පෘථිවිය උණුසුම් වීම

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
Global mean surface temperature anomaly relative to 1961–1990
Global mean surface temperature anomaly relative to 1961–1990
 
Mean surface temperature anomalies during the period 1999 to 2008 with respect to the average temperatures from 1940 to 1980
Mean surface temperature anomalies during the period 1999 to 2008 with respect to the average temperatures from 1940 to 1980


Globwarm ttl.jpg
ෙගා්ලීය උණුසුම් වීම

2003 වර්ෂයේ ගීෂ්ම සෘතු‍වේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්‍රිතාන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25). හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්‍වයෙන් මිය ගිය ප්‍රමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25). ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්‍වය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්‍රංශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්‍ය තත්‍වයක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.

දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්‍රදේශ වලට පවා සංක්‍රමණය වන අතර එමගින් මැලේරියාව සහ ‍ඩෙංගු රෝගය වැළදීම සීඝ්‍රයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ‍ඩෙංගු වඩාත් ව්‍යාප්ත වීම නිසා මිය ගිය සංඛ්‍යාව එක් ලක්‍ෂ පණස් දහසකි. ගෝලීය උෂ්ණත්‍වය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්‍රමණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්‍රමාණයක වෙසෙන මිලියන 50ක් ‍ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි) ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්‍වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්‍වයන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු දූෂණ නිසා දරුණු රෝගී තත්‍වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්‍වයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්‍වය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්‍ර වීමේ ලක්‍ෂණ ‍බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ. ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්‍වයේ වැඩි වීම් ප්‍රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිතයි.

වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්‍වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.

පටුන

[සංස්කරණය] සත්‍ව සංහතියේ අනාගතය

හිම වලසා
ෙපන්ගුයින්

2004 වර්ෂයේදී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආඤාර්්‍ය ක්‍රිස් තෝමස් විසින් ගෝලීය උණුසුම සහ වන ජීවීන් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසු 'Nature' නැමති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ පවසා ඇත.

"වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්‍වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්‍ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත"

ගෝලීය උණුසුම මිනිසාට පමණක් නොව සත්‍ව සංහතියටද බලපාමින් තිබේ.

  • ලෝක ඉතිහාසය පරිණාමයේදී වරින් වර ඇති වූ උල්කාපාත වැටීම
  • ආහාර ප්‍රමාණයන් මඳ වීම
  • වෙනත් පාරිසරික විපර්යාස

නිසා ලොව සිටි විශාල උරගයින් සහ සිවුපාවන්ද වඳ වී ගිටහ. වර්තමානයේදී එවැනිම තත්‍වයක් ඇති වෙමින් තිබේ.

1980දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් දකුණු දෙස සිට උතුරට සංක්‍රමණය වූ අතර 1990 වන විට ඔවුන් පදිංඤි වී සිටි පෙදෙස මුලින් සිටි කලාපයට වඩා සැතපුම් 12 ක උසකින් වැඩි බව හෙළි විය. 1999 දී කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට ඊට පෙර එම කලාපයේ නොසිටි කුරුළුවර්ග සංක්‍රමණය වී පැල පදියම් වූහ. මේ පිළිබඳව පර්යේෂණයක් කල විද්වතුන්ට අනාවරණය වූයේ මෞ නිජබිම වෙනස් වීම ගෝලීය උණුසුම් වීමේ ප්‍රථිඵලයක් බවය. කුරුල්ලන්ට අමතරව ලෙඩ රෝග ඇති කරන මදුරුවන් ඇතුළු වෙනත් කෘමීන්ද මෙලෙස වබා උස් බිම් වලට ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇත.

මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන ද්‍රැව වලසා හෙවත් හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්‍රජනන ක්‍රියාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්‍යයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්‍රයද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්‍වයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්‍ව විශේෂ 100 සිට 200 ක් අතර ප්‍රමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ පක්‍ෂ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්‍වයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්‍ව විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්‍රථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක.

ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්‍රදේශ ලෙස හඳුන්වන උත්තර ධ්‍රැවයට ආසන්න ඇලස්කාව වැනි ප්‍රදේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද, තුන්ද්‍රා, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්‍වය වැඩි වීම මධ්‍යම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්‍රිතව ද්‍රැව ප්‍රදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්‍ෂයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය.

සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ‍මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි.

[සංස්කරණය] මේ අඩවියත් බලන්න

[සංස්කරණය] Further reading

[සංස්කරණය] External links

Find more information on පෘථිවිය උණුසුම් වීම by searching Wikipedia's sister projects:

Wiktionary-logo-en.png Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

සැකිල්ල:EnergyPortal

Scientific
Educational
Other