විනාශකාරි වායුන් ප්‍රබල හරිතාගාර වායුන් වේ.

09.භෝගල වල ඵලදාව අඩු විම හා ශාක වර්ධනය හීන වීම සිදු වේ.

10.පාරජම්බුල කිරණ හා හරිතාගාර ආචරණය යන දෙකම ඵකතු වී ‍ජෛව භූ රසායනික ක්‍රියාවලිය වෙනස් වේ.

11.ගෝලීය දේශගුණික රටාව තුල විශාල වෙනසක් සිදු වේ.

[සංස්කරණය] ඕසෝන් වියන රුක ගැනිම උදෙසා ලෝක දායකත්වය.

01.1976-ඵක්සත් ජාතින්ගේ පාලක සභාවේ දි ඕසෝන් ස්ථරය විනාශ වීමේ ගැට්‍ළුව මුල් වරට සාකච්ජාවට ගෙන ඵන ලදි.

02.1977-ඵක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එක්ව ඕසෝන් ස්ථරය පිළිබද සම්බන්ධීකරණ කමිටුව පිහිටුවන ලදි.

03.1981-ඕසෝන් ස්ථරය පිළිබද ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කර ගැනිම සදහා මූලික සාකච්ජා ඇරඹිණි.

04.1985-වියනා සමුළුව පිහිටු විය.(අරමුණ වුයේ ඕසෝන් ස්ථරය ක්ෂය වීමෙන් මානව සෞඛ්‍යට හා පරිසරයටඇති වන අහිතකර බලපැම වලින් ආරක්ෂා වීමයි. රටවල් 185ක් අත්සන් තබන ලදී.)

05.1987-මොන්ට්‍රියල් සමුළුව.(අරමුණ වූයේ ඕසෝන් වියනට හානිකර ද්‍රව්‍ය පිළිබඳ සීමා පැනවීමයි.රටවල් 184ක් අත්සන් තබා ඇත.)


[සංස්කරණය] ඕසෝන් හානීකර ද්‍රව්‍ය වලට ආදේශක ද්‍රව්‍ය.

CFC වෙනුවට-

  1. ශීතකරණ වලදී හයිඩ්‍රොෆෝලෝරෝ කාබන්(HFC-134a) ,ඇමෝනියා භාවිතය
  1. ෆෝමින් නිෂ්පාදනයේදි හයිඩ්‍රොක්ලෝරෝ‍ෆ්ලෝරෝ කාබන් (HCFC) භාවිතය.
  1. ඉසිනකාරක ලෙස හයිඩ්‍රොකාබන් භාවිතය
  1. ඇසුරුම් කාරක වලදී ඍජුෆෝ වෙනුව‍ට ස්වාභාවික ඇසුරුම් භාවිතය.

ගිනි නියන උපකරණ වලදි

  1. CO2 ,ජලය හා නිෂ්ක්‍රිය වායු භාවිතය.

ද්‍රාවක ලෙස ආදේශක ඕසෝන් භාවිතය.

මෙතිල් බ්‍රොමයිඩ් වෙනුවට කෘෂිකර්මාන්තයේදි

  1. සමෝධානිත පළිබෝධ කළමණාකරණය.
  1. සුර්යතාපනය.
  1. ඕසෝන් හිතකාමි පළිබෝධනාශක(මෙටාම් සෝඩියමි,ඩැසෝමේට්) භාවිතය.

[සංස්කරණය] ඕසෝන් වියන සුරුකිමේ ශ්‍රි ලංකාවේ ප්‍රයත්නය.

1.1989 දෙසැම්බර් මස වියනා සම්මුතියට හා මොන්ට්‍රියල් සන්ධානයට ශ්‍රි ලංකාව අත්සන් තබන ලදී

2.1994 ජුලී මස පරිසර අමාත්‍යංශය යටතේ ජාතික ඕසෝන් ඒකකය පිහිටුවිම.

3.2004 වර්ෂය ජාතික ඕසෝන් වසර ලෙස නම් කිරිම.

4.ඕසෝන් අහිතකර ද්‍රව්‍ය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කිරිම.

  • CFCසහිත හෝ CFC වලින්ක්‍රියාත්මක වන ශිතකරණ හා වායු සමීකරණ ආනයනය සපුරා තහනම් කිරිම.
  • 2008-01-01 සිට සහ CFC හෙලෝන් ආනයනය සපුරා තහනම් වේ.
  • 20010-01-01 සිට කාබන්ටෙට්රො ක්ලෝරයිඩ් ආනයනය තහනම් වේ.
  • 20015-10-10 සිට මෙතිල් බ්‍රොමයිඩ් හා මෙතිල් ක්‍ලෝරෆෝම් ආනයනය සපුරා තහනම් වේ


5.CFC-12 වර්ගයේ රසායනික ද්‍රව්‍ය භාවිතා කර සුවඳ විලවුන් නිෂ්පාදන ආයතන වලට ඕසෝන් හිතකාමි තාක්ෂණය හදුන්වා දීම.

6.1997 දී CFC එකතු කිරිමේ හා ප්‍රතිශක්තිකරණ ජාතික වැඩපිළිවෙල ආරම්භ කිරිම.

7.2001දී ‍මොන්ට්‍රියල් සන්ෂානය 13 යන රුස්විම කොළඹදි පැවැත්විම.

8.පරිසර අමාත්‍යංශය හරගා ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය වැඩහටහන් ක්‍රියාත්මක කිරිම.(මොන්ට්‍රියල‍් ඒකකය වැදගත් වේ.)

  • කාර්මිකයන් පුහුණු කිරිම-ශිතකරණ අලුත්වැඩියා කරන අය ඔසෝන් . හිතකර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණු කිරිම,පුහුණු කරන්නන් පුහුණු කිරිම.(2002 හා2003 වසර වල ශ්‍රී ලංකාව පුරා වැඩමුළු 15ක් පැවැත්වීය.)
  • ඕසෝන් වියන සුරැකිම සම්බන්ධ විවිධ උපකරණ කටිටල කෑගල්ල කාර්මික විද්‍යාලටට හා විශ්ව විද්‍යාල වලට ලබා දීම.
  • රේගු නිළධාරීන් පුහුණු කිරීම.(ඕසෝන් අහිතකර ද්‍රවය ආනයනය සම්බන්ධව)
  • කර්මාන්තවලට ආධාර ලබා දිම. (ශීතකරණ ඒකක ඕසෝන් හිතකාමි වායු වලට පරිවර්තනය කිරීමට)
  • තේ වගාවට යොදා ගන්නා මෙතිල් බ්‍රෝමයිඩ් වෙනුවට පස හිරැ තාපයට ලක් කිරීමයි.


[සංස්කරණය] ඕසෝන් වියන සුරැකීමේ සාමූහික ප්‍රයත්නයේ සාර්ථකත්වය.

1. ඕසෝන් ක්ෂය වීමේ වේගය දශකයකට 8% සිට 4% දක්වා වීම

2. ඕසෝන් ස්ථරය යථා තත්ත්වයට පත් වීම තව වසර 50 කින් පමණ සිදු වේ යයි විශ්වාස ‍කිරීම.

3.‍ඕසෝන් වියන රැක ගැනීමට දායක නොවු‍යේ නම්,

  • 2050 වන විට උතුරු අර්ධ ගෝලයේ ඔසෝන් මට්ටම අද මෙන්50%කින් වර්ධනය විය හැකිව තිබුණි.දකුණු අර්ධගෝලයේ අද මෙන් දශ ගුණයකින් වැඩි විය හැකිව තිබුණි.
  • පෘථිවිය මතට එන UV කිරණ දෙගුණ වේ.
  • ඕසෝන් හානි කර ද්‍රවය වර්තමානය මෙන් පස් ගුණයකින් ඉහළ යයි.

මේවායේ ප්‍රතිඵල ලෙස,

  • ඇසේ සුද මතුවිම අදට වඩා මිලියන 130කින්ද,
  • චර්ම පිළිකා මිලියන 1.5කින්ද,වෙනත් පිළිකා මිලියන 19කින්ද ඉහළ යා හැකිව තිබුණි.

ඕසෝන් අහිතකර රසායනික ද්‍රව්‍ය 96 භාවිතයෙන් ඉවත් කිරිමට පියවර ගැනිම .1996 දී ටොන් මි.1.1 වු CFC,2001 වන විට ටොන් 1100කට අඩු විය.මෙය 2010 දී ටොන් මි.3කින්ද,2060 දී ටොන් මි.8කින්ද අඩුවිමට ඉඩ ඇත.


[සංස්කරණය] වර්තමානය වන විටත් පවතින අභියෝග.

1.ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2006දි පවසන්නේ ඕසෝන් වියන යථා තත්වයට පත් විමට ගත වන කාලය අවුරුදු 50 කට වඩා වැඩි විය හැකි බවයි.

2.මොන්ට්‍රියල් සමුළු‍වේ සංශෝධන නීතිගත කිරිමේදී හා ක්‍රියාත්මක කිරිමේදි ඇතිවන බාධා.

3.තවමත් රටවල් 11ක් මෝන්ට්‍රියල් සංධානය නීතිගත කර නොතිබීම.

4.සිර දඩුවම් ,දඩ මුදල් පැනවුවත් ඕසෝන් අහිතකර ද්‍රවය වෙළදාම තවමත් සිදුවීම

5.දියුණු වන රටවල අහිතකර රසායන ද්‍රවය අවසන් කීරිම නියමිත පරිදි සිදු නොවිම.හෙලෝන් නිෂ්පාදනය 1994 දීඅවසන් කර ද තවමත් වායු ෙගා්ලයට එක් වීම.

6.ඕසෝන් අහිතකර ද්‍රවය දියුණු රටවලින් ඉවත් කර දියුණු වන රටවලට එවිම.

7.මෙතිල් බ්‍රොමයිඩ් භාවිතය තවදුරටත් සිදු වීම.

8.CFC වෙනුවට හදුන්වා දුන් හයි‍ඩ්‍රොක්ලෝරෝ කාබන් ප්‍රබල හරිතාගාර වායුවක් වීම.


[සංස්කරණය] පින්තූර

[සංස්කරණය] ආශ්‍රිත ග්‍රන්ථ

"ඕ‍සෝන් ", (2006),ඕසෝන් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය,කොළඹ.

[සංස්කරණය] මේවාත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු.

  1. ඕසෝන් ස්ථරය
  1. ඕසෝන් ක්‍ෂයවීම
  1. ඕසෝන් ස්ථර ආරක්‍ෂණය
  1. ඕසෝන්
  1. ඕසෝන් පිළිබඳ
"http://si.wikipedia.org/w/index.php?title=ඕ‍සෝන්_වියන&oldid=205652" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්