එඩියුලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


එඩියුලංකා ආයතනය
ස්ථාපිතය 2007-05-15
ප්‍රාරම්භක(යන්) සතිස්ක උදයංග
මූලස්ථානය වැලිමඩ
කර්මාන්තය අන්තර්ජාලය
වෙබ්අඩවිය නිල වෙබ් අඩවිය
ප්‍රධාන වෙබ් අඩවිය
EduLanka Online education web site as at 2012-5-27.jpg
eduLanka
URL www.edulanka.lk
අඩවි වර්ගය ඔන්ලයින් අධ්‍යාපනය
අඩංගුභාෂා(ව) සිංහල, දෙමළ, ඉංග්‍රීසි
අයිතිකරු Sathiska
දැනට තත්‍වය පවතී
සිංහල වෙබ් අඩවිය
Edulanka sinhala web.jpg
එඩියුලංකා
URL එඩියුලංකා.ලංකා
අඩංගුභාෂා(ව) සිංහල
දැනට තත්‍වය පවතී


දෙමළ වෙබ් අඩවිය
Edulanka tamil web.jpg
எடியுலங்கா
URL எடியுலங்கா.இலங்கை
අඩංගුභාෂා(ව) දෙමළ
දැනට තත්‍වය පවතී

එඩියුලංකා ලෙසින් හදුන්වන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන විශාලතම අධ්‍යාපන [1] සහ විශාල පිරිසක් දෛනිකව සේවා සහ තොරතුරු ලබාගන්නා [2] වූ ඔන්ලයින් අධ්‍යාපන සේවාව වේ. මෙහි ප්‍රධානතම නිර්මාණය එඩියුලංකා ලෙසින් ත්‍රි භාෂා මගින්ම සේවා ලබා දෙන වෙබ් මුහුණතයි. මෙහි ඉංග්‍රීසි නාමය edulanka ද සිංහල නාමය එඩියුලංකා ද දෙමළ නාමය எடியுலங்கா ද වේ. එඩියුලංකා සිය සේවාව ලබාදෙනුයේ මුදලක් අයකිරීමෙන් තොරවය. එඩියුලංකා සංකල්පය බිහිවූ කාලය ලෙස 2006 වසරේ අගභාගය හැදින්විය හැකි[3] අතර ප්‍රධාන වශයෙන් සේවාව ක්‍රියාත්මක වූ දිනය ලෙස 2007 වසරේ මැයි 15 ගත හැක[4]. 2010 වසරේදී විශාල වෙනස්කම් කිහිපයකට භාජනය වූ මෙය ශ්‍රී ලංකාවට අනන්‍ය වූ වසම නාමයකින් සහ ශ්‍රී ලංකාව තුල භාවිතා වන භාෂා වසම නාමයන්ගෙන් සපිරි විය. ඉන් පසුව පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන් ඇතුලු බොහෝ දෙනාගේ [5] සහභාගීත්වයෙන් විශාල [6] ජනප්‍රිය තාවයක් ලැබීය. සාමාන්‍ය පෙළ ගණිතය [7], උසස් පෙළ විද්‍යා ගණිත [8], පරිපාලන සේවා විභාග උදවු[9], රජයේ රැකියා තොරතුරු[10]යනාදී ක්ෂේත්‍ර සදහා පළකල ලිපි සදහා ඉහල පාඨක නැරඹුම් වාර්තා විය.

මේ ගැන[සංස්කරණය]

මෙය ප්‍රධාන වෙබ් අඩවියක ශාඛාවක් සහවසම ලෙසින් ආරම්භ වී 2007 දී පමණ තනි වෙබ් අඩවියක් ලෙස නිල වශයෙන් ආරම්භ විය. 2010 වසරේදී eduLanka.lk නම් රටකට අදාල වසම නාමය ශ්‍රී ලාංකීය ඩොමේන් නාමයක් ලබාගත් අතර 2010 වසර අවසානයේදී සහ 2011 වසරේදී සිංහල සහ දෙමල වසම නාමයන් හෙවත් භාෂා වසම නාමයන් නාමයන් ලබාගැනිනි. ඇලෙක්සා වර්ගීකරණයට අනුව - 100,645 (2012-09-12) වන ස්ථානයට පිවීසීමටද හැකිවිය. එම වර්ගීකරණය අනුව සලකා බලන කල ශ්‍රී ලංකාවේ පුද්ගලයන් කරඹන ප්‍රධාන වෙබ් අඩවි 150 තුල නිරන්තරයෙන් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 3න් ම ලිපි ලබා දීම සිදුවේ.

සේවාවන්[සංස්කරණය]

එඩියුලංකා මගින් අ.පො.ස සාමාන්‍ය පෙළ පාඩම්, අ.පො.ස උසස්පෙළ පාඩම්, තොරතුරු තාක්ෂණය පාඩම්, ඉංග්‍රීසි භාෂාව පාඩම් ,විශ්ව විද්‍යාල වලට අදාල පාඩම්, පස්චාත් උපාධි පාඩම්, පර්යේෂණ සහය පාඩම් යනාදිය මූලික වශයෙන් ලබාදේ. ඊට අමතරව රජයේ රැකියා විස්තර, විභාග උදව්, පොතපත දැනුම, ගුරුවරු, ආයතන, සහ අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ තොරතුරු ලබාදේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පිහිටි පාසල් හා ටියුෂන් පන්ති පිළිබද තොරතුරු පිහිටීම සහිත සිතියම් මගින්ද ලබා දෙනු ලැබේ. මෙම කිසිදු සේවාවක් සදහා මුදල් අයකිරීමක් නොමැත.


තොරතුරු පල කිරීම[සංස්කරණය]

මෙම සේවාව වෙත අධ්‍යාපනය යන විෂයයට සම්බන්ධ ඕනෑම තොරතුරක් ඕනෑම පුද්ගලයෙකුට ලබා දිය හැකිවේ. අධ්‍යාපන පාඩම්, අධ්‍යාපන වීඩියෝ, ටියුෂන් පන්ති, ටියුෂන් ගුරුවරු සහ පාඨමාලා තොරතුරු මෙසේ ලබා දිය හැකි තොරතුරු වේ.

ත්‍රි භාෂා වසම නාම[සංස්කරණය]

භාෂා වසම නාමයන් ශ්‍රී ලංකාව තුල ආරම්භයත් සමගම සිංහල බසින් එඩියුලංකා.ලංකා ලෙසින්ද දෙමළ බසින් எடியுலங்கா.இலங்கை ලෙසින්ද රටක භාෂාවකට අනන්‍ය වූ වසම නාමයන් ලැබූ මුල්ම [11] වෙබ් අඩවි අතරටද එඩියුලංකා පැමිණේ. මෙවැනි වසම නාමයන් භාවිතය තවමත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය වී නොමැති නමුත් වෙබ් බ්‍රවුසරයන් කිපියක් මගින් මෙම ආකාරයේ භාෂා වසම නාමයන් වෙත පිවිසිය හැකිය.

මේවත් බලන්න[සංස්කරණය]

භාවිත[සංස්කරණය]

  1. ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම
  2. ඇලෙක්සා ශ්‍රී ලාංකීය ශ්‍රේණිගත කිරීම
  3. eduLanka concept
  4. eduLanka in 2007
  5. පාඨකයන් විශාල වශයෙන් භාගත කල දිවයිනේ ජනප්‍රිය සංයුක්ත ගණිත දේශකයකු විසින් පලකල ලිපි
    බෝගහකුඹුර මහ විද්‍යාලයේ ගණිත අංශයෙන් එවනු ලැබූ ගණිතාගාරය පිළිපද ලිපි
    අනුරාධපුර ගණිත ගුරුවරයෙකු වන අසේල නිශ්ශංක විසින් එවනු ලැබූ ලිපි
    දෙවිනුවර දික්වැල්ල කුමාර අබේගුණවර්ධන (Director in ICT education of Matara district) මහතා පලකල ලිපි
    නිලුපුල් ශ්‍රී සංකල්ප ගුරු මහතා විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර
    ගණිත ලිපි
    පාඨක සාකච්චා අඩංගු පිටුවකි
  6. [1]පාඨක රුචිය
  7. ගණිතය පිටුව
  8. උසස් පෙළ ගණිතය පිටුව
  9. පරිපාලන සේවා
  10. රැකියා
  11. LK Domain Registry විසින් නිවේදනය කල IDN නාම ලැයිස්තුව

අමතර ලිපි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=එඩියුලංකා&oldid=251493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි