ආක්ටික් කලාප‍යේ උණූසුම

විකිපීඩියා වෙතින්

ආක්ටික් කලාපය යනු ශීත කාලයේදි හිරැ නොනගින හා ග්‍රීෂ්මයේදි හිරැනොබසින පෘථිවියේ උත්තරධ්‍රැවය හා ආශ්‍රිත ප්‍රදේශයකි.බොහෝ විට අයිස් හා හිමෙන් වැසී ඇති මෙම ප්‍රදේශය පෘථිවිය උණුසුම් විම කෙරෙහි ඉතාම සංවේදීය.ආක්ටික් කලාපයේ පවතන අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරමෙහිලා ඉතා වැදගත්ය.එනම් පෘථිවි පෘෂ්ඨයට වැටෙන හිරැ කිරණ බොහෝමයක් පරාවර්ථනය කිරීමේ හැකියාවක් මෙම අයිස් තට්ටුවලට ඇත.පර්යේෂණවලින් පෙන්වාදෙන ආකාරයට ආක්ටික් කලාපය අනෙකුත් ප්‍රදේශයන්ට වඩා දෙගුනයක උෂ්ණත්වය වැඩි වීමක් පෙන්නුම් කරයි.එයට හේතුව අයිස් දියවීමෙන් මතුවන අදුරු පොළෝතලය අධික ලෙස සූර්ය තාපය උරා ගැනීමයි.ආක්ටික් කලාපය උණුසුම් වීමට බලපාන අනෙක් කාරණය නම් එම කලාපයට ලැබෙන වැඩිපුර ශක්තිය, කලාපය උණුසුම් කිරීමට බලපායි.

මේ ආකාරයට උණුසුම් වන ආක්ටික් කලාපය නිසා එහි බලපෑම් රැසකි. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය,දෙගුණයකින් ඉහළ යාමට එය හේතු වේ.මේ නිසා හිම සෘතුව ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ග්ලැෂියර් හා සාගර,අයිස් තට්ටුව නිරන්තර දියවීමට ලක් වෙනු දැකිය හැක.

ග්ලැෂියර් හා අයිස් දියවීම සාගර මට්ටම ඉහළ ගෙන යන අතර දියවැල්වල ක්‍රියාකාරිත්වය වෙනස්වීම නිසා ලෝකයේ දේශගුණික වෙනස්කම් සිදු විය හැකි බැව් එම වාර්තා පෙන්වා දෙයි.සාගර අයිස් තට්ටු දිය වීම ක්‍රමයෙන් තුරන් විය හැකි බවට ද අනාවැකි පළවේ.

සාගර ජලමට්ටම ඉහළ යාමත් සමඟ වෙරළ ඛාදනය වර්ධනය විය හැකි අතර කුනාටු ඇති වීමද නිරන්තරයෙන් අත්විදිය හැකි බැව් පැවසේ.ආක්ටික් ප්‍රදේශයේ සාගර අයිස් තට්ටුව අඩුවීමෙන් එම කලාපයේ ස්වාභාවික සම්පත් ගවේෂණය වර්ධනය වන අතර නාවික ක්‍රියාවලීන් වර්ධනය වේ.ස්වාභාවික සම්පත් හා කැනීම් වැඩි වීමත් සමඟ ඇති කෙරෙන යටිතල පහසුකම් හේතුවෙන් තවදුරටත් අයිස් දිය වීම සිදුවේ.

වසර 1979 සිට 2002 වන විට ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව 16% කින් අඩුවී ඇත.මෙලෙස සාගරයට එක්වන මිරිදිය නිසා සාගර ජලයේ ලවණ සාන්ද්‍රණය සැලකිය යුතු මට්ටමකින් අඩුවිය හැක.එය ලෝකයේ දේශගුණික විපර්යාස තවදුරටත් වර්ධනය කිරීමට දායක වන්නාවූ ප්‍රධාන හේතුවක් වනු ඇත

උෂ්ණත්වය වැඩිවත්ම අයිස් දියවී පෘථිවි පෘෂ්ඨය මතු වී ඒ මත ශාක වර්ධනය වීමේ ඉඩකඩ ඇති බැවින් ආක්ටික් කලාපයේ වනාන්තර ඇති විම කෙරෙහි එය බලපෑ හැක.මෙම ක්‍රියාවලිය මගින් ලෝකයේ කාබන් චක්‍රය වෙනස් වීමේ හැකියාවක්ද මතුවන බැව් තවදුරටත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

මෙසේ සිදුවන ආක්ටික් කලාපයේ උණුසුම් වීම පිළිබඳව දිගින් දිගටම අධ්‍යන සිදුවන මුත් එම වෙනස් වීම් නවතාලීමට හැකිද යන්න පිළිබඳවද තවදුරටත් කිසිඳු පියවරක් ගෙන නොමැත.ඒ පිළිබඳව අවධානයක් නොතිබීම විශාල අනතුරක් අතළඟ යැයි අවධානමක් පවති.

ගොනුව:Gla.jpg

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

පෘථිවිය උණුසුම් වීම