ශිෂ්ටාචාරය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය මානව සමාජය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, බලන්න ශිෂ්ඨාචාරය (වක්‍රෝත්තිහරණය).
|
|
මෙම ලිපිය බහුවිධ වාදවිෂයයන්ට පාත්රවී ඇත. කරුණාකර එය වැඩිදියුණුකිරීමට උපකාරවීම හෝ මෙම වාදවිෂයයන් සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක්කිරීම හෝ සිදුකරන්න.
|
ගීසා නෙක්රොපොලිස්හී ගීසාහී මහා පිරමිඩය ඉදිරිපිට ඇති මහා ස්පින්ක්ස්, පුරාතන ඊජිප්තියානු ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.
ශිෂ්ඨාචාරය යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය.[1] ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.